යාල ජාතික වනෝද්‍යානය හා බැඳුණු සංචාරක කර්මාන්තයේ පැවැත්ම තවත් වසර දහයකට සීමා වනු ඇතැයි හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

ආචාර්ය සුමිත් පිලපිටිය පැවසීය.

එම කාලය ඇතුළත යාල සංචාරක කර්මාන්තය තීරණාත්මක අවධියකට පත්වනු ඇති බවට වන ලක්ෂණ මේ වනවිටත් පෙන්නුම් කරන බව ද ඔහු කීය.

මේ වනවිට යාල ආශ්‍රිතව දක්නට ලැබෙන වන සතුන් ගණන ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බවක් දක්නට ලැබෙන්නේ යැයි ද ඔහු පැවසීය.

යාල සෆාරි මූලිකව බැඳී ඇත්තේ වන සතුන් සමග නිසා ඒ ආශ්‍රිතව දක්නට ලැබෙන වන සතුන් ගණන ක්‍රමයෙන් අඩු වීම සංචාරක ආකර්ෂණය ගිලිහී යාමේ ප්‍රධාන හේතුවක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එක් වරක් හෝ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කළ විදේශීය සංචාරකයන් සතුව එම වනෝද්‍යානය පිළිබඳව එතරම් යහපත් ආකල්ප නොමැති බව ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රතිචාර තුළින් පෙන්නුම් කරන බව ද ඔහු කීය.

මේ කරුණු යාල සෆාරි සම්බන්ධයෙන් නුදුරේදීම යම් තීරණාත්මක සාධකයක් වන බවට පත්වනු ඇතැයිද ආචාර්ය සුමිත් පිලපිටිය අවධාරණය කළේය. 

මේ සම්බන්ධයෙන් එක් පාර්ශ්වයකට පමණක් චෝදනා කළ නොහැකි බව ද ඔහු පැවැසීය.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත අනෙකුත් සියලු පාර්ශ්ව, යාල සෆාරි ජීප් රථ රියැදුරන් සේම එහි පැමිණෙන සංචාරකයන්ද මෙහි වගකීම භාරගත යුතු බව හෙතෙම කීය.

(ඉරිදා මව්බිම)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්