2009 වසරේ මුල් වරට සැලසුම් කෙරුණු මෙම ව්‍යාපෘතිය 2018 වසරේදී ටෙන්ඩර් පිරිනමා තිබියදීත්, 2026 වසර වන විටත් එය ක්‍රියාත්මක නොවීම පිටුපස පරිපාලනමය අසමත්කමක් හෝ හිතාමතා සිදු කරන බාධා කිරීම් පවතින බවට සැක කෙරේ.
මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් CID සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. දැනට භාවිත වන වසර 30ක් පැරණි පද්ධතිය අතින් හැසිරවිය හැකි (Manual) එකක් වීම නිසා මෙවැනි වංචා කිරීමට පහසු වී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
2026 මාර්තු 4 වන දින පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ පවතින පද්ධතිය ස්ථාවර බවයි. නමුත් අදාළ මෘදුකාංග සැපයුම්කරු 2024 දෙසැම්බර් මාසයේ සිට සිය සහයෝගය නතර කර ඇති බවට වාර්තා වීමත් සමඟ බලධාරීන් පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු ලබා දී ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම පිටුපස ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් සහ නිලධාරිවාදී බාධා කිරීම් පවතින බවට තොරතුරු වාර්තා වන අතර, රාජ්‍ය අංශයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිවල පවතින වගවීම පිළිබඳව මෙයින් බරපතළ ගැටලු මතු වේ.
මුලාශ්‍රය :
Delayed Digital Motor Registration System Raises Serious Governance Questions




