1200 x 80 DMirror

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම සහ ආහාර අර්බුදය හේතුවෙන් පැන නගින ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවේ කොටස්කරුවන්ම ආණ්ඩු විරෝධී

උද්ඝෝෂණ මෙහෙයවන බවට කඳුකරයේ දේශපාලන පක්‍ෂයක් පෙන්වාදී  තිබේ.

''අවුරුදු විස්සකටවත් හොලවන්න බැහැ කිව්ව් ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව අවුරුදු දෙකෙන්ම බිඳ වැටෙන්න පටන් අරන්. ගෝඨාභය ආවොත් රට බේරාගන්න බවට කයිවාරු ගහපු අයම දැන් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ මෙහෙයවනවා,'' යැයි කම්කරු ජාතික සංගමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් රාගල දී මහජන රැස්වීමක් අමතමින් ඊයේ ප්‍රකාශ කළේය.

බඩු මිල ඉහල යෑම, ආහාර ද්‍රව්‍ය හිඟකම, පොහොර අර්බුදය, තේ නිෂ්පාදනය පහත වැටීම තුල කම්කරුවන් පිඩාවට පත්වීම වැනි කාරනා නිසා පාලකයන්ගේ නොහැකියාව ජනතාවට වටහා ගැනීමට හැකි වී ඇතැයි පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරම් කියා සිටින්නේ ඉදිරියේදීවත් ජනතාවට බොරු පොරොන්දු නොදෙන්නට දේශපාලකයන් සිහි තබා ගත යුතු බවය.

''අපි ජනතාව පවා දී දේශපාලනය කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විරුද්ධ පක්ෂෙම ඉන්නේ. 20 වැනි සංශෝධනයට ආණ්ඩුවට පක්ෂව ජන්දය දීලා අපිට හොඳ වාහන ගන්න තිබුණා. කොහොමත් අපි  මේ  ආණ්ඩුව ඉක්මනින් ගෙදර යවනවා,'' `යැයි ද කම්කරු ජාතික සංගමේ නායකයා සභාව හමුවේ පැවසීය.

 
 
 

Leader Whats app

 
 
 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය