තම ජනප්‍රිය බ්ලොක්බස්ටර් ක්‍රියාදාම චිත්‍රපටය වන 'ලියෝ' සාර්ථකව තිරගත වීමෙන් අනතුරුව ඉන්දීය ජනප්‍රිය නළු තලපති විජේ ඔහුගේ මීළඟ 68 වැනි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

චිත්‍රපට අධ්‍යක්ෂ වෙන්කට් ප්‍රභූ සමඟ මේ වන විට සිය මීළඟ චිත්‍රපටය 'තලපති 68' සඳහා අත්වැල් බැඳගෙන තිබෙන අතර එහි කටයුතු වේගයෙන් අවසන් කිරීමට නිෂ්පාදක කණ්ඩායමේ අවධානය යොමු වී ඇති බවද වාර්තා වේ.


මේ වන විට හයිද්‍රාබාද්හි රූගත කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර මීළඟ රූගත කිරීමේ කාලසටහන ශ්‍රී ලංකාවේ ජනවාරි දෙවන සතියේ ආරම්භ කිරීමට නියමිතය.
Thalapathy Vijay The Greatest Of All Time GOAT Movie First Look Poster HD
 
මෙහි පළමු පෙනුම සහ පෝස්ටර් නව වසර වෙනුවෙන් එළිදක්වන බව අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රභූ රසිකයන්ට සහතික වී තිබෙන අතර චිත්‍රපටය 'G.O.A.T' (The Greatest of All Time) ලෙස නම් කිරීමට ද නියමිත බවද පැවසේ.
 
කෙසේ නමුත්, තලපතිගේ 68 වැනි චිත්‍රපටය තිරගත වීම තරමටම ශ්‍රී ලාංකික රසිකයින්ට ඔහුගේ පැමිණීමද නව වසරේදී මහත් බලාපොරොත්තු ඇති කරන්නක් වනු නො අනුමානය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්