නොවැම්බර් 28 වන දින මෙරටට අහිතකර බලපෑම් ඇති කළ ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් පසු ව ඇති වූ හදිසි ගෙවුම් තුලන සහ රාජ්‍ය මූල්‍ය පීඩන සඳහා පිළියම් යෙදීමට සහාය වනු පිණිස වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් සමාලෝචනය කෙටි කලකින් කල් දමා තිබේ.
කෙසේ වෙතත් ලබන වසරේ (2026) මුල් භාගයේ දී ඊට අදාළ සාකච්ඡා යළි ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටී.
(සටහන | ජේ.මුණසිංහ)




