''හදනවායැයි කියන ලෝකය වෙනුවට හැදිය යුතු ලෝකය හදන විප්ලවය ප්‍රායෝගිකයි''  


සිනමා කෘතියක් නිර්මාණය කරන අභිප්‍රායයෙන්ම පසුවන සිනමාකරුවකු රූපයත් සමග නියැලී සිටින අරගලය යනු ඔහුගේ සිනමාවයි. රූපාන්තර රූපයත් සමඟ වූ අරගලය පරිසමාප්ත වන්නට නම් ඔහුගේ අභිප්‍රායය අපූර්ව විප්ලවයක් විය යුතු වෙයි. එසේ රූපයත් සමග සක්‍රීය වීම සටන්කාමී අරගලයක් වන තරම තීන්දු කරනුයේ එම රූපීය විප්ලවය සමග බද්ධ වන සමාජ කතිකාවයි. එනම්, සමාජ කතිකාවට හිමි වන කාලීන වලංගුභාවයට අනුවයි. එබඳු සමාජ කතිකාවකටත් වඩා එහි තීරකයා ප්‍රශ්න කිරීමක් 'මයි රෙඩ් කොමරේඩ්' සිනමා කෘතියෙහි වේ. 

 

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයකඑබඳු සමාජ කතිකාවකටත් වඩා එහි තීරකයා ප්‍රශ්න කිරීමක් 'මයි රෙඩ් කොමරේඩ්' සිනමා කෘතියෙහි වේ. 
මෙතෙක් කල් සිදුවූයේ සමාජ ගැටළුව ප්‍රශ්න කිරීමකි. මෙහි ඇත්තේ එම සමාජ අර්බුදයේ වගකිවයුතු තීරකයකු ලෙස වාමාංශීක සටන්කාමියා ගැන විමසිලිමත් වීමකි. පළමුව හේතුව විමසා දෙවනුව ඵලය විභාග කළ හැකියැයි සිනමාකරුවා සිතයි. එම ඵලය විනිශ්චය කිරීම ඔහු අප මත තබන කූටප්‍රාප්තියකින් සිය චිත්‍රපටය අවසන් කරයි.  

අතිප්‍රබල සිනමා රූප කලමනාකරණය ''මයි රෙඩ් කොම්රේඩ්''හි කැපී පෙනෙන විලාසයයි. සිනමා රූපය තම ආත්ම ප්‍රකාශනය සඳහා හිතුවක්කාර ලෙස යොදා ගන්නා සිනමාකරුවා සිය රූපමය අරගලය තුළ ශිල්ප හරඹ පායි. එම විප්ලවීය මැදිහත්වීම මෙම චිත්‍රපටයෙහි වඩාත් කැපී පෙනෙන ලක්ෂණයයි. මෙතෙක් සමාජ අර්බුද ප්‍රශ්න කළ දේශපාලන සිනමාවම ප්‍රශ්න කරමින් මෙම සිනමාකරුවා එකී සමාජ ව්‍යසනය විසඳිය යුත්තා ප්‍රශ්න කරයි. සිනමාකරුවා සිය අවි යොමන්නේ අරගලය දෙසට නොව අරගලකරුවා දෙසටය. සැබෑ සටන ඇරඹෙන්නේ සිනමාකරුවා තම සටන නවතන තත්පරයෙනි. ඔහු පසෙකට වී ඉදිරි පෙළ සන්නද්ධ රසිකයාට යුද්ධය භාර දෙයි. මෙම සිනමා කෘතියෙහි බලවත් ප්‍රකාශන ස්වරූපය එයයි. සැබෑම යුද්ධය ඇරඹෙන්නේ ප්‍රභාකරන් මරා දැමූ පසුවය. විජේවීර මරා දමන තැනින් මෙම චිත්‍රපටයේ යටිපෙළ රූපාවලිය බලාත්මක වෙයි.

WhatsApp Image 2024 03 27 at 3.29.09 PMඔය හදනවායැයි කියන යහපත් සමාජයේ අපට ඉඩක් නැද්ද

 

මෙතෙක් අප ඇසුරු කළ මෙරට දේශපාලන චිත්‍රපටවල ලෝකය විවිධාකාරව අර්ථ දක්වා ඇත. දැන් අපට අවශ්‍ය වනුයේ ලෝකය ගැන අර්ථකථන නොව ලෝකය වෙනස්කළ හැකි ප්‍රායෝගික විධියකි. ''ඔය හදනවායැයි කියන යහපත් සමාජයේ අපට ඉඩක් නැද්දැයි'' ස්ත්‍රිය පුරුෂයාගෙන් විමසන තැන ඇත්තේ බරපතළ ගැටළුවකි. ''හදනවායැයි කියන'' සහ ''හදන'' ලෝකය යනු කුමක් විය යුතුදැයි මෙහි විමසයි. 

