ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ වැඩි අවධානයකට ලක්ව තිබෙන්නේ ‘නවකතා’ සම්බන්ධයෙන් බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

කවි, කෙටිකතා යන මාධ්‍ය ද්වය පිළිබඳ අවධානය යොමු වන්නේ ඉන් අනතුරුව ය. මීට අමතරව පර්යේෂණ කෘති, ශාස්ත්‍රීය කෘති, යොවුන් සහ ළමා සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු නොවන තරම් ය. ඒ අවම අවධානය හෝ යොමු කර තිබුණේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළෙහි පමණි.

ඉක්බිති ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන රජත පුස්තක සම්මාන උලෙළෙහි දෙවන වසරේ (2018) සිට (මගේ මතකයට අනුව රජත පුස්තක පළමු උලෙළෙහි ඇගයීමට ලක් කළේ කවි සහ කෙටිකතා පමණි) සිංහල යොවුන් සාහිත්‍ය සඳහා ද අවධානය යොමු කෙරිණ. එය හේතුවෙන් ම ලාංකීය සිංහල ලේඛක ලේඛිකාවෝ බොහොමයක් යොවුන් සාහිත්‍ය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරන්නට උනන්දු වූහ. එය හොඳ ප්‍රවණතාවකි. ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට ස්තුති වන්ත විය යුතු ය.Feb 21 invitation 01 1

තත්ත්වය මෙසේ පවතින මොහොතක පසුගිය මාසයේ 24වන (2024/01/24) දින නැවුම් මෙන් ම වඩාත් සුබදායී සාහිත්‍ය කටයුත්තක් පිළිබඳ පුවතක් සැල විය. ඒ, රාජගිරියේ ග්‍රැෆිකෙයාර් ආයතනය යොවුන් සහ ළමා සාහිත්‍ය කෘති එකොළහක් එක වර ජනගත කිරීම පිළිබඳ පුවත ය. ඔවුන් එම සුබ කටයුත්ත සිදු කළේ ගාලු සාහිත්‍ය උත්සවය පාදක කරගනිමිනි. දැන් එම ආයතනය කොළඹ දී ද අදාළ කෘති එකොළහ පිළිබඳ කතා බහක් සුදානම් කර ඇත. ඒ, මෙම මස 21වන (2024/02/) දින සවස 03.00ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍රයේදී ය

මෙම සුබ මොහොතේ දී මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ සාහිත්‍යවේදී මහින්ද නාමල් විසිනි. මීට අමතරව අදාළ කෘති රසවිඳි දූ, පුතුන් කිහිප දෙනෙක් ද සිය අදහස් දැක්වීමට සුදානමෙන් සිටින බව ග්‍රැෆිකෙයාර් ආයතනය පැවසී ය.

සැබැවින් ම මෙය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් වනු නොඅනුමාන ය. එමෙන් ම කඩදාසි මිල දැවැන්ත ලෙස ඉහළ ගොස්, පොත් සඳහා ද වැට් බද්දක් නියම කර ඇති මොහොතක යොවුන් සාහිත්‍ය කෘති එකොළහක් එක වර පාඨක ප්‍රජාව වෙත මුදා හැරීම ද වෙසෙස් කර්තව්‍යකි; ඇගයිය යුතු  කර්තව්‍යකි. එබැවින් ඉඩක් තිබේ නම් හැකි සෑම කෙනෙකුට ම (හැකි නම් තමන්ගේ යොවුන් දූ පුතුන් සමග ම) මෙම අවස්ථාවට සහභාගි වන්නැයි රාජගිරියේ ග්‍රැෆිකෙයාර් ආයතනය ආරාධනා කර සිටි.

මතු දැක්වෙන්නේ දරුවකුගේ පූර්ණ පෞරුෂ වර්ධනයට බලපාන වම් මොළයේ සහ දකුණු මොළයේ සංවර්ධනයට උපකාරීවන ලෙස සකස් කළ10+ ළමා සහ යොවුන් කතා කෘති පෙළෙහි සහ එම කෘති රචනා කළ ලේඛක ලේඛිකාවන්ගේ නාම ලේඛනය යි.

 “බතලැළ” - රංජිත් මල්ලියාවඩු 

“මී බලකාය” - චූලානන්ද සමරනායක 

“සෙල්ලම” - ලලිත් පුෂ්පකුමාර

“මෙන්න බොලේ ගේම් එකක්” - මලිඳු කාවින්ද කුමාරසිංහ

“බව් වව් වව්” - චම්මි ඉරේෂා කරපුටුගල

“චාරු චාරු අච්චාරු” - තරුරසී ප්‍රනාන්දු

“කොකුවිල් ළමයි” - සඳරැසී සුදුසිංහ

“ගිරුවාපත්තුවේ නිවාඩුවක්” - දුමින්ද ජයවර්ධන

“අහුංචියා” - රෝහිණී ජයන්ති ලියනගේ

“කොළඹ 06” - අශෝක කුලතුංග

“පොඩි එකා” - චන්දිමාල් ජයකොඩි

J Book 2023.02.17
(ජයසිරි අලවත්ත)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image