හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරුද්ධව එල්ල වෙලා තියන චෝදනාව ගැන විභාග කරන්න බ්‍රිතාන්‍යයට ගිය රහස් පොලිස් කණ්ඩායම සදුඳා (දෙසැම්බර් 22) නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවල තියන බව Sunday Times පුවත්පත වාර්තා කරනවා.
පුවත්පත පවසන විදියට එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සමදරී පියසේන හමුවේ ඔවුන් සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී සොයාගත් කරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමට නියමිතයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයකින් පස්සේ රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වුණත් ඒ සඳහා ඔහුට බ්‍රිතාන්‍යයෙන් නිල, රාජ්‍යතාන්ත්‍රික ආරාධනයක් ලැබිල නැහැ කියල බ්‍රිතාන්‍යයට ගිය රහස් පොලිස් කණ්ඩායම හෙළි කරගත් බව "සංදේශය" නාලිකාව මීට ඉහතදී හෙළිදරවු කළා.
විශේෂම දේ තමයි ඔවුන් තමන්ගේ සංචාරය ගැන නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තිබුණේ නැහැ. අඩුම තරමින් පොලිස්පතිවරයාවත් ඒ සංචාරය ගැන දැන නොසිටි බවත් "සංදේශය" එදා වාර්තා කළා.
ඔවුන් ලංකාවට ආවට පස්සේ ලංකාවේදීත් ඒ ගැන තවදුරටත් විමර්ශන පැවැත්වුවා. ඒ විමර්ශනවලදී හෙළිවුණ කරුණුත් රහස් පොලිස් කණ්ඩායම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දීමට නියමිතයි.
ඒ අනුව, දැනට ලැබී තිබෙන සාක්ෂි සලකා බලල, රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳුදා පැවැත්වෙන සාකච්ඡාවේ අවධානය යොමුවේවි කියලත් 'සන්ඩේ ටයිම්ස්' පත්‍රය පවසනවා.
පුවත්පත වාර්තා කරන විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධීකරණය කරපු මේ සාකච්ඡාවට එස් වෙදමුල්ල සහ නනින්ද හේරත් පොලිස් නිලධාරීන් දෙදෙනාත් සහභාගි වීමට නියමිතයි.

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
මුලාශ්‍රය
CID to submit report upon returning from London in probe against Ranil’s visit