The Leader News
BREAKING
Top Ad
පුවත්

''පාලකයින් හදන යුද්ධයකට ඇන මුරිච්ච් වෙන්න එපා'' - Free Women (ජායාරුප)

T

The Leader Desk

May 19, 2019 • 5:31 AM

''පාලකයින් හදන යුද්ධයකට ඇන මුරිච්ච් වෙන්න එපා'' - Free Women (ජායාරුප)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇන මුරිච්ච් වෙන්න ඕනත් නෑ'' යයි 'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය'(Free Women) පවසයි.
  • අප්‍රේල් 21 අන්තවාදී ප්‍රහාරවලින් පසුව මේ වනවිට සමාජයක් ලෙස මුහුණ දෙමින් තිබෙන අනතුරුදායක තත්වය හා ඉදිරි අභියෝග හමුවේ ස්ත්‍රීන් ලෙස වගකීම් සහගතව කටයුතු කරන්නට මැදිහත්වන ලෙස ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ ලාංකීය ස්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියි.
  • අන්තවාදීන් විසින් සහෝදර ජනයාට පහර දෙමින්, ඝාතන සිදුකරමින්, දේපළ වනසමින් හා කොල්ලකෑමෙන් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මැයි 17 දා පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.
  • ලංකාවේ මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩ තත්වයන් නිසා පමණක් නොව, වසර 30ක් දිග්ගැසුණු යුද්ධයේදී පවා වැඩියෙන්ම පීඩාවට පත්වූයේ කාන්තාවන් සහ දරුවන් බව සිහිපත් කරමින් එම නිහඩ විරෝධයේදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායිකා හේමමාලි අබේරත්න මෙසේ පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇන මුරිච්ච් වෙන්න ඕනත් නෑ'' යයි 'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය'(Free Women) පවසයි.

අප්‍රේල් 21 අන්තවාදී ප්‍රහාරවලින් පසුව මේ වනවිට සමාජයක් ලෙස මුහුණ දෙමින් තිබෙන අනතුරුදායක තත්වය හා ඉදිරි අභියෝග හමුවේ ස්ත්‍රීන් ලෙස වගකීම් සහගතව කටයුතු කරන්නට මැදිහත්වන ලෙස ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ ලාංකීය ස්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියි.

අන්තවාදීන් විසින් සහෝදර ජනයාට පහර දෙමින්, ඝාතන සිදුකරමින්, දේපළ වනසමින් හා කොල්ලකෑමෙන් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මැයි 17 දා පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.

ලංකාවේ මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩ තත්වයන් නිසා පමණක් නොව, වසර 30ක් දිග්ගැසුණු යුද්ධයේදී පවා වැඩියෙන්ම පීඩාවට පත්වූයේ කාන්තාවන් සහ දරුවන් බව සිහිපත් කරමින් එම නිහඩ විරෝධයේදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායිකා හේමමාලි අබේරත්න මෙසේ පැවසුවාය.

 

 ''අපේ දරුවන් ට ආයෙත් යුද්ධයක් අවශ්‍ය නෑ''

“අප්‍රේල් 21 වැනිදා අපේ රටේ සිදුවුණ ඛේදවාචකය මුලු මහත් සමාජයම කම්පනයට පත් කළ සිදුවීමක්. වසර 30ක් යුද අත්දැකීම්වලට මුහුණ දුන් සමාජයක්, ඒ බියෙන් ඔළුව නිදහස් කරගෙන වසර 10 ක් ගත වෙන මොහොතක එල්ල වු මේ ප්‍රහාරය සමාජයම කම්පනයට පත් කළා.

කොහොමවුණත් ඒ ප්‍රහාරයේදි අපේ රටේ අපිත් එක්ක එකට ජීවත් වුන, සහෝදර ගැහැනුන් , පිරිමින් හා දරුවන් සිය ගණනක් ජීවිතවලින් වන්දි ගෙවුවා. හැමදාමත් වගේම මෙවැනි විනාශකාරී දේවල් රකිමින් ඒවා පෝෂණය කරමින්, ඒවා පවත්වා ගෙන යන බේරිලා, ඒවාට කිසිදු විදියකින් සම්බන්ධයක් නැති මිනිසුන් ජීවිතවලින් වන්දි ගෙවනවා. ඒවාට සාක්ෂි වසර 30ක යුද්ධයත් ඇතුළුව, මීතොටමුල්ල, රතුපස්වල, සාමසරකන්ද, නොරොච්චෝලෙ, අරුවක්කාඩු වගේ උදාහරණ ගොඩක් තියෙනවා .

මේ හැම සිදුවීමක් තුළම පීඩාවට පත් වෙන පිරිස අතරිනුත් විශේෂ වූ පිරිස තමයි ගැහැනුන් හා දරුවන්. හැමදාම මෙවැනි විනාශකාරී සිදුවීම් තුළ ඔවුන් අනාරක්ෂිතයි. ඉතා ඉක්මනින් ඛේදවාචකයේ ගොදුරක් බවට ඔවුන් පත්වෙනවා මේ සිදුවීමෙනුත්, මේ සිදුවීමෙන් පසු සිදුවීම් තුළත් අපි ඒක ඇස්වලින් දැක්කා. අපේ දරුවන් ට ආයෙත් යුද්ධයක් අවශ්‍ය නෑ.

