මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය, නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ, වෛද්‍ය උපකණ යනාදිය ලබා දීම යැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය අද (19) කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම ජනතාවට හෙළිදරව් කරන ලෙසයි.
එමෙන් ම ප්‍රශ්නගත ඉන්දියානු සමාගම පිළිබඳ විමර්ශනයක් සිදුකළ යුතු බව ද හෙතෙම අවධාරණය කල අතර කුමන රටකින් වුව ද කිසිවකුට මෙරටට බාල ඖෂධ ගෙන්විය නොහැකි බව ද පැවසී ය.
මතු පළ වන්නේ වෛද්‍ය චමිල් විජේසිංහ විසින් පවසන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝ පට ය.




