මොරටුවෙ හැදිල, වැඩිල සංගීතයට යොමු වුණ බුද්ධි ද මැල් ඇමෙරිකා එක්සත් ජනපදයට ගියේ වැඩිදුර සංගීතය හදාරන්න.


ඒ ගමනට ඔහුට ඇමෙරිකාවෙ Green Card එකත් උපකාරී වෙනව.

වැඩිදුර සංගීතය හදාරද්දි බුද්ධිට අපූරු මිත්‍රයෙක් මුණගැහෙනව. 

ඒ තමයි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ Guy Longstreet.

ඒ අතරෙ Guy ඔහුගෙ නවතම නිර්මාණය, Black Jade සිනමා පටය Amazon Prime ඔස්සෙ නිකුත් කරනවා. 

Black Jade දැක්කට පස්සෙ බුද්ධිට කදිම අදහසක් පහළ වෙනවා.

ඒ තමයි ඔහුගෙ "ඔබ මාගෙ, මාගෙ, මාගෙ මැයි" ගීතය ඒ චිත්‍රපටයෙ තේමාවත් එක්ක හොඳින්ම ගැලපෙනව කියන එක. ගීතය රචනා කළේ සෝමලතා හේරත් මැණිකේ.

බුද්ධි ඒ අදහස හොලිවුඩ් අධ්‍යක්ෂ Guy ට කියනව. ඔහුත් ඒ අදහසට එකඟ වෙනවා.

ඒකෙ ප්‍රතිඵලයක් විදියට බුද්ධිගෙ ගීතය චිත්‍රපටයෙ අලුත් සංස්කරණයට එකතු කරන්න Guy එකඟ වෙනව.

ඒ විදියට තමා සිංහල ගීතයක් පළවෙනි වතාවට හොලිවුඩ් සිනමාවට එකතු වෙන්නෙ.

ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)සරෝජ් පතිරණ 
(Sandeshaya by Saroj)

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්