The Leader News
BREAKING
Top Ad
පුවත්

ඥානසාර හිමි නිදහස් කිරීම පමාවන ලකුණු ! - වීඩියෝවක් එයි !!

T

The Leader Desk

May 23, 2019 • 2:24 AM

ඥානසාර හිමි නිදහස් කිරීම පමාවන ලකුණු ! - වීඩියෝවක් එයි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙයින් උන්වහන්සේ පිළිගැනීම සඳහා අද (23) සවස විශේෂ උත්සවයක් සංවිධානය කර නොමැති බව දිලන්ත විතානගේ මහතා 'ද ලීඩර්' වෙත පැවසිය.
  • ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලෙස සිය අමාත්‍යංශයට නිල වශයෙන් දන්වා නොමැති බව අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් 'ද ලීඩර්' කළ විමසීමක දී පැවසීය.
  • මේ අතර ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, උන්වහන්සේට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා (21) බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැඳවා තිබු බවයි.
  • ඉකුත් 18 වැනිදා වෙසක් පෝදා සිරකරුවන් 762කට වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති පොදු සමාව ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර හිමි හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරක යෙදී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙයින් උන්වහන්සේ පිළිගැනීම සඳහා අද (23) සවස විශේෂ උත්සවයක් සංවිධානය කර නොමැති බව දිලන්ත විතානගේ මහතා 'ද ලීඩර්' වෙත පැවසිය.

සිරදඬුවම් විඳින ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) පස්වරුවේ අත්සන් තබා ඇති බවත් ඒ අනුව අද (23) පස්වරු  3.00  උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක  විතාරන්දෙනියේ නන්ද හිමියෝ මාධ්‍ය වෙත පවසා තිබිණ.

ඒ අනුව අද දිනයේ විශාල පිරිසක් උන්වහන්සේ පිළිගැනීම සඳහා බන්ධනාගාරය අසලට රැස්වීමට නියමිතව තිබිණ.

ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලෙස සිය අමාත්‍යංශයට නිල වශයෙන් දන්වා නොමැති බව අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් 'ද ලීඩර්' කළ විමසීමක දී පැවසීය.


බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවයි !

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, උන්වහන්සේට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා (21) බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැඳවා තිබු බවයි.

ඉකුත් 18 වැනිදා  වෙසක් පෝදා සිරකරුවන් 762කට වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති පොදු සමාව ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර හිමි හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරක යෙදී තිබුණි.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය.


ජනාධිපති සමාව අභියෝගයට !


එසේ අධිකරණයට අපහස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් ලබන ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රධානය නොකරන්නැයි අධිකරණ ඇමතිනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥයින් කිහිප දෙනෙකු ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇති අතර ජනාධිපතිවරයා එකී විරෝධතා නොසලකා කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ජ්‍යෙෂ්ඨ නීතිඥයින් පිරිසක් ඊයේ පස්වරුවේ සාකච්ජා පවත්වා තිබිණ. 

කෙසේවුවද බොදු බල සේනා සංවිධානය පවසන්නේ ඥානසාර හිමියන් අධිකරණයට අපහස කිරීමක් නොකළ බවයි. 

ඥානසාර හිමි අධිකරණයට අපහාස කලේ නැතැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා විසින් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් හා හෝමාගම අධිකරණයේදී ඥානසාර හිමි සහ විනිසුරු අතර සිදුවූ කතා බහ අඩංගු වීඩියෝවක් එම සංවිධානය විසින් මේවනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

 

සබැඳි පුවත් :

"ඥානසාර හිමිට ජනාධිපති සමාව" වාර්තා ඇත්තක්ද?

සතියක් තුලදී ඥාණසාර හිමියන් නිදහස් !

ජනාධිපති බන්ධනාගාරයට : ඥානසාර හිමි සමග රහස් කතා !

බොදු බලයේ නමින් මුස්ලිම් කඩවලට පහරදීමේ සුදානමක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...