හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු හා ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් දෙදෙනෙකුගෙන් යුතු දේශපාලන ක්‍රියාකාරීන් කණ්ඩායමක් අද (20) එජාප මුලස්ථානය වන 'සිරිකොත'ට ගොස් රට මුහුණ දෙන අර්බුදයෙන් මිදීම උදෙසා

ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ගොඩනැගීම සම්බන්ධයෙන් එම පක්ෂයේ බලධාරීන් සමග සුහඳ සාකච්ජා පවත්වා තිබිණ.

එවන් පොදු වැඩපිළිවෙලක් සඳහා එකඟත්වය පළකරන්නේ නම් අනෙකුත් විපක්ෂ බලවේග සමග එක්ව ව්‍යුහගත සාකච්ඡාවකට පහසුකම් සැපයීමට කැපවන බවට ඔවුන් එජාප නියෝජිතයින්ට සහතික වී තිබේ.

මෙසේ අද දින එජාප මුලස්ථානයට ගොස් ඇත්තේ, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, කීර්ති තෙන්නකෝන්, අසාත් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් දෙදෙනෙකු වන ශ්‍රිරාල් ලක්තිලක සහ ගුණරත්න වන්නිනායක යි.

එම නියෝජිතයින් සමග සාකච්ජාවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන හා මහ ලේකම් පාලිත රංග බණ්ඩාර සහභාගී ඇත.

මෙම නියෝජිත කණ්ඩායම ජනවාරි 03 ද සජබ නායක සජිත් ප්‍රේමදාස සමග ද අනතුරුව හිටපු කතානායක කරු ජයසුරිය සමග ද ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.

මෙම සාකච්ජාවේදී නියෝජිත කණ්ඩායම එජාපය වෙත ඉදිරිපත්කර ලියවිල්ල පහත පළවේ.


පොදු ප්‍රතිපත්තියක් මත පදනම් වූ වැඩපිළිවෙලක් !



2021 දෙසැම්බර් 20  

මහ ලේකම්,
එක්සත් ජාතික පක්ෂය,
සිරිකොත,
පිටකෝට්ටේ.  


ප්‍රිය මහලේකම්තුමනි,

නිදහසින් පසු ලංකාව මුහුණ දෙන වඩාත්ම අභියෝගාත්මක අර්බුදය තුලින් අප රට ගමන් කරමින් ඇත. ‍මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විපක්ෂය විසින් පොදු ප්‍රතිපත්තියක් මත පදනම් වූ වැඩපිළිවෙලකට එකඟවීම අත්‍යවශය ය.


හුදු බල පෙරළියකින් පමණක් රටට සෙතක් වන්නේ නැත. එමෙන්ම බලයට පත්වන පක්ෂය හෝ කණ්ඩායමට ද සෙතක් වන්නේ නැත. ජනාධිපති අපේක්ෂකයින් සොයා ගැනීම, ජනාධිපති අපේක්ෂකයින් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් ද මීලඟ වසර තුන තුල රට මුහුණ දෙන අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැත. සමස්ත ශ්‍රී ලංකා සමාජය දේශපාලන සංස්කෘතියේ වෙනසක් අපේක්ෂා කරයි. ප්‍රකාශිත නිශ්චිත වැඩපිළිවෙලක් අපේක්ෂා කරයි.


අද අපට අවශ්‍ය අවංක, එඩිතර, ප්‍රායෝගික හා කාර්යක්ෂම දැක්මක් හා වැඩපිළිවෙලකි. ඒ සඳහා පුළුල් සාකච්ඡාවක්, අදහස් හා මතවාද හුවමාරු කර ගැනීමක් අවශ්‍ය ය.  ප්‍රශ්න හා විෂය අනුබද්ධ මාතෘකා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ගොඩනගා ගැනීමක් අවශ්‍යය.    

විපක්ෂයේ සියළු කණ්ඩායම් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිය බල මුළු තර කර ගැනීමට උත්සහ දරමින් සිටී. නමුත්, යහපාලන ආණ්ඩුව බිහි කිරීමෙන් ද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කර ගැනීමෙන් අත්කරගනු ලැබූ අත්දැකීම් පක්ෂ දේශපාලනය ඉක්මවා ගිය වෙනසක් ඉල්ලා සිටිනු ලබන්නේය.  

සමාජිකයින් බඳවා ගැනීම, සමිති පිහිටුවීම, පක්ෂ ව්‍යුහය හා යාන්ත්‍රණයන් ගොඩ නගා ගැනීම වැදගත් ය. නමුත්, එමගින් රටට ලබා දිය හැක්කේ සාම්ප්‍රදායිකව මේ දක්වා කාලයෙන් කාලයට මේ පක්ෂ විසින් සමාජයට පිරිනමමින් සිටින ‘රජය අප්‍රසාදයට පත්වීම තුලින් බලය ලබාගැනීමේ‘ උපක්‍රමයක් පමණී.  

රට හැදීමේ න්‍යාය පත්‍රයක් ඒ තුල නැත.  

අප සමගිය ලෙස දකින්නේ වැඩ පිළිවෙලේ සමගිය යි.

අප අවංක භාවය ලෙස දකින්නේ වැඩපිළිවෙලෙහි අවංක භාවය යි.

කාර්යක්ෂමතාව හා ප්‍රායෝගික භාවය අදාල වන්නේ වැඩපිලිවෙලට මිස නායක කාරකාදීන්ට නොවේ.  

අද දවසේ දේශපාලන යථාර්ථය වන්නේ එයයි. එසේ නොමැතිව ජනමධ්‍ය ඉදිරියේ සිදු කෙරෙන රංගනයන් තුලින් ජනතාව විපක්ෂය වෙත ආකර්ෂණය වන්නේ යැයි සිතීම මුලාවකි.


අද අප සිටින තැන කුමක්ද?


අද පාර්ලිමේන්තුවේ විපක්ෂය, ඉතිහාසයේ වඩාත්ම ඩ්‍රැවීකරණය වූ කණ්ඩායමයි. ඉදිරියේ දී, තවත් පාර්ශව විපක්ෂයට එක් විය හැකි අතර, බෙදීම් තව තවත් වර්ධනය වනු ඇත. කිසිදු පක්ෂයකට, පුද්ගයෙකුට පමණක් අර්බුදයක් ජයගත නොහැකි බව තවත් පාඩමකින් අප උගත යුතු නැත. වියත්මග සහ වත්මන් ආණ්ඩුව තුලින් අප ඇස් පනාපිට අත්දකිමින් ඇත්තේ එම සත්‍යයයි.


අර්බුදය මතුපිටට පෙනෙන ආකාරය :


# රටේ ආර්ථිකය කඩාවැටී රට බංකොලොත් වී ඇත. සාගතයක පෙර නිමිති සෑම තැනම පෙනේ. රට පුරා ආහා ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පෝලීම් ය. ගෑස් බෝම්බයක් වී ඇත. සපුගස්කන්ද ඉන්ධන ටැංකි හිස්ය. ගල්අඟුරු හිඟයකි. ඉන්ධන හිඟයක් අත ලඟය.


# ජාතිකත්වය, ආගම, වර්ගය මත වෙනස්ව සැලකීම මානව නිදහසේ ඛෙදවාචකයක් බවට පත්ව ඇත. නීතිඥ හිජාස් හිස්බුල්ලා, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, කවීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, උතුරේ සිදුවීම් රැසකි.


# උසස් තනතුරු සඳහා පත්කිරීම් (උදා - මහ බැංකු අධිපති ධූරය, වයඹ ආණ්ඩුකාර ධූරය වැනි) ශිෂ්ඨත්වය නිගා දෙන තත්වයකට පත්ව ඇත.


# නැනෝ යූරියා, චීන අශුචි නැව, සීනි, පොල් තෙල් වංචා දෛනික අංගයක් බවට පත්ව ඇත.


# පාර්ලිමේන්තුව සතු මුල්‍ය බලය නොතකා කටයුතු කිරීම සුලබ දෛනික ව්‍යවහාරයක් බවට පත් ව ඇත.


# නීතිපතිවරයාගේ ‘නිදොස් කොට නිදහස් කිරීමට‘ මාවත සැකසීම අධිකරණ පද්ධතියම අර්බුදයට දමා ඇත.



මේ පරිසරය තුල විපක්ෂයේ කාර්ය භාරය මුළුමනින්ම වගකීම් විරහිත තත්වයකට පත්ව ඇත.



# 1978 සිට 2019 දක්වා මානව හිමිකම් හා මර්ධනය සම්බන්ධයෙන් පොදු එකඟතාවන් මත කටයුතු කිරීමට විපක්ෂය කටයුතු කළේය. ජනාධිපති අපේක්ෂක තරඟ අද එම පොදු එකඟතාවයන් ගිල ගෙන ඇත.


# අය වැය විවාද අවස්ථාවේ දී, පාර්ලිමේන්තුවේ දී පුද්ගලයින් ඉස්මතුවීමට දරණ කථික තරඟ උත්සාහයන් මිස, විකල්පයක් ඉදිරිපත් කර, විෂය කරනු මත පදනම් සාධනීය විවේචන සහ යෝජනා නොව මතු නොවන්නේය.


# පාර්ලිමේන්තු සභා ගැබ තුලම කාන්තා හිංසනය, මන්ත්‍රීවරුන් ශාරීරිකව පීඩාවට පත් කිරීම පිළිබඳව හෝ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට පොදු විපක්ෂය ගොනු වූයේ නැත. පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගත නොහැකි කණ්ඩායමක්, රටේ විකල්ප ආණ්ඩුව බවට පත්වන්නේ කෙසේ ද යන සැකය පවා එමගින් මතු විය.


# ජාත්‍යන්තර ආයතන, රාජ්‍යයන් හා බලපෑම් කණ්ඩායම් ද විපක්ෂයේ සියළු පක්ෂවල ඉලක්ක රහිත ක්‍රියාවන් උපේක්ෂා සහගතව විදගනිමින් සිටී.


# බලපෑම් කණ්ඩායම්, සිවිල් සංවිධාන, කුඩා කණ්ඩායම්, සුළුතර කණ්ඩායම් විපක්ෂයේ රැකවරණය නොමැති තත්වයකට පත්ව ඇත.



ආණ්ඩුව බරපතල අර්බුදයකට ලක්වී ඇති නමුත්, විපක්ෂය එයටත් වඩා බරපතල අර්බුදයකට ලක්වී ඇතැයි ඒ නිසාම ජනතාව සිතයි. දකියි. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වූ කණ්ඩායම් මේ වන විට පැහැදිලි කණ්ඩායම් හයකට බෙදී ඇත.



1. එක්සත් ජාතික පක්ෂය,

2. සමගිජන බලවේගය,

3. විපක්ෂයෙන් පත්වී ආණ්ඩුවට සහාය දෙන (මුස්ලිම් පක්ෂ මන්ත්‍රී (7), කඳුරට ජනතා පෙරමුණ  (අරවින්ද කුමාර්) සහ ඩයනා ගමගේ මන්ත්‍රීවරු 9 දෙනා,  

4. ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් ඇති නමුත් ආණ්ඩුවට එක් කර ගැනීමට අකමැති මන්ත්‍රීවරු,

5. තමන් නියෝජනය කරන පක්ෂය සමඟ කලකිරීමෙන් විපක්ෂයේ වෙනත් කණ්ඩායම් සමඟ එක්වීමට සාකච්ඡා පවත්වන කණ්ඩායම සහ

6. මේ සියළු කණ්ඩායම් එක් විය යුතුය යන මතය දරන්නන් එම කණ්ඩායම් ය.  


මෙම සියළු කණ්ඩායම්,  


පිළිවෙලක් සඳහා වන සමගියක්,  

වැඩපිළිවෙලෙහි අවංක භාවය සඳහා වන කැපකිරීමක්,  

සහ සාකච්ඡා මගින් සකසා ගනු ලබන වැඩපිළිවෙලක් සඳහා ‘කාර්යක්ෂමතාව හා ප්‍රායෝගික භාවය‘ යක් ඇති කර ගත යුතුය.  

එසේ නොමැතිව, පක්ෂ නායක කාරකාදීන්ට, පොදු අපේක්ෂකයින්ට හෝ තරු උත්කෘෂ්ඨය නැංවීමට ‘සමගිය-වැඩපිළිවෙක්‘ මේ ලිපිය ඔබ වෙත යොමු කරන අප යෝජනා කරන්නේ නැත.



එක පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකයෝ 7 ක්, විපක්ෂයෙන් 12 ක්?



2019 ජනාධිපතිවරණයේ දී එකට සිටි කණ්ඩායමෙන් මේ වන විට 7 දෙනෙකු අපේෂකත්වය බලාපොරොත්තුවේ. එයින් පස් දෙනෙකුම එකම පක්ෂයකිනි.  තවද, උතුරේ ද්‍රවිඩ නායකයෙකු ද,  මුස්ලිම් නායකයෙකු ද සිය ජනාධිපතිවරණ සැලසුම් සකස් කරමින් සිටී.




1987, 1994 සහ 2014 දී ද මෙවැනිම තත්වයක් රටේ තිබුණි. එහි අමිහිරි සහ බිහිසුණු ප්‍රතිඑල පාඩමකට ගත යුතුව ඇත. රට තුල දැවැන්ත ආණ්ඩු විරෝධයක් පවතින නමුත්, එය කිසිදු ලෙසකින් විපක්ෂය වෙත යොමුවන්නේ නැත.    

එජාපය සහ සමගි ජන බලවේගය සිය ආධාරකරුවන් හුවමාරුකර ගනිමින් තාවකාලික වින්දනයක නිරතව සිටී.  

