විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2029 වසර දක්වා ක්‍රියාත්මක මෙම ගිවිසුම යටතේ Meta සමාගම සඳහාම විශේෂිත වූ AI ප්‍රොසෙසරයක් (Custom AI Chips) නිෂ්පාදනය කිරීමට නියමිත බවයි.
මෙම ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ ගිගාවොට් එකකට (1 GW) වැඩි පරිගණක ධාරිතාවක් (Computing Capacity) ස්ථාපිත කිරීමට Meta සමාගම සැලසුම් කර ඇත. එය සාමාන්‍යයෙන් අමෙරිකානු නිවාස 750,000කට අවශ්‍ය විදුලි බලයට සමාන දැවැන්ත ධාරිතාවකි.
ෆේස්බුක් (Facebook), ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ වට්ස්ඇප් (WhatsApp) වැනි යෙදුම් හරහා ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවකට "පුද්ගලීකරණය කළ සුපිරි බුද්ධියක්" (Personal Superintelligence) ලබාදීම මෙහි අරමුණ බව Meta ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසා තිබේ.
මෙම ගනුදෙනුවත් සමඟ Broadcom සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හොක් ටෑන්, Meta අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වී Meta හි චිප් උපායමාර්ගික උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.
වර්තමානයේ Nvidia සමාගම සතු AI චිප් ඒකාධිකාරය අවම කරමින්, තමන්ටම ආවේණික වූ දෘඩාංග තාක්ෂණයක් ගොඩනැගීමට Meta, Google සහ Amazon වැනි සමාගම් මේ වන විට දැඩි උත්සාහයක නිරත වේ.
| News 1st
මුලාශ්‍ර :
Meta extends custom chips deal with Broadcom to power AI ambitions
Broadcom Announces Extended Partnership with Meta to Deploy Technology to Support Multi-Gigawatts of Meta’s Custom Silicon, MTIA
Meta Partners With Broadcom to Co-Develop Custom AI Silicon