වසර 30ක ඉතිහාසයේ අපි වින්ද පීඩාව, අපේ අම්මලා වින්ද පීඩාව, අපේ දරුවන්ට උරුම විය යුතු නෑ. ඒ වගේම තමයි අපි තවමත් මේ ලෝකයේ, සමාජයේ ස්ත්‍රීන් විදිහට නිහඬව සිටීමත් මේ තත්ත්වය පවත්වා ගෙන යන්න පිටුබලයක් වෙනවා. ජාතිවාදය ආගම්වාදය අන්තවාදය පෝෂණය කරන අක්මුල් කපා දැමීමට අපිත් මැදිහත් විය යුතු වෙනවා.

“ලොව සියලු යහපත් දේ බිහිවන්නේ හිරුගේ කිරණින් සහ මවගේ කිරිවලින්“ කියලා මක්සිම් ගෝර්කි කීවේ නිකමට නෙමෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තත්ත්වයන් වෙනස් කරන්න, ඒවා පරද්දන්න, අපි ආදරය පිරුණු සමාජයක් ගොඩ නගන්න ඕනෑ. ඒ සමාජය හදන්න පුලුවන් වෙන්නේ අම්මලාට, බිරියන්ට, පෙම්වතියන්ට. ආදරය තමයි ප්‍රධාන. අපි පළමුව අපිට ආදරය කළ යුතුයි. එසේම අනෙකාට ආදරය කළ යුතුයි.

අපි අපේ දරුවන්ට පුරුදු කරන්න ඕනෑ ආදරය කරන්න. කතා කරන භාෂාව අනුව මිනිසුන් බෙදන සමාජයක් වෙනුවට, එකිනෙකාට ගරු කරන, එකිනෙකා විශ්වාස කරන, එකිනෙකාව තේරුම් ගන්න පුලුවන් සමාජයක් හදන්න ඕනෑ.

අවුරුදු 30ක් තමිල් ජනතාව සැකයට භාජනය වුණා. දැන් මුස්ලිම් ජනතාව අවිශ්වාසයට ගොදුරුවෙන්න පටන් අරන්. ඒකෙ දිග පළල අපි දැක්කේ පසුගිය දවස්වල හලාවත, හෙට්ටිපොළ, මිනුවන්ගොඩ වගේ ප්‍රදේශවලින්. මේ තත්ත්වය විසින් අපිව තල්ලු කරන්නේ කොතැනකට ද කියලා මේ කවුරුත් දන්නේ නෑ.

 

අපි මේ තල්ලු වෙන්නෙ ආපසු යුද්ධයකටද?

යුද්ධ හදන්නෙත් පාලකයෝ. යුද්ධය පවත්වා ගෙන යන්නෙන් පාලකයෝ අපි ඒකෙ අමුද්‍රව්‍ය වෙන්න ඕනෑ නෑ. ඇන මුරිච්ච් වෙන්න ඕනත් නෑ. ළඟම හිටපු හිතවතා, සහෝදරයා, අසල්වැසියා කපා කොටන්න වගේම ඔවුන්ගේ දේපළ විනාශ කරන්න තරම් දිරියක් එන්නේ කොහොමද? අපි මේ තල්ලු වෙන්නෙ ආපසු යුද්ධයකටද? ඒකෙ පල විපාක කාටද.

අපි අපේ දරුවන් ඒකෙ ගොදුරු බවට පත්කරන්න ඕනෑ ද? අපි විශ්වාස කරනවා මේ සමාජයේ සාතිශය බහුතරයක් දෙනාට එහෙම අවශ්‍ය නෑ. ඒ නිසා අසාධාරණය දුටු විට ඒ කම්පනයෙන් වෙව්ලා යන ගැහැනුන් අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අරගල කරන ගැහැනුන් අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් මැදිහත් වෙන ගැහැනුන් අපට අවශ්‍යයි. අද දවස ඒකට පළවෙනි පියවර තැබීම පමණයි.

ඉතින්, අපේ රටේ ජීවත් වෙන සිංහල ,තමිල්, මුස්ලිම් සියලු සහෝදරියනි, ඔබ තුළ තිබෙන පසුගාමිත්වයන් පරදවා අප එක්ව, මේ තත්ත්වයට අපව ගොදුරු කරන සැබෑ සතුරාට එරෙහිව ආදරය පිරුණු සමාජයක් අපේ දරුවන් වෙනුවෙන් ගොඩනගන්න පෙරමුණ ගන්නා ලෙස ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. ''

Free Women 1

Free Women 2

Free Women 3

Free Women 4

Free Women 5

Free Women 6

Free Women 8

Free Women 9

Free Women 10

Free Women 11

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...