එකම පවුලේ පියා - පුතා, සහෝදරයින්, ස්වාමියා - බිරිඳ මේ පක්ෂ දෙකේ බිම් මට්ටමේ නියෝජිතයින් ලෙස කටයුතු කිරීම විහිළු සහගතය.

ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට ද මෙයින් කොටසක්ම එක්වෙමින් ඇත.

විපක්ෂය සමගිය, වැඩපිළිවෙල හා වගකීම අතහැර දමන විට අගතිගාමී විනාශකාරී ප්‍රති පක්ෂ ක්‍රියාකාරකම් කරළියට පැමිණීම නොවැලැක්විය හැකිය.



1987 රණසිංහ ප්‍රේමදාස මහතා ජයගත්තේ වාමාංශික බලවේග තම මැතිවරණ හා දේශපාලන ව්‍යාපාරයේ කොටසක් කර ගත් බැවිනි.  1994 විපක්ෂය එක් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජයගත්තේය. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේ ජවිපෙ ද ඇතුළු වාම බලවේග සමඟ පොදු වැඩපිළිවෙලක් තුලිනි. 2015 යහපාලන ආණ්ඩුව බිහිවූ අයුරු ද වෙනසක් නැත. අවසනාවකට අද බෙදී වෙන්වී සිටින විපක්ෂය තුල දකින්නට නැත්තේ ද මේ ගුණාංගය යි.


විපක්ෂයේ පොදු අපේක්ෂකයා, බහුතරය දිනා ගැනීමේ උත්සාහයට පුද්ගල කණ්ඩායම් 12 ක් මේ වන විට එක්ව ඇත. 1992 න් පසුව කිසිම අවස්ථාවක රටේ තනි ප්‍රධාන පක්ෂයේ නායකත්වය තුලින් පමණක් රාජ්‍ය නායකයින් බිහිවී නැත. එක් වරක් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ අයෙකු නැවත ජනාධිපතිවරණයක් ජය ගෙන ද නැත.

තව ද, විපක්ෂයේ තෝරාගත් ක්‍රියාකාරීන්ට හැර, පොදුවේ විපක්ෂයේ මුල් පෙළේ නායකයින්ට මේ දක්වා රාජ්‍ය මර්ධනය යොමුව නැත.

සැබවින්ම, ආණ්ඩුව අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකයින් බවට පත්විය හැකි සියලු දෙනා වෙත අනුග්‍රාහාත්මක වී ඇත. එමගින් ආණ්ඩුවට ලැබෙන වාසිය විශාලය.

විපක්ෂයේ සියළු පක්ෂ හා කණ්ඩායම් සමඟ ‘සමගි සම්පන්න වැඩපිළිවෙලක්‘,  ‘එම වැඩපිළිවෙල සඳහා අවංක භාවයක්‘, එකඟතා මත ගොඩ නැගෙන වැඩපිවෙල සාක්ෂාත් කර ගත හැකි ‘කාර්යක්ෂමතාව හා ප්‍රායෝගික භාවය‘ සහිත කණ්ඩායමක් ගොඩ නගා ගැනීමට අවධානය යොමු කරන ලෙස අප ඉල්ලමු.

එමගින් ලංකාව අද මුහුණ දී සිටින සමාජ ආර්ථික, දේශපාලනික අභියෝග ජය ගත හැකි ක්‍රියාකාරී විපක්ෂයක් ලෙස එක්ව ගොඩා ගත හැකිවනු ඇත.  ශක්තිමත් විපක්ෂයක් බිහිවනු ඇති අතර පුද්ගලයෙකු නොව වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරා ගෙන යාමට හැකි වනු ඇත.

රට මුහුණ දෙන අර්බුදයෙන් මිදීම උදෙසා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ගොඩනැගීමට ව්‍යුහගත සාකච්ඡා මාලාවක් ආරම්භ කරන ලෙස විපක්ෂයේ සියලු බලවේග වෙතින් ඉල්ලා සිටිමු.

එවන් එකඟතාවයක් විපක්ෂයේ බලවේග ලබා දෙන්නේ නම් එවන් ව්‍යුහගත සාකච්ඡාවකට පහසුකම් සැපයීමට අප කැපවන බව මෙයින් ප්‍රකාශ කොට සිටිමු.  

මෙයට,

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන්
හිටපු ආණ්ඩුකාර අසාත් සාලි
නීතිඥ ශිරාල් ලක්තිලක
නීතිඥ ගුණරත්න වන්නිනායක   

  

Leader Whats app

 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය !

 
 
 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්