1200 x 80 DMirror

ආර්ථික අර්බුදයට හේතුව සිංහල බෞද්ධ ආණ්ඩු මගින් දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය යුද්ධය යැයි උතුරේ දේශපාලන සංවිධානයක් පෙන්වා දී තිබේ.



''කෝවිඩ් 19 වයිරසය පැතිරීම තමයි මේ ආර්ථික පසුබෑමට එකම හේතුව යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් ජප කරන්න පටන් අරන්. ඒක විතරම ද හේතුව. පහුගිය අවුරුදු 30 ක් ම මේ ගොල්ලන් ඩොලර් බිලියන ගානක් වියදම් කරලා යුද්ද කරාපු එක. ඒ මුදල් රටේ ආර්ථික සංවර්ධනයට දැම්මා නම් අද ලංකාව ස්වර්ගයක්,'' යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන EPRLF නායකයා පෙන්වා දෙන්නේ, සිංහල බෞද්ධ ආණ්ඩු දෙමළ ජනයාව යුද්දය මගින් යටත් කර ගැනීමට යාම නිසා දශක කිහිපයක්ම ඔවුන් ජිවත් වුයේ ආර්ථික සම්බාධක යටතේ බවය.

මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෞතම බුදුන්වහන්සේගේ නියමය පරිදි බෞද්ධ භික්ෂුන් ආහාර පාන සොයා ගැනීමට පාත්‍රය ද රැගෙන පින්ඩපාතයේ වඩින්නා සේ, මේ සිංහල බෞද්ධ ආණ්ඩුවද බංගලාදේශය, ඉන්දියාව හා චීනය හරහා ලෝ වටා සිඟමනේ යමින් රටේ ජනතාව ද සිඟමන් යදින තැනට පත්කර ඇති බවය.



''ගෙල බැඳී තැල්ල විකුණා තමයි යුද්ධයේ අවසන් කාලයේ දරුවන්ට කිරිපිටි සොයා ගන්න සිදු වුනේ. කැඳ වලින් අපේ ජනතාව බඩගින්න නිවා ගත්තේ. පොඩි `ඔපරේෂන්` එකකින් සුව කරන්න පුළුවන් තුවාලවලට බෙහෙත් නැති කමින් අත් පා ඉවත් කරන්න පවා සිදු වුණා. ඒ වගේ දුෂ්කර තාවයක අපේ ජනතාව හිටියේ. අද ඒ තත්වය මුළු මහත් රටේ ජනතාවටම මුහුණ දෙන්න වෙලා,'' යැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.



ආණ්ඩුව පවසන පරිදි  යුද්ධය අවසන් වුවාට පසුව ද ආරක්ෂක වියදම් ඉහල දමා ඇත්තේ යුද ණය ගෙවීමටය. දැනට වසර 12 ක් ගතවී ඇතත් යුද ණය ගෙවා දැමීමට නොහැකිවූයේ මන්දැයි EPRLF සංවිධානය සිය මාධ්‍ය නිවේදනය මගින් ප්‍රශ්න කරයි.


''ලංකාව වගේ කුඩා රටකට ලක්ෂ තුනක හමුදාවකුත්, ඊට අමතරව ගුවන් හා නාවික හමුදාත් නඩත්තු කරන්න වැය කරන මේ අධික වියදම ගැන ආණ්ඩු පක්‍ෂය වගේම විපක්ෂයත් කවදාවත් කතා කරන්නේ නැහැ,'' යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායකයා චෝදනා කරයි.

 

 
 

Leader Whats app

 
 
 
 
බුද්ධි අංශ නාමල් ගැන සෝදිසියෙන්! | The Leader TV

.

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය