අතීතයේ ආණ්ඩු විසින් ඉන්දියාවට භාර දුන් අපේ වටිනා සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි යලි ලංකාවට ලබා ගැනීමට ඉන්දියාව සමග පැවැත්වූ

සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.

ඒ අනුව, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා අයි ඕ සී (IOC) සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක කොටස් හිමිවන ලෙස පිහිටුවන නව සමාගමක් හරහා මෙම තෙල් ටැංකි සංවර්ධනයට පියවර ගන්නා බව ද ඔහු පවසයි.

ඔහු එබව සඳහන් කර සිටියේ, බලශක්ති අමාත්‍යාංශයේ අද (31) පැවති මාධ්‍ය හමුවේය.


අමාත්‍යවරයා එහිදී මෙසේ ද සඳහන් කළේය.


ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට IOC සමඟ ගිවිසුමක්


''අතීතයේ ආණ්ඩු විසින් ඉන්දියාවට භාර දුන් අපේ වටිනා සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි යලි ලංකාවට ලබා ගැනීමට ඉන්දියාව සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට අපට හැකි වුණා.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග පමණක් හවුලේ සංවර්ධනය කරන්න 1987 ජූලි 29 දා එකඟතාවයකට එළැඹුණා. එකඟතාවය නම් හවුලේ කරන්න. ඒත් එහි පවතින ටැංකි 99ම 2003 පෙබරවාරි 7 දා වසර 35කට ඉන්දියාවට බාරදීමක් සිදුවුනා.

 2017 දී මලික් සමරවික්‍රම – සුෂ්මා ස්වරාජ් අවබෝධතා ගිවිසුමෙන් ලංකා අයිඕසී සමාගමෙන් තෙල් ටැංකි යම් ප්‍රමාණයක් අතුරු බදු ගැනීමට උත්සාහ කලත් ඒක සාර්ථක වුණේ නෑ.


පේ එකඟතාවය අනුව,

 

# ටැංකි 99න් 24ක් ලංකාණ්ඩුව විසින් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ලබා දෙනවා.

 

# ඒ අනුව 1987 දී ඉන්දියාව සමග හවුලේ සංවර්ධනය කරනවා කියා ඇති කර ගත් ගිවිසුමෙන් ටැංකි 24ක් සදහටම නිදහස් වෙනවා.

 

# දැනට ලංකා අයිඕසි සමාගම භාවිතා කරන ටැංකි 14 පමණක් ඒ සමාගමට වසර 50කට බදු දෙනවා.

 

# ඉතිරි ටැංකි 61 ඛනිජතෙල් සංස්ථාවට 51%ක් කොටස් තිබෙන ඉතිරි 49% ලංකා අයිඕසි සමාගමට ලැබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා.

 

මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. කොටස් බහුතරයක් සංස්ථාවට තිබෙනවා වගේම අධ්‍යක්ෂවරු හත්දෙනාගෙන් 4ක්ම පත් කරන්නේ තෙල් සංස්ථාව. සභාපතිවරයා පත් කරන්නේත් තෙල් සංස්ථාව. ඒ වගේම විගණකාධිපති ගිණුම් විගණනය කරන කෝප් කමිටුවට සමාගමේ නිලධාරින් කැඳවිය හැකි මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ දී සමාගම පිලිබඳ ප්‍රශ්න කල හැකි සමාගමක් ලෙසයි මේ සමාගම ස්ථාපිත වන්නේ.

 

# තෙල් සංස්ථාවට සෘජුව ලබා ගන්නා ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගමට පැවරෙන ටැංකි 61 සමග තෙල් ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව සතු වෙනවා.

 

# ලංකා අයිඕසි සමාගමට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි.

 

# 1987 සහ 2003 දී ගිවිසුම් මගින් ඉන්දියාවේ පාලනයට නතු කරගත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ පාලනයට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක්.



අඳුරු අතීතය .....


දැනට දිරාපත් වෙමින් තිබෙන ඉහල ටැංකි සංකීර්ණයේ ටැංකි 10ක් අළුත්වැඩියා කර භාවිතයට ගැනීමට 2016 දෙසැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගන්නවා.  ඒ තීරණය අනුව 2016 දෙසැම්බර් 29 දින තෙල් සංස්ථාවේ මෙහෙයුම් කලමනාකරු මේනක ජීවසිරි මහතා ඇතුළු නිලධාරින් පස්දෙනෙකු ටැංකි පරික්ෂා කිරීමට ලංකා අයිඕසි සමාගමට දැනුම් දී ටැංකි සංකීර්ණයට ඇතුළු වෙනවා. ඒ අවස්ථාවේ දී ලංකා අයිඕසී සමාගමේ නිලධාරින් විසින් තෙල් සංස්ථාවේ නිලධාරින් අයුතු ඇතුළුවීමක් කළා කියලා මේ අයව බලහත්කාරයෙන් රඳවා ගන්නවා. ඒ වගේම අයුතු ඇතුළුවීමක් ගැන ඉන්දියාව ලංකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අප්‍රසාදය පල කරනවා.



ඒ අඳුරු අතීතය අපි නුදුරු දිනක අවසන් කරනවා. 2016 දී හිරිහැරයට ලක් වුණු නිලධාරින් පස්දෙනා සමග නුදුරු දිනක අපි තෙල් ටැංකි සංකීර්ණයට ගිහින් අපේ ජාතික කොඩිය ඒ භූමියේ ඔසවන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෑත කාලයේ එක දිගට දුක්බර ප්‍රවෘත්ති අසමින් සිටි අපේ රටේ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.''

  b
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉතිහාසය ?



#. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි.


# එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වේ.


# ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.


# දෙමළ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබුවේය.

- එම ගිවිසුම ප්‍රකාර, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 37 ක කාලයක් සඳහා බදු දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරිණි.

- එවක් පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14 ක් පමණි.


(උපුටා ගැනීම්- BBC සිංහල සේවය)

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip

  

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්