වෙනස් වීම පිළිබඳ න්‍යාය වෙනුවට වෙනස් කිරීම සඳහා වූ අවබෝධය ලැබීම සහ ඒ අනුව වෙනස් වීම යන ක්‍රියාව තුළ ඇය සිටී. වාමාංශික අරගලකරුවාගේ න්‍යාය පුස්තක ගිනි තබා විනාශ කරනුයේ සහ එම ගින්නටම දමා පොත් කටපාඩම් කරන්නන් විනාශ කළ යුතු බව මෙහි කියයි. මෙම සිනමා කෘතියෙහි වනුයේ ලෝකය විග්‍රහ කිරීමකින් ඔබ්බට ගොස් එකී ලෝකය වෙනස් කිරීමට සුදුසු ක්‍රමයක් යෝජනා කිරීමයි. ''හදනවා යැයි කියන විප්ලවකරුවා'' මරා දමා හැදිය යුතු ලෝකය හදන විප්ලවකරුවා බලගන්වමින් මේ සිනමාකරුවා තම කාරිය නිම කරයි. මනෝරාජික සමාජවාදියා සහ සැබෑ සමාජවාදියා වෙන් කොට හඳුනාගත යුතු බව මෙහි අවධාරණයයි. 

 

My Red Comrade.1දේශපාලනය හැර අපි මොනවා හරි කතා කරමු

''දේශපාලනය හැර අපි මොනවා හරි කතා කරමු'' කියා යෝජනා කරන තරමටම ඇය මේ අරගලකරුවාගේ සිත වෙනස් කරමින් සැබෑ විප්ලවයක නියුතු වෙයි. වාමාංශික බුද්ධිමතා බුද්ධිශෝධනයකට ලක් කරයි. සමාජ විප්ලවයක් කරා දිගු කළ යුතු සැබෑම විප්ලවය පළමුව සිදුවිය යුත්තේ මහ පොළොවෙහි නොව සිත් තුළ බව මෙම සිනමාකාර අරගලකරුවාගේ සටන් පාඨයයි.

සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ 'මයි රෙඩ් කොමරෙඩ්' චිත්‍රපටය ගොඩනැගෙන්නේ පරම්පරා දෙකකට අයත් ප්‍රතිපක්ෂ චරිත දෙකක් අතරය. එනම් තමා පසුපස හඹා එන ඝාතකයින්ගෙන් බේරී සැඟවී සිටින අරගලකරුවකු සහ එම ඝාතකයන් විසින් මරා දැමුණූ අරගලකරුවකුගේ දිය‚යයි. අඛන්ඩව දිවෙන දීර්ඝ දර්ශන මත ඔවුනොවුන්ගේ ආත්මකථන තැඛෙයි. එහි ඇත්තේ න්‍යායාත්මක කතාබහකි. තාර්කික ද්වීඝටනාත්මක කතන්දර විලාසයකි. එසේ වුවද එම න්‍යායික ප්‍රශ්නෝත්තර තැඛෙන්නේ සිනමාත්මක රූපාවලියක නිසා එහි යටිපෙළ අරුත් සෙවීමට සිතෙයි.

 



එකම කුටියක කොටු වී සිටින චරිත දෙකක් දෙස ප්‍රේක්ෂාවෙන් බලා සිටින්නට අප වශී වී සිටිනුයේ එබැවිනි. පිටත පරිසරයත් සමග කිසිදු සම්බන්ධයක් නැති සහ එම ලෝකය පෙරලා දැමීමට අරගල කරන සමාජවාදියෙකි. ඔවුන් සාදන නව සමාජයෙහි තමන්ට ඉඩක් නැද්දැයි ප්‍රශ්න කරන මෙම දියණියගේ පියාද වාමාංශික විප්ලවකරුවෙකි. මෙබඳුම පොත් ගොන්නක් මැද දැනුවත්ව සිටි වාමාංශිකයකු වූ සිය පියා ඝාතකයින් විසින් මරා දමනුයේ මේ දියණිය බලා සිටියදීය. එබඳුම පොත් සමූහකට මැදිව සැඟව සිටින අනෙක් වාමාංශිකයා එම ඝාතකයින්ගෙන් බේරා ගැනීමට මේ දියණිය ගණිකාවක බවට පත් වෙයි. ඝාතකයින් ඇගේ කීමට රැවටී සිය ගොදුර වූ වාමාංශිකයා මගහැර හිස් අතින් ආපසු හැරෙයි. එය උත්ප්‍රාසාත්මක අරුමයකි.

