The Leader News
BREAKING
Top Ad
පුවත්

මෙන්න, බොදු බල සේනා හදිසි නිවේදනයක් !

T

The Leader Desk

May 23, 2019 • 2:41 AM

මෙන්න, බොදු බල සේනා හදිසි නිවේදනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොදු බල සේනා හදිසි නිවේදනය.
  • අප මේ තීර්ණාත්මක අවස්ථාවේ බෞද්ධයින් ලෙස කටයුතු කල යුතුය.
  • සමහර පිරිස් අපගේ බෞද්ධ වැඩපිළිවෙළට අකුල් හෙලීමට රස්තියාදු කාර ක්‍රියාකාරකම් කල අතීතය අප මේ අවස්ථාවේ සිහිපත් කල යුතුය.
  • මේ වන විට රට තුල යම් ත්‍රස්තවාදයක සෙවනැලි තිබෙන බව ඉතා කල්පනාවෙන් සිහියට නැගිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):


බොදු බල සේනා  හදිසි නිවේදනය..

''අපි ඉතාම බුද්ධිමත්ව , ඉවසීමෙන් හා උපායමාර්ගිකව වැඩ කල යුතු අවස්ථාවකට අවතීරණය වෙමින් පවතිනවා....
ධර්මපාල තුමාගේ උපදේශය වූයේ ව්‍යවස්ථානුකූල උද්ඝෝෂණ තුලින් ජයග්‍රහණ ලබා ගත යුතුය..

අප  මේ  තීර්ණාත්මක අවස්ථාවේ බෞද්ධයින් ලෙස කටයුතු කල යුතුය... ගාන්ධිතුමා මෙන් අවිහිංසාවාදිව කටයුතු කල යුතුය.

සමහර පිරිස් අපගේ බෞද්ධ  වැඩපිළිවෙළට අකුල් හෙලීමට රස්තියාදු කාර ක්‍රියාකාරකම්  කල අතීතය අප මේ අවස්ථාවේ සිහිපත් කල යුතුය..

මේ වන විට රට තුල යම් ත්‍රස්තවාදයක සෙවනැලි තිබෙන බව ඉතා කල්පනාවෙන් සිහියට නැගිය යුතුය..

මේ හදිසි නීතිය තිබෙන අවස්ථාවේ ඇතිවිය හැකි තත්වයන්.පිළිබඳව සියලු දෙනා රටවැසියන්  ලෙස කල්පනා කර  ක්‍රියා කල යුතුව ඇත..

අපේ හාමුදුරුවන්ගේ ප්‍රමුඛතාවයන් වන්නේ 

ජාතික ආරක්ෂාව 
සාමය
සංහිඳියාව  හා 
සංවර්ධනයයි

හාමුදුරුවෝ  නිදහස් වීමට  ජනාධිපතිවරයා අත්සන්  තැබුවද තවදුරටත්  ලේඛන රාශියක් සකස් කල යුතු බැවින් නිදහස් වීමට යම් ප්‍රමාදයක් සිදුවීම විය හැක..

රටේ ආරක්ෂාව හා සාමය ප්‍රමුඛ වන බැවින් නිදහස් වන අපේ හාමුදුරුවෝ  වෙනුවෙන් ඔබ කල යුත්තේ කොළඹ ට පැමිණීම නොව ඔබේ ගමේ විහාරස්ථානයේ ආගමික කටයුතු කොට, සෑම නිවසකම අද සිට බෞද්ධ  කොඩියක් ඔස්වා, වාහන වල බෞද්ධ  කොඩ් ඔසවා ඔබගේ  සහයෝගය හා කැපවිම උන්වහන්සේට වෙත දැක්වීමය.

ඔබ මේ අවස්ථාවේ කල යුත්තේ  අප බෙහෙවින් ගරු කරන හා ආදරය කරනු ලබන අපේ හාමුදුරුවන්ගේ  මතවාදය වෙනුවෙන් පෙනී සිට උන්වහන්සේගේ මතවාදය ජයග්‍රහණය කිරීම පමණි.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...