ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධාන කරනු ලබන "විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024" 15 වැනි වරටත් අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.


එහිදී 2023 වසරේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, කෙටිකතා සංග්‍රහය, පද්‍ය කාව්‍ය සංග්‍රහය, ගේය පද සංග්‍රහය, පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහය හෝ තීරු ලිපි සංග්‍රහය හා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්‍රවලට අදාළ ශාස්ත්‍රීය කෘතිය තෝරා සම්මාන ප්‍රදානය කෙරෙනු ඇත.

ඒ අනුව, 2023 වසරේ ප්‍රකාශිත උක්ත අංශවලට අදාළ සාහිත්‍ය නිර්මාණය බාර ගැනීම පෙබරවාරි 28 දක්වා සිදු කෙරේ. 

අදාළ කාල පරිඡේදය තුල ප්‍රකාශයට පත්කළ කෘති පිටපත් දෙක බැගින් බහු විශයිය පර්යේෂණ මධ්‍යස්ථානය, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් බාරදිය හැකි ය.  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්