සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයකුගේ සාර්ථකත්වයේ හදවත වන බව ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ ඊයේ 19) පැවසීය.

පුද්ගලයකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත අයකුට වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ බව පැවසුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඊයේ (19) පෙරවරුවේ පැවැති එහි 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා, රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාළිය නිරීක්ෂණය කළේය.

පාඨමාලා කාණ්ඩ 05ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් මෙහිදී විසිර ගියහ.

සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, නායකයකු ලෙස ගමන ආරම්භ කරන විට තමන් යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතු බවත්, එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බවත් පැවසීය.

මෙහිදී සිය සහභාගීත්වය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා පැළයක් ද රෝපණය කළේය. 

 
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
PR diya
 
 

 

Leader Whats app

 
 
 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

 


subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58