The Leader News
BREAKING
වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●
Top Ad
පුවත්

ආන්දෝලනාත්මක හඬපටයක් ගැන මුජිබුර් සහ වරුණ ගෙන් CIDයට පැමිණිල්ලක් ; 'රැවටෙන්න එපා' - ගල් අඟුරු සමාගමේ සභාපති කියයි

T

The Leader Desk

April 13, 2026 • 9:28 AM

ආන්දෝලනාත්මක හඬපටයක් ගැන මුජිබුර් සහ වරුණ ගෙන් CIDයට පැමිණිල්ලක් ; 'රැවටෙන්න එපා' - ගල් අඟුරු සමාගමේ සභාපති කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්අඟුරු හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරය (spot tenders) ඉදිරිපත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
  • ඒ අදාළ ටෙන්ඩරය ලබා දීමේදී ජනාධිපතිවරයාට හිතවත් අයෙකුට ලබා දීමට ක්‍රියා කළ ආකාරය හඬපටයකින් හෙළිවී ඇති බව කියමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
  • ඒ සම්බන්ධව තමයි අපි අද ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාලා මේ ඕඩියෝ එක සම්බන්ධව යන මේ සාකච්ඡාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා.
  • එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගල්අඟුරු හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරය (spot tenders) ඉදිරිපත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

ඒ අදාළ ටෙන්ඩරය ලබා දීමේදී ජනාධිපතිවරයාට හිතවත් අයෙකුට ලබා දීමට ක්‍රියා කළ ආකාරය හඬපටයකින් හෙළිවී ඇති බව කියමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

"යම් හඬපටයක් නිකුත් වෙලා තිබෙනවා. ඒක ඇහුවාම අපිට තේරෙනවා එතනත් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ජනාධිපතිවරයාගේ ළඟම ඉන්න හිතවතෙක්ට මේ ටෙන්ඩරය ලබා දෙන්න ඕනේ, ලබා දිය යුතුයි කියන සාකච්ඡාවක් සම්බන්ධව මේ හඬපටය නිකුත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව තමයි අපි අද ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාලා මේ ඕඩියෝ එක සම්බන්ධව යන මේ සාකච්ඡාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේ ඕඩියෝ එකේ යන සාකච්ඡාවෙදි ජනාධිපතිතුමාගේ නම එනවා ජනාධිපතිතුමාගේ ළඟම ඉන්න ව්‍යාපාරිකයින්ගේ නම් එනවා මේක තුළත් පැහැදිළිවම වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා."

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිගෙන් නිවේදනයක් ; නොමඟයවන සුලු ප්‍රචාර වලට රැවටෙන එපා !

මේ අතර සමාජ මාධ්‍ය වල සංසරණය වන හඬපටය සම්බන්ධයෙන් එම සමාගමේ සභාපති ජයන්ත රත්නායක මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින්, හදිසි ගල් අඟුරු සැපයුම හා අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, නොමඟයවන සුලු ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''සමාජ මාධ්‍ය වල සංසරණය වන 2026 මාර්තු 25 වන දින මා සමග ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම් කාර සමාගමේ දේශීය නියෝජිතයාගේ නිලධාරියෙකු අතර වූ දුරකතන සංවාදයක් සම්බන්ධව.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස මා හදිසි ගල් අඟුරු සැපයීම සඳහා කැදවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වන විටත් කැබිනට් අනුමැතිය ද සහිතව කොන්ත්‍රාත් ප්‍රදානය කර තිබූ සැපයුම් කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාලව බැංකුව විසින් නිකුත් කරන කාර්යය සාධන ඇපකරය එය අදාල බැංකුව විසින් නිකුත් කරන ලද දිනය වන 2026 මාර්තු 25 දිනැතිව ලබාදෙන ලෙස කල දැනුම්දීමක හඬ පටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කොට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල තුල ප්‍රචාරය කරන බව වාර්තාවේ.

හදිසි ගල් අඟුරු සැපයුම හා අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, නොමඟයවන සුලු ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

WhatsApp Image 2026 04 13 at 13.16.18

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...