සාහිත්‍ය කලා නිර්මාණයේ යෙදෙන ඕනෑම පුද්ගලයකු තමන් ජීවත්වන සමාජයේ පවතින විවිධාකාර සිද්ධි සිය නිර්මාණ කුසලතාවට හසු කරගන්නා
විට එම කලාකරුවා හෝ කලාකාරිය තම නිර්මාණයට ග්‍රහණය කරගන්නේ තමන් මතු පිටින් අත් දුටු දේ ම නොවීම සාහිත්‍ය කලාවට අත් කර දෙන්නේ ඉමහත් විශිෂ්ටත්වයකි. මන්ද කලාව යනු අසන, ඇසෙන, දකින දෑ ඒ ආකාරයෙන් ම වාර්තා කිරීමක් නොවන බැවිනි.
මතු දැක්වෙන කාව්‍ය නිර්මාණය ඊට කදිම නිදසුනකි.
උරමත එලාගෙන
සුදු සාටකය
පෝදාට
ආවාට - පන්සලට
සිල් ගන්ට
පැදුරට
ඉටි රෙද්දට
බිත්තියට
බිත්ති කණුවට
බිත්ති මුල්ලට
අමතක නෑ නේද
ඔට්ටු වෙන්නට
රණ්ඩු අල්ලන්නට
නොදී අනෙකෙකුට
තමන්ටම
හිමිකර ගන්නට
ඉතින්
පුළුවන් ද
උපාසකයිනි
ඔබට නිවන් මඟ
පෙන්වන්ට
අපේ හාමුදරුවන්ට
උතුම් ශ්‍රී සද්ධර්මයට
තිලෝනා හිමි දෙසූ
ගෝතම දහමට
මෙම නිර්මාණය උපුටා ගත්තේ කීර්ති එස් කුමාර කවියාගේ ‘‘ඇඩ්‍රස් නෑ අම්මෙ අපට’’ කාව්‍ය සංග්‍රහයෙනි. හෙතෙම මෙම නිර්මාණය නම් කර තිබෙන්නේ ‘‘නිවෙනු කෙළෙස ද නිවනින්’’ යන මැයෙනි. කවියා මෙම නිර්මාණය සඳහා සම්මතයේ පවත්නා කාව්‍යෝක්ති කිසිවක් භාවිතයට ගෙන තිබෙන බවක් දක්නට නොමැත.
මතු දැක්වෙන කාව්‍ය නිර්මාණය ඊට කදිම නිදසුනකි.
උරමත එලාගෙන
සුදු සාටකය
පෝදාට
ආවාට - පන්සලට
සිල් ගන්ට
පැදුරට
ඉටි රෙද්දට
බිත්තියට
බිත්ති කණුවට
බිත්ති මුල්ලට
අමතක නෑ නේද
ඔට්ටු වෙන්නට
රණ්ඩු අල්ලන්නට
නොදී අනෙකෙකුට
තමන්ටම
හිමිකර ගන්නට
ඉතින්
පුළුවන් ද
උපාසකයිනි
ඔබට නිවන් මඟ
පෙන්වන්ට
අපේ හාමුදරුවන්ට
උතුම් ශ්‍රී සද්ධර්මයට
තිලෝනා හිමි දෙසූ
ගෝතම දහමට
මෙම නිර්මාණය උපුටා ගත්තේ කීර්ති එස් කුමාර කවියාගේ ‘‘ඇඩ්‍රස් නෑ අම්මෙ අපට’’ කාව්‍ය සංග්‍රහයෙනි. හෙතෙම මෙම නිර්මාණය නම් කර තිබෙන්නේ ‘‘නිවෙනු කෙළෙස ද නිවනින්’’ යන මැයෙනි. කවියා මෙම නිර්මාණය සඳහා සම්මතයේ පවත්නා කාව්‍යෝක්ති කිසිවක් භාවිතයට ගෙන තිබෙන බවක් දක්නට නොමැත.
එහෙත් ඔහු තත්තකාලින සමාජයේ පවත්නා දහසකුත් ව්‍යසනකාරී ක්‍රියා අතුරෙන් ඉතා කුඩා අංශුවක් සිය නිර්මාණය සඳහා උපස්තම්භක කරගෙන ඇත. මෙම නිර්මාණය තුළ කාව්‍යෝක්ති කිසිවක් නොතිබුණ ද එහි කාව්‍යමය ගුණයෙහි අඩුවක් දක්නට නොලැබෙන බව මගේ හැඟීම ය. කවියා කවියට නගන්නේ අදාළ ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන තිත්ත ඇත්ත ය. නමුදු මේ තිත්ත ඇත්ත නිර්මාණයක් තුළින් වුව ද සමාජ ගත කරන්නට නිර්මාණකරණයේ යෙදෙන බොහෝ පිරිස් පසුබසින වාතාවරණයක් තුළ කීර්ති එස්. කුමාර කවියා එය සිය නිර්මාණයක් තුළින් සමාජ ගත කරයි. එය සාහිත්‍ය කලාවෙහි නිරතවන ඕනැම පුද්ගලයකුගේ යුතුකමක් නොව වගකීමකි. කීර්ති එස්. කුමාර කවියා එකී වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් මම ඔහුට නොවක් තුති පුදමි.
‘‘ඇඩ්‍රස් නෑ අම්මෙ අපට’’ නිර්මාණ සංග්‍රහයේ අන්තර්ගත තවත් බොහෝ නිර්මාණ මේ ආකාරයට සමාජයේ දක්නට ලැබෙන තිත්ත ඇත්ත පිළිබඳ නිරාවරණය කරන්නට සමත් වී තිබේ. ඒ, කවියා අදාළ සිද්ධි කියවා ගන්නා ආකාරයට සිය පරිකල්පන ශක්තිය ද මුසු කර ගනිමිනි.
මෙම නිර්මාණ සංග්‍රහයෙහි අන්තර්ගත ‘‘සර්ව පිත්තල මිනිස්සු’’ නමැති නිර්මාණය ද සමාජයේ විවිධ ස්ථානවල පවත්නා මුග්ධ භාවය කදිමට ස්ඵුට කරන්නකි. එම නිර්මාණයෙහි ද මෙහි අන්තර්ගත කාව්‍යෝක්ති කිසිදු විදග්ධ භාවයකින් තොර වුව ද කවියා භාවිත කරන ව්‍යංගාර්ථ තුළ බරපතළ සමාජ ඛේදවාචක ගණනාවක් සැඟව පවතී.
අත් නොහරින බුදු බණ
හිතේ උද්දච්චකමට
උනුන් හා වැරදීමකින් වත්
දත සුද නොපෙන්වන දන
පිරිකරට අත ගසා පඬුරක් පුදා
මීළඟ වස් පිංකමට
නම්බුකාරගේ අලංකාර
බැතිමත්හු පෝලිමක
අජානේය තුරඟන් සේ
අහසේ තරුකැට ගණින
පොළොවේ වැලි කැට මනින
අපාගත මහලු අනංගයන්
මිනිපිරියන්ගේ
අඟපසඟ පිරිමැද
සුවඳ කැකුළු මල් නෙළා
මාල ගොතන්නට ආරා’දින
සිල් අරන් හිමිදිරියේ
සිල් මුදාගෙන ගොම්මනේ
හූනියම් පෙට්ටිය ළඟ
ඇස, කන, කට, බලියා
උපාසක උපාසිකා
පින් ඇති පෙම්වතුන්
ප්‍රීතියෙන්
දරුවන් වඳ කරන
කාමරවල මහල්ලන් සමග
යළිත් පෝය සඳ නැගෙන තුරු
දත් නැති කටින්
උක්ගස්වල මුල සිටි පැණි සොයන
වාත තෙලෙන් සිල් තවන
අත්තම්මලා සීයලා
ඉඩම් නඩුවලට හබ
ඒවං මේ සුතං ඒකං සමයං
භගවා සාවත්තියං
විහරතී ජේතවනේ
අනාථ පිණ්ඩිකස්ස ආරාමේ
නව ඕජාවෙන් මත්ව
නිළි සුද සමඟ
පෙම් බැඳ
තුරුණු සග ගණ
අරගලයක් මැද
සිත කය වචනය නොසන්සුන්ව....!
මා විසින් දකින ලද
සොඳුරු ධර්මද්විපයක වගය මේ
මෙහි අන්තර්ගත සෑම වක් බිණුමක් ම පාහේ එදිනෙදා ජීවිතයේ භාවිත වදන්වලින් නිර්මිත ය. නමුදු එබඳු වදන් පවා කවියා භාවිත කරන්නේ කිසියම් යටි පෙළක් වක්‍රෝක්තියෙන් සමාජ ගතකිරීම උදෙසා ය. එය ඉතා සරල යැයි කිසිවකුට සිතිය හැකි ය. නමුදු එම සරලත්වය කැණ බැලිය හැකි නම් එහි ගැඹුර කෙතරම් ද සහ ඒ ගැඹුරෙහි සැඟව පවත්නා බහු අරුත් සොයා පාදාගත හැකි ය.
