The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

'වඳ කතා නාඩගම' : රටම ගිණි තැබුවේ කුරුණෑගල පොහොට්ටු DIG !

T

The Leader Desk

May 31, 2019 • 4:45 AM

'වඳ කතා නාඩගම' : රටම ගිණි තැබුවේ කුරුණෑගල පොහොට්ටු DIG !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝජ්‍ය පොලිස්පතිවරයා 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවියට සහ 'ලංකාදීප' වෙබ් අඩවියටද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
  • වෛද්‍යවරයා තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධයැයි තොරතුරු ලැබුණු බවක් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ බව ද එම පුවතේ සඳහන්ය.
  • එදා කියූ තව්හිද් ජමාත් කතාව මේවනවිට මාධ්‍ය කතිකාවෙන් අතුරුදන්ව ඇත. මෙම පුවත පසුව ලංකාදීප වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන තිබිණි.
  • එවන් පැමිණිලි ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීම් කළේ ද 25 වනදා පස්වරුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නියෝජ්‍ය පොලිස්පතිවරයා 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවියට සහ 'ලංකාදීප' වෙබ් අඩවියටද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

කුරුණෑගල රොහලේ වෛද්‍යවරයෙකු මැයි 25 වෙනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඒ පිළිබඳ එදින උදැසනම මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේ, එම වෛද්‍යවරයා අත් අඩංගුවට ගනු ලැබුවේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බවයි.

කෙසේවුවද එදින පෙරවරු 10 ට පමණ 'ලංකාදීප' පුවත්පතේ කුරුණෑගල වාර්තාකරු වන පුෂ්පකුමාර ජයරත්න 'ලංකාදීප' වෙබ් අඩවියෙහි පළ කළ පුවතකින් දැක්වෙන්නේ, වෛද්‍යවරයාගේ සේවා කාලය තුළ එම වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කම් 8000කට අධීක ප්‍රමාණයකින් සිංහල බෞද්ධ මව්වරුන් විශාල සංඛ්‍යාවක් වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙන බවත් කුරුණෑගල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්නත කිත්සිරි ජයලත් පැවසූ බවයි.


තව්හිද් ජමාත් කතා කෝ !

වෛද්‍යවරයා තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධයැයි තොරතුරු ලැබුණු බවක් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ බව ද එම පුවතේ සඳහන්ය.  එදා කියූ තව්හිද් ජමාත් කතාව මේවනවිට මාධ්‍ය කතිකාවෙන් අතුරුදන්ව ඇත. 

මෙම පුවත පසුව ලංකාදීප වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන තිබිණි. 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය වෙත නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් තොරතුරක් මත පලකළ ප්‍රවෘත්තියක නිවැරදි කිරීමක් එම වෙබ් අඩවියේ පළකර ඇත. 

25 වනදා වනවිට වෛද්‍යවරයාට එරෙහිව වඳ සැත්කම් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබිණ. එවන් පැමිණිලි ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීම් කළේ ද 25 වනදා පස්වරුවේය.

ඒ අනුව කිසිදු සාක්ෂියක් නොමැතිව, කිසිදු පැමිණිල්ලක් නොමැතිව සමාජය මහත් කැළඹීමකට ලක් කරන කතාවක් මාධ්‍යවෙත ලබාදීමට කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියා කළේ දේශපාලනික අවශතාවයක් මත බවත්  ඔහු 'පොහොට්ටු' පක්ෂයේ හිතවතකු බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

කිත්සිරි ජයලත්ගෙන් තොරතුරු ලබාගෙන පුවත් සකස් කළ මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ අදහස් පළ කිරීමෙන් වළකින ලෙස සිය මිතුරු මිතුරියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබිණි. ඒ, තමන් හවුලේ කළ ප්‍රචාරණ ව්‍යාපෘතියෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා අමාරුවේ වැටුණු බව දැනගත්තාට පසුවය.


61669317 383737412236567 2391290481624481792 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...