මෙරට මත්පැන් නිෂ්පාදනාගාරවල දී නිපදවනු ලබන සියලුම මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇලවීම අද (03 ) සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව ‘අරුණ’ පුවත්පතට ප්‍රකාශයක් කර ඇති සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සඳහන් කර ඇත්තේ, 2022 අප්‍රේල් 01 වැනිදා සිට පාරිභෝගිකයන්ට සිය ස්මාර්ට් ජංගම දුරකථනය වෙත ලබාදෙන යෙදුමක් (APP) ඔස්සේ සෑම මත්පැන් බෝතලයකම ප්‍රමිතිය පරීක්ෂා කරගත හැකි බවයි.

මෙම ස්ටිකරය මුද්‍රණ ටෙන්ඩරයට රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ඇතුළු දේශීය සමාගම් ද ලංසු ඉදිරිපත් කළමුත් මෙම ස්ටිකර් ඇලවීමේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඉන්දියාවේ මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් (MSP) ආයතනයටය.


මාස් පතා මිලියන ගණනක් ඉන්දියාවට !

 

එම කොන්ත්‍රාත්තුවට අනුව ආරක්ෂිත ස්ටිකර් 1000 ක් වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් 5.99 ක මුදලක් MSP ආයතනය වෙත ගෙවිය යුතුව ඇත. ඒ අනුව එක් ආරක්ෂිත ස්ටිකරයක් වෙනුවෙන් වැයවන්නේ රුපියල් 1.21 ක් බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

 

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ලත් විවිධ මත්පැන් නිෂ්පාදන ආයතන 70ක් මෙන්ම මත්පැන් ආනයන කරනු ලබන ආයතන 18ක් සම්බන්ධීකරණය කරමින් ආරක්ෂිත මුද්‍රා යෙදීම සිදු කෙරෙන බවත්, වර්ග දෙකකින් යුක්ත වන මෙම ආරක්ෂිත මුද්‍රාවන්, ආරක්ෂිත ස්ටිකර් (Foolproof Stickers) හා ආරක්ෂිත ඩිජිටල් මුද්‍රණයන් (Digital Printing) ලෙස හඳුන්වාදෙන බවත්, ඒ ඒ මත්පැන් නිෂ්පාදන ආයතනයේ පවතින තාක්ෂණය හා නිෂ්පාදන ධාරිතාව අනුව කවර ආරක්ෂිත මුද්‍රාවක් යොදාගන්නේ ද යන්න තීරණය කෙරෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 

කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති ඉන්දීය සමාගම අසාදුගත සමාගමක් බව අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකදී සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ. මෙම ව්‍යාපෘතියට එරෙහිව නඩුවක්ද අභියාචනාධිකරණයේ විභාග වෙයි.

 

හොර සුරා ව්‍යාපාරය නැවැත්වීමට මෙරට මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂක ස්ටිකරයක් හඳුන්වා දීමට යෝජනා කරන ලද්දේ 2016 අයවැය යෝජනාවක් ලෙසය. යහපාලන රජය සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස සිටි රවි කරුණානායක විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළද ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

ආනයනික මත්පැන් මත මුලින්ම ආරක්ෂිත ස්ටිකරය අලවන ලද්දේ 2019.07.20 දින සිටය.


බුද්ධික පතිරණගේ අනාවරණය !


'සති අග අරුණ' පුවත්පත හොර සුරා ගැන ප්‍රවෘත්තියක් පළ කිරීමෙන් පසු පසුගිය වසරේ (2021) අප්‍රේල් 20 වැනිදා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, විදේශීය මත්පැන් මතද අලවා ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය පරීක්ෂා කිරීමේදී එය ක්‍රියාත්මක නොවන බවය.

ස්ටිකරය ඇලවීමේ මූලික පරමාර්ථය වී තිබෙන්නේ නීත්‍යනුකූල නොවන මත්පැන් වෙළෙඳපොළට පැමිණීම වළක්වා ගැනීමට වන අතර මෙම ස්ටිකරය හරහා මත්පැන්වල ප්‍රමිතිය තහවුරු ‍කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර සිටියේය.

මෙම නිවේදනය නිකුත් වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසා සිටියේ, ‘මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් සිදුවිය හැකි අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තුව තුළ දී තමා අනාවරණය කළ බොහෝමයක් කරුණු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බවය.

මෙම කාරණාවට අදාළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, මත්පැන් බෝතල් මත ස්ටිකර් කේත ඇලවීම සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා රැසක් පිළිබඳ තමා අනාවරණය කළත් සුරාබදු දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් පිළිතුරු දී ඇත්තේ අදාළ ස්ටිකර් කේතය ජනතාවට ජංගම දුරකථන මගින් කියැවීමට නොහැකිය යන කාරණාව පිළිබඳ පමණක් බවයි.


ස්ටිකරය නැතිනම් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසියි



මේ අතර දේශීය මත්පැන් බෝතල්වලටද ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අනිවාර්යය කිරීම ගැන දේශීය මත්පැන් නිෂ්පාදකයන් තම විරෝධතාව ප්‍රකාශ කොට ඇත. ඔවුන් පවසන්නේ අරක්කු බෝතල් නිෂ්පාදනය කරන වේගයට ස්ටිකර් ඇලවීමේ යන්ත්‍ර තමන් සතුව නැති බවය.

සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදන ආයතනවල විරෝධයට එරෙහිව ප්‍රකාශ කොට ඇත්තේ ආරක්ෂක ස්ටිකරය නියමිත දිනට ඇලවීමෙන් වළකින මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවය.


(මුලාශ්‍රය - aruna.lk)

 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
අද ගොසිප් එක 
 


සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image