මෙම නිර්මාණ සංග්‍රහයෙහි අන්තර්ගත බහුතරයක් නිර්මාණ ඉතා දීර්ඝ ය. ඒ අතර ම ඉතා කෙටි නිර්මාණ කිහිපයක් ද අන්තර්ගත ය. මා දුටු විශේෂත්වය නම් කවියා බොහෝ අවස්ථාවල දීර්ඝ නිර්මාණ තුලින් විදාරණය කරන්නට යත්න දරා ඇති සමාජ යථාර්ථ ඊට වඩා පහසුවෙන් සහ ක්ෂණිකව ඔහුගේ කෙටි නිර්මාණ තුළින් කාව්‍ය පාඨක මනසට ඇතුළත් කර, පාඨක ප්‍රජාව වෙත ඉතා අපූරු වින්දනයක් ලබා දෙන්නට සමත් වී ඇති බවයි.
ගන්ධබ්බයන්
උපදින්නට
පෙරුම් පුරති
කෝටි ගණන්
ගබ්සා
පෝලිම්වල
අම්මලා
නසති
ළමුන්
නොමැත ගණන්
වත්මන් සමාජයේ පවත්නා බරපතළ ඛේදවාචකයක් කවියා වදන් දහතුනක් භාවිත කරමින් ඉතා අපූරුවට සමාජ ගත කරයි. මෙය කවියක් දැයි ඇතැමකු ප්‍රශ්න කරන්නට පිළිවන; වදනින් වදන වෙන් කර එක වදනක් යට තව වදනක් ලිවීමෙන් පමණක් මෙය කවියක් වේ දැයි තවත් කිසිවකු අසන්නට පිළිවන. ඒ, එසේ අසන පුද්ගලයාගේ දැක්ම යි. ඒ සඳහා අපට කිසිවක් පැවසිය නොහැකි ය. නමුදු කාව්‍ය පාඨක ප්‍රජාව විමසිලිමත් විය යුත්තේ ඒ කිසිවක් පිළිබඳව නොව කුමනාකාරයෙන් හෝ කවියා හුදු වාර්තාකරණ ස්වභාවය ඉක්මවමින් පවසා ඇති දෑ පිළිබදව ය; අප ග්‍රහණය කරගත යුත්තේ එහි යටි පෙළ අරුත ය.
කිසිදු කාව්‍යෝක්තිමය ස්වභාවයක් නොමැති ඇතැම් කාව්‍ය නිර්මාණ තුළින් මෙන් ම බරපතළ කාව්‍යෝක්ති උපස්තම්භක කරගනිමින් නිර්මිත පබැඳුම් ද මෙම කෘතියෙහි අන්තර්ගත ය. මේ ඊට කදිම නිදසුනකි. කවියා මෙය නම් කර ඇත්තේ ‘‘ධර්ම......!’’ යන මැයෙනි.
දුම්කොළ වගාවෙන්
නිසරු වී ගිය
පොළොව මතට
මුවග රැඳි
සුරුට්ටු කොටය
බිම දමා පාගා....
සිනාසුණේය
දකුණට
හැරී
සුබ්‍රමනියම් ධර්මලිංගම්
මෙම නිර්මාණයේ උත්ප්‍රාසාත්මක අවස්ථාව වන්නේ:
‘‘සිනාසුණේය
දකුණට
හැරී’’
යන වදන් පෙළ ය. කවියේ බහු අරුත ප්‍රකට කෙරෙන්නේ ද එම වදන් ත්‍රිත්වයෙනි.
උපදින්නට
පෙරුම් පුරති
කෝටි ගණන්
ගබ්සා
පෝලිම්වල
අම්මලා
නසති
ළමුන්
නොමැත ගණන්
වත්මන් සමාජයේ පවත්නා බරපතළ ඛේදවාචකයක් කවියා වදන් දහතුනක් භාවිත කරමින් ඉතා අපූරුවට සමාජ ගත කරයි. මෙය කවියක් දැයි ඇතැමකු ප්‍රශ්න කරන්නට පිළිවන; වදනින් වදන වෙන් කර එක වදනක් යට තව වදනක් ලිවීමෙන් පමණක් මෙය කවියක් වේ දැයි තවත් කිසිවකු අසන්නට පිළිවන. ඒ, එසේ අසන පුද්ගලයාගේ දැක්ම යි. ඒ සඳහා අපට කිසිවක් පැවසිය නොහැකි ය. නමුදු කාව්‍ය පාඨක ප්‍රජාව විමසිලිමත් විය යුත්තේ ඒ කිසිවක් පිළිබඳව නොව කුමනාකාරයෙන් හෝ කවියා හුදු වාර්තාකරණ ස්වභාවය ඉක්මවමින් පවසා ඇති දෑ පිළිබදව ය; අප ග්‍රහණය කරගත යුත්තේ එහි යටි පෙළ අරුත ය.
කිසිදු කාව්‍යෝක්තිමය ස්වභාවයක් නොමැති ඇතැම් කාව්‍ය නිර්මාණ තුළින් මෙන් ම බරපතළ කාව්‍යෝක්ති උපස්තම්භක කරගනිමින් නිර්මිත පබැඳුම් ද මෙම කෘතියෙහි අන්තර්ගත ය. මේ ඊට කදිම නිදසුනකි. කවියා මෙය නම් කර ඇත්තේ ‘‘ධර්ම......!’’ යන මැයෙනි.
දුම්කොළ වගාවෙන්
නිසරු වී ගිය
පොළොව මතට
මුවග රැඳි
සුරුට්ටු කොටය
බිම දමා පාගා....
සිනාසුණේය
දකුණට
හැරී
සුබ්‍රමනියම් ධර්මලිංගම්
මෙම නිර්මාණයේ උත්ප්‍රාසාත්මක අවස්ථාව වන්නේ:
‘‘සිනාසුණේය
දකුණට
හැරී’’
යන වදන් පෙළ ය. කවියේ බහු අරුත ප්‍රකට කෙරෙන්නේ ද එම වදන් ත්‍රිත්වයෙනි.
බුදු දහමේ ඉගැන්වෙන පරිදි නිවන් දැකීම සඳහා පවත්නා බාධක ත්‍රිත්වයක් ලෙස රාග, ද්වේශ සහ මෝහ නමැති මළ ත්‍රිත්වය පිළිබඳ හඳුන්වා දී ඇත. එමෙන් ම සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම යන දිනයේ නලඟනන්ගේ විකාර දුටු ආකාර ය ද බෞද්ධ ඉතිහාසයේ සඳහන් කර ඇත. කාව්‍යකාරයකු හට මේ සෑම සිද්ධියක් ම තමන්ගේ ම පරිකල්පන ධාරාවක් ඔස්සේ ප්‍රතිනිර්මාණය කළ හැකි ය. මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත වන ‘‘සසර දුටිමි’’ නමැති කෙටි නිර්මාණය ඊට කදිම නිදසුනකි
රෑ
මුල
ප්‍රේමය
රෑ
මැද
මෝහය
රෑ
අග
කුණු කෙළ
බැලු බැල්මට මෙය කවියක්දැයි සිතෙන තරමට සරල පබැඳුමකි. නමුදු මඳක් ගැඹුරින් සිතා බැලුව හොත් අප මහත් අභිරුචියෙන් රස විඳින බොහෝ දෑ අවසන ඉතිරිවන්නේ මොනවා ද යන්න මෙම නිර්මාණය තුළින් කදිමට ප්‍රකට කෙරේ. නිර්මාණය පබඳින්නේ වදන් දහයකින් වුව ද එතුළ වදන් දහසකින් වුව පැවසිය හැකි ගැඹුරු අරුතක් සැඟව පවතී. ඒ අන් කිසිවක් නොව කවියාගේ කවිතාව යි.
මතු දැක්වෙන්නේ තවත් එබඳු ගැඹුරු අරුතක් සහිත කෙටි කවියකි.
පළමුව
පුරහඳ
නරඹා
දෙවනුව
ඔබෙ
මුහුණ
බැලිමි
පැහැදිලි විය.....
අමාවක ද
අත
ළඟ
බව
මෙය එක් එක් පාඨක පාඨකාවකට විවිධ ආකාරයෙන් අරුත් ගැන්විය හැකි ය. ඒ කෙසේ අරුත් ගැන්වුව ද කවියා කෙටියෙන් ම පවසන්නේ හොඳ පසුපස නරක ද, සතුට පසුපස දුක ද පවතින බව සහ සියල්ල වෙනස්වනසුලු බව නොවේ ද...? ඉදින් පාඨක ප්‍රජාවනි..., කවියකින් හැර මෙතරම් අවම වදන් ප්‍රමාණයකින් මෙය පැවසිය හැකි අන් ක්‍රමයක් පවතී ද...?
වෙසඟන, ගණිකාව, පුරඟන, රෑ සමනලිය, රෑ මනමාලිය යනාදි විවිධ නම්වලින් හඳුන්වන්නේ පිරිමින්ගේ ආශා සන්සිඳුවමින් මුදල් උපයන කාන්තාව බව ප්‍රසිද්ධ කරුණකි. එබඳු කාන්තාවකගේ සිරුරෙහි පහස ලබන බහුතරයක් පිරිමි ඇගේ හදවතෙහි ඇවිළෙන ගින්න පිළිබඳ මායිම් නොකරති. ‘‘පුරඟන’’ නිර්මාණය තුළින් ඇගේ ළය දෙයාකාරයකට ක්‍රියාත්මක වන බව කවියා ඉතා අපූරුවට පබඳා ඇත.
උඩු ළය
සළෙලුන්ට
යටි ළය
දරුවන්ට
මෙම කෙටි කාව්‍ය තුළ ද වචන දහසකින් වුව ද ලිවිය හැකි ඛේදවාචකයක් පිළිබිඹු නොකෙරෙන්නේ ද...? කාව්‍ය නිර්මාණයකින් හැර වෙනත් කුමන හෝ නිර්මාණයකින් එකී ඛේදවාචකය මෙතරම් සංක්ෂිප්තව පැවසිය හැකි ද...?
මා මෙහි විමංසනයට බඳුන් කළ නිර්මාණ කිහිපය හැරුණු විට ‘‘ඇඩ්‍රස් නෑ අම්මෙ අපට’’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත: ‘‘ඉලන්දාරි හීන’’, ‘‘නාය ගිය බටර් කඳු’’, ‘‘එයා අලුත් එකියක් වෙන්ටැති’’, ‘‘ඉස්සා’’, ‘‘ඕං ඉතිං මමත් ඩබල් වුණා’’, ‘‘ඇය රමණී’’, ‘‘කිරිල්ලියකගේ හදවත’’ සහ ‘‘පුරුදු ගෙදරට එන්න’’ නමැති නිර්මාණ මගේ රසවින්දනයට ගෝචර වූ නිර්මාණ බව ද සඳහන් කළ යුතු ය. එමෙන් ම: ‘‘රන්මසු ළඳ’’, ‘‘පැණි වළලු’’, ‘‘පොඩ්ඩකට ගමට ගිහින් එමු ද?’’, ‘‘විප්ලවවාදියාට හමු වූ පරණ පෙම්වතිය’’, ‘‘අද රෑට මං කොළඹ’’, ‘‘අපට අවුරුදු නෑ මහත්තයා’’ සහ ‘‘පඹයන්ට කියමි’’ නමැති නිර්මාණ සඳහා පාදක කරගත් අනුභුති කෙතරම් සංවේදී වුව ද කවියා එකී අනුභූතිය කවියක් ලෙස ඉදිරිපත් කිරීමේ දී කිසියම් අසමත් භාවක් පෙන්නුම් කරන බව ද සඳහන් කළ යුතු ය.
වෙසෙසින් ම එම නිර්මාණ එතරම් දීර්ඝ ලෙස ඉදිරිපත් කිරීම තුළ පාඨකයා වෙහෙසට පත්වනවා සේ ම කවියේ සුප්‍රීතුව හෙවත් සාරය මගහැරෙන බව මගේ පුද්ගලික හැඟීම ය. සමස්තයක් ලෙස ගත් විට මට හැඟී ගියේ දීර්ඝ කාව්‍යකරණයට වඩා කවියා සමත්කම් දක්වන්නේ කෙටි කාව්‍යකරණයට බවයි. ඉදිරි නිර්මාණකරණයේ දී මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් කවියා තුළ සැඟව සිටින ‘කෙටි කවියා’ හඳුනා ගත හැකි බව සක් සුදක් සේ පැහැදිලි ය.
රඹුක්කන කීර්ති එස්. කුමාර නමැති කවියා කවිකමට මතු නොව සිතුවම්කරණයට ද දක්ෂතා දක්වන්නකු බව මෙම කෘතියෙහි අන්තර්ගත සිතුවම් සාක්ෂි දරයි. ඔහුගේ කාව්‍යාත්මක සිතුවම් කිහිපයක් ද මෙම වියමන සමග මුසු කළේ එබැවිනි.
සැ.යු. - උපුටා ගත් සියලු නිර්මාණවල අක්ෂර වින්‍යාසය, විරාම ලකුණු සහ පද බෙදීම් කෘතියේ අන්තර්ගත පරිදි ම ය.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024/03/31
සැ.යු. - උපුටා ගත් සියලු නිර්මාණවල අක්ෂර වින්‍යාසය, විරාම ලකුණු සහ පද බෙදීම් කෘතියේ අන්තර්ගත පරිදි ම ය.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/03/31