The Leader News
BREAKING
Top Ad
පුවත්

CID ය සුරේෂ් සලේ රෝහලෙන් රැගෙන යයි !

T

The Leader Desk

March 25, 2026 • 3:48 PM

CID ය සුරේෂ් සලේ රෝහලෙන් රැගෙන යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 25 දා සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබිය.
  • ඒ අනුව රැදවුම් නියෝග මත සුරේෂ් සලේ ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සිදුකෙරන අතරවාරයේ ඔහුගේ කන ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.
  • ඊට අදාල නඩුව වැඩිදුර විමර්ශන වාර්තා සඳහා මාර්තු 25 කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේය.
  • මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ 1987 මාර්තු 16 වන දින ශ්‍රී ලංකා හමුදාවට බැඳුණු අතර ඔහුගේ මූලික හමුදා පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු පාබල හා සංඥා රෙජිමේන්තුවල සේවය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

රැගෙන ගොස් ඇත.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවූ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් පිළිබඳ අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂා කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව කොළඹ ජාතික රෝහලට ඊයේ ඇතුළත් කර තිබිණ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 25 දා  සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබිය.

ඒ අනුව රැදවුම් නියෝග මත සුරේෂ් සලේ ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සිදුකෙරන අතරවාරයේ ඔහුගේ කන ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.

කෙසේවුවද සුරේෂ සලේ ගේ සුවදුක් බැලීම සදහා ඔහුගේ පවුලේ සාමාජිකයන් අවසර ඉල්ලා තිබු නමුත් ඒ සදහා අවසර ලැබී නොමැත.

නඩු විභාගය හෙට (මාර්තු 25)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් කරුණු තුනක් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (මාර්තු 11 වැනිදා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට අදාල නඩුව වැඩිදුර විමර්ශන වාර්තා සඳහා මාර්තු 25 කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේය.

සුරේෂ් සලේ යනු කවුද?

  • මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ 1987 මාර්තු 16 වන දින ශ්‍රී ලංකා හමුදාවට බැඳුණු අතර ඔහුගේ මූලික හමුදා පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු පාබල හා සංඥා රෙජිමේන්තුවල සේවය කළේ ය.

  • පසුව "භාෂා කිහිපයක් පිළිබඳ දැනුම සහ ඔහුගේ කාර්ය සාධනයේ කුසලතා හේතුවෙන්", ඔහු 1993 වසරේදී හමුදා බුද්ධි අංශයට තෝරා ගැනිණි.

  • සුරේෂ් සලේ 2006 සිට 2009 දක්වා පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.

  • නැවත පැමිණීමෙන් පසු, ඔහු 2012 ඔක්තෝබර් මාසයේදී හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත් කරන තෙක් ආරක්ෂක අමාත්‍යංශයේ විදේශ බුද්ධි සම්බන්ධීකාරක ලෙස සේවය කළේ ය.

  • පසුව, ඔහු 2016 සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස සේවය කළේ ය.

  • ඉන්පසුව, 2019 ජනවාරි සිට එම නොවැම්බර් දක්වා ඔහු දිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජාතික ආරක්ෂක අධ්‍යයන එන්ෆීල්ඩ් පාඨමාලාව හැදෑරූ බව ඔහුගේ නීතිඥ පසන් වීරසිංහ බේස්මන්ට් ෆිල්ම්ස් වෙත යොමු කළ ලිපියක සඳහන් වෙයි.

  • 2019 දෙසැම්බර් මාසයේ සිට 2024 අග දක්වා ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේ ය.

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...