ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු නිසා වාර්ෂිකව පුද්ගලයන් දොලොස් දහසක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ හදිසි අනතුරු නිසා වාර්ෂිකව රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සදහා ඇතුළත් වන පුද්ගලයන් ගණන ලක්ෂ 13 ක් පමණ වන බවයි.

ඔහු ඒ බව සදහන් කර ඇත්තේ උත්සව සමයේ සිදුවන අනතුරු අඩු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දෙසැම්බර් 29 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇති හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් රථවාහන අනතුරුය.

 

වසංගත තත්වය නිසා 2020 සහ 2021 වර්ෂවල රථවාහන අනතුරු අඩු වුවද ගෘහස්ත අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග වැඩි දුරටත් සදහන් කරයි.

 

හදිසි අනතුරු හේතුවෙන් රෝහල්වලට ඇතුළත් කරන පුද්ගලයන්ගෙන් සියයට පනහක් අනතුරට ලක්ව ඇත්තේ නිවසේදීය.

වැටීම් සහ සිරීම්, විෂ ශරීරගතවීම, සත්ව සපාකෑම්, විදුලි සැර වැදීම්, පිළිස්සීම්, දියේ ගිලීම්, කැපීම් වැනි ගෘහස්තව සිදු වන අනතුරුද වර්තමානයේ බහුල වශයෙන් වාර්තා වන බව වෛද්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්