බලහත්කාරයෙන් අතුරුදහන්කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීම සදහා

ජාත්‍යන්තර බලවතුන් වින්දිතයන්ගේ පවුල් වලට සහාය දැක්විය යුතු බව උතුරේ මව්වරුන් අවධාරණය කර තිබේ.

එසේ ක්‍රියා නොකොට ඔවුන් රජය සමග ඒකාබද්ධ වී කටයුතු කරන්නේදැයි සැක මතුවන බව ඔවුන් පවසා ඇත්තේ වසරේ අවසන් බ්‍රහස්පතින්දා දිනයේ වව්නියාව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කරමිනි.

යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද කුඩා දරුවන් ඇතුළු සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දෙසැම්බර් 30 වැනි බ්‍රහස්පතින්දා වව්නියාව සහ මුලතිව් නගරවලදී විරෝධතා දියත් කර තිබුනි.

Protest 1

Protest 2

Protest 3


වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් නව යාන්ත්‍රණයක් සකස් කිරීමට ජාත්‍යන්තරය මැදිහත් විය යුතු බව අවධාරණයට කළ වව්නියාවේ මව්වරුන් නැවතත් අවධාරණය කර ඇත්තේ රජය විසින් දෙනු ලබන බව පවසන වන්දි මුදල් ලබා ගැනීමට තමන් සුදානම් නොමැති බවයි.



සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව දින 1757 ක අරගලයක යෙදී සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ මව්වරුන් අවධාරණය කර ඇත්තේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයකට ඉදිරිපත් කළ යුතු බවයි.



තම සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරය ලබා දෙන විසදුම කුමක්දැයි ප්‍රශ්න කළ ඔවුන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ද ප්‍රතික්‍ෂේප කළ බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට පසුගිය සමයේ දිගින් දිගටම උතුරේ දැඩි විරෝධය පළ වී තිබුනි.

දොලොස් වසරකට වැඩි කාලයක්  තිස්සේ ඉල්ලා සිටි යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය මේ වන තෙක් ක්‍රියා කර නොමැති බව පවසන උතුරේ  මව්වරුන්  දිගින් දිගටම ඉල්ලා සිටින්නේ සිය දරුවන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමකි.



පළාත්බද  මාධ්‍යවෙිදීන් විසින් අනාවරණය කර ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 108 දෙනකු  සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර ඇති බවයි.



බහලත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබු එකදු අයෙක් හෝ සොයාදීමට අපොහොසත්ව ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP)තවත් දෙමසකින් සිව් වැනි වසරට පා තබයි.

මෛත්‍රී - රනිල් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව හිටපු OMP ප්‍රධානියාද පිළිගෙන තිබුනි.

“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.



ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි හිටපු  OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබුණි.



කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.

 

 

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

  

'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip 

Shorts වරදට කිපෙනු සටනට වැද ජය ලබනු - සීතා කියු කවි / Seetha Arambepola

 

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්