විදේශීය ජාතිකයෙකු විවාහ කර ගැනීමට කැමති ශ්‍රී ලාංකිකයන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්කාශනය ලබා ගත යුතු වන බව

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයකට අනුව දැක්වේ.

විවාහය ලියාපදිංචි කිරීමට පෙර යුවළට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ‘ආරක්ෂක නිෂ්කාශනය’ ලැබෙන තුරු බලා සිටීමට සිදුවන බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කර ඇත.

එපමණක් නොව, ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය, නිදන්ගත රෝග තිබුනේද යන්න සහ ඔවුන්ට COVID-19 වෛරසය වැළඳී තිබේද නැතහොත් එන්නත ලබා ගත්තේද යන විස්තර ඇතුලත් සෞඛ්‍ය ප්‍රකාශයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කළ ‍යුතුව තිබේ.

ඔවුන්ට කිසියම් වෛද්‍ය තත්වයක් ඇති බව හඳුනාගනු ලැබුවහොත් ඊට අදාළ සියලුම වියදම් දැරීමට අවශ්‍ය බව ඔවුන් දන්නා බව ද දිවුරුම් ප්‍රකාශ‍යේ සඳහන් කිරීමට අවශ්‍ය වනු ඇත.

මෙම පියවර ගනු ලැබුවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා බව රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, 'සන්ඩේ ටයිම්ස්' වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැනි යටි චේතනා ඇතිව ඇතැම් විදේශිකයන් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීමට උත්සුක වන බවත් දේශීය පුද්ගලයන් විවාහ කර ගැනීමට කැමති විදේශිකයන් එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවන බවට වග බලා ගැනීමටයිමෙයින් අරමුණු වන බවත් වීරසේකර වැඩිදුරටත් පවසයි.

(kubiyonews.com)

1

2

3

4

 

 

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන

 

අගමැති හදිසියේම තිරුපති ගියේ ඇයි ? | The Leader TV | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image