ජනමත විචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපතිවරයාට

කියා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුවට ඊයේ (09) එක්වෙමිනි.

එම දිස්ත්‍රික් සමුළුව ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ජනාධිපති ඡන්දයක් ළඟදි නොඑන බවත්, ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය බවත් ඔහු එහිදී අවධාරණය කළේය.


ශ්‍රීලනිප නායකයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''මෙහෙම පෝලිම්වල කුණුහරුප කියපු කාලයක් තිබුනේ නැහැ''


"රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා.. මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ. පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ.

තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එ

හෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ. 2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම, පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ...පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි.

ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කීසැරයක් හමුවුණා ද?. වන් ටූ ත්‍රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා.


''ජනාධිපතිවරණේ ට පෙර එන්නේ මහ මැතිවරණයක් ... ''


ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දිග් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්."


ජනාධිපති කියපු කතාව !


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිට දින කිහිපයකට පෙරදී මහජන රැළියක් අමතමින්, තවත් වසර දෙකකින් තම කාලය දීර්ඝ කිරීමේ සුදානමක් ගැන ඉඟි කළේ මෙසේය.





ඕනෑම මැතිවරණයකට ශ්‍රීලනිපය නව සන්ධානයකින්


මේ අතර ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන්නේ, ඉදිරියේදී එළබෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයක් සමග ඉදිරිපත්වන බවයි.

ඔහු එබව කියා සිටියේ,  මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

හවුල්කාර පක්ෂවල ගැටළු සාකච්ඡාවකට වත්මන් ආණ්ඩුව මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බව ද ඔහු එහිදී සඳහන් කළේය.

 

Leader Whats app

 
 
 
 
 
 
 
පණ ඇරලා කඩේ ගිය වුන්ට හොඳ ම වැඩේ !| මොණරවිලගේ ලියමන
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්