The Leader News
BREAKING
Top Ad
පුවත්

අපේ දරුවන් නැවතත් පාසල් යවමු : Back to school SL - හමුදාපතිගෙන් සහතිකයක්

T

The Leader Desk

May 20, 2019 • 9:32 AM

 අපේ දරුවන් නැවතත් පාසල් යවමු : Back to school SL - හමුදාපතිගෙන් සහතිකයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවන් පාසලට යැවීමට කටයුතු කරන ලෙසත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
  • පාස්කු ඉරිදා (21) බෝම්බ ප්‍රහාරයෙන් පසුව ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය 13දා ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
  • දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කෙරුණි.
  • මේ අතර කඳුකරයේ ප්‍රාථමික පාසල්වලද සිසුන්ගේ පැමිණීම සියයට එකක් වත් නොමැති බව විදුහල්පතිවරුන් පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

දරුවන් පාසලට යැවීමට කටයුතු කරන ලෙසත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

පාස්කු ඉරිදා (21) බෝම්බ ප්‍රහාරයෙන් පසුව ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය 13දා ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කෙරුණි. එහෙත් මේ වන තෙක් එම ශ්‍රේණිවල ළමුන්ගේ පැමිණිමද යථාතත්වයට පත්ව නොමැත.

මේ අතර කඳුකරයේ ප්‍රාථමික පාසල්වලද සිසුන්ගේ පැමිණීම සියයට එකක් වත් නොමැති බව විදුහල්පතිවරුන් පවසති.

මෙවැනි තත්වයක් යටතේ ''අපේ දරුවන් නැවතත් පාසල් යවමු - එක්ව රොඳ බදින්නට ඉඩසලසමු'' යන මැයෙන් යුතු ප්‍රචාරක මෙහෙයුමක් යුනිසෙෆ් ආයතනය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කර ඇත. 
poster


විපක්ෂයේ මැදිහත්වීම සතුටට කරුණක් - අධ්‍යාපන ඇමති 



සියලු පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති නිසා තවදුරටත් ප්‍රමාද නොවී හෙට (21) සිට දරුවන් පාසල් එවන්නැයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පාසල් වෙත දරුවන් ගෙන්වා ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද දැන් හෝ පෙනී සිටීම පිළිබඳ සතුටු වන බව පැවසිය.

කුමන වටපිටාවක් තුළ දී වුවද පාසල් සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම  ඉඩ තැබිය නොහැකි බව පැවසු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බව පැවසිය. 

 මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හෙට (21දා)  ආරක්ෂාව තහවුරු බව පෙන්වමින් පාසල් වෙත යාමට සූදානම් වන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව විමසීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුයේ, සියල්ලටම එක්වී රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිනම් හැකි නම් ඒ පිළිබඳ තමන් ද සතුටට පත්වන බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපේ දරුවන් නැවතත් පාසල් යවමු : Back to school SL - හමුදාපතිගෙන් සහතිකයක් | The Leader