leader s

‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයෙන් මෙරට මෙන්ම විදෙස්ගත වී සිටින ලාංකිකයන්ගේ ද ආදරය දිනාගත් වාසව බදුගේ ගේ දෙවැනි සිනමා නිර්මාණය

‘විසල් ආදරේ’ ඊයේ (03දා) සිට එම්.පී.අයි. ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීම ඇරඹින.

විසල් ආදරේ සඳහා සචින් ලියනගේ, දිනක්ෂි ප්‍රියසාද්, රශීප්‍රභා සංදීපනී හා නිමේෂ් වීරංග ප්‍රධාන චරිත නිරූපණය කරති.

ආදරය තේමාකරගත් අපූරු කතාවක් රැගත් මෙම චිත්‍රපටයේ තිර රචනය ඩිල්ෂි තත්සරණීගෙන් වන අතර සංගීතයෙන් හා ගායනයෙන් යසස් මැදගෙදර සම්බන්ධ වෙති.

මෑතකදී නිකුත් කළ 'විසල් ආදරේ' ගීත මෙන්ම එහි පූර්ව ප්‍රචාරක පටයද ආකර්ෂණීය වාණිජ චිත්‍රපටයක ලකුණු පෙන්වයි.

විසල් ආදරේ චිත්‍රපටය ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානියේ සමගාමී ප්‍රදර්ශන සිදු කිරීමටද නියමිතය.

(mirrorarts.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil