ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම මෙරට තෙවරක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක ගේ දිගු දිවි ගමන අළලා සිනමාවේදිනි අනෝමා රාජකරුණා විසින් නිර්මාණය කරන ලද ''අපේ අම්මා,

අත්තම්මා, අගමැතිනිය : සිරිමාවෝ' වාර්තා චිත්‍රපටය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.   

ඒ අනුව, චිත්‍රපටය හෙට සිට එනම්, සැප්තැම්බර් මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා BMICH සිනමා ශාලාවේදී දිනපතා සවස 3.00ට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

383774420 10160820550252559 2900587890630994939 n
ප්‍රවේශ පත්‍ර එදින සිනමා ශාලා දොරටුවෙන් ලබා ගත හැකි අතර BMICH හි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හෝ සිරිමාවෝ බණ්ඩාරනායක කෞතුකාගාරවලින් ද ප්‍රවේශ පත්‍ර කලින් වෙන් කරවා ගත හැකිය.



සබැඳි පුවත් :

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්