දෙවිදියක දෙදෙනෙකු තම තමන්ගේ ලෝකවල හුදෙකලාව සිරගත කොට තබන්නට සිනමාකරුවා යොදා ගන්නා මේ කුඩා මුඩුක්කු කාමරය ප්‍රබලතම රූපකයකි. අතිශයෝක්තිමය සංකේතයකි. මිනිසා සහ ඔහු ලද යුතු අවබෝධය යන අන්ත දෙක අන්‍යොන්‍ය වශයෙන් මුණගස්වන්නේ මෙම කුඩා කාමරයයි. එකී ගැලපීම සම්පූර්ණයෙන්ම සමාප්ත නොවන ක්‍රියාවලියක් බව පෙන්වන්නේ අරගලකරුවා, තරුණිය සහ ඝාතකයා අවසානයක් නැති න්‍යයායික තර්කනයක තබමිනි.

 

ඝාතකයන්ගෙන් විප්ලවකරුවා බේරා ගැනීම සඳහා එබඳුම විප්ලවවාදියකුගේ දියණිය විප්ලවීය ලෙස වහා නිරුවත් කිරීම මෙහි කූටප්‍රාප්තියයි. මින් පෙර දැක අසා නැති තනිකඩ පිරිමියකු හමුවෙහි වහා තම වස්ත්‍ර උනා දැමීමට තරම් ඇය සරලය. විවෘතය. විප්ලවකරුවකුගේ දියණියක අදහන ඒ අභීත නූතනත්වය පෙන්වීමට මෙබඳු ශික්ෂිත සිනමාකරුවකුට භාවිතයට ගත හැකි හොඳම විකල්පය ඇයගේ නිරුවතද? ඝාතකයන් සහ සිය ගොදුරට මැදි වන ඇය ගණිකාවක බවට පත්වන්නේ න්‍යායික දේශපාලනය හා තාර්කික පුරුෂාර්ථ මොහොතකට නිරුවත් කරමිනි.

එතැන් සිට අපට පිටත ලෝකය වෙත නිරුවත් දෑසින් ඇතුළු වන්නට සිදුවෙයි. මන්ද යත් මේ නිර්වස්ත්‍ර විප්ලවකාරිය මෙතෙක් අප සාදාගෙන සිටි ලෝකය කුඩුපට්ටම් කරන නිසාය. තරින්ද්‍රි ප්‍රනාන්දු යනු ටෙලි තිරයෙන් විළි වසා, ඉවසා සිටි දක්ෂ නිළියක බව ඔප්පු කර පෙන්වන්නට මේ විසල් තිරය ඇයට පිහිට වෙයි.

 

MY RED COMRADE : 'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)පොතේ හැටියට මවා පාන න්‍යායික විප්ලව තව දුරටත් ඵලක් නැත.
ප්‍රායෝගික විප්ලවකාරිනියට ගණිකාවක ලෙස රඟපාන්නට සිදුවන මෙහි කූටප්‍රාප්තිය බොහෝ දේ අපට කියයි. අපගේ පරිණාමය සහ අප නියුතු විප්ලවය පිළිබඳව අපම හමුවෙහි තබන අවබෝධය මේ කුඩා මුඩුක්කු කාමරයට වඩා විශාලය. පරිනාමය යනු ක්‍රම ක්‍රමයෙන් සිදුවන ප්‍රමාණාත්මක වෙනස්වීම්වල විකසනයකි. ඒ අනුව සිතද්දී විප්ලව සිදුවන්නේ හිටි හැටියේ කඩිනමින් සිදුවන විපර්යාස ලෙසටය. පොතේ හැටියට මවා පාන න්‍යායික විප්ලව තව දුරටත් ඵලක් නැත. ක්‍රමිකව වෙනස් වන සංස්කෘතික පරිසරයක පරිනාමය සිදු වෙයි. සංස්කෘතික මිනිසකු නිර්මාණය කළ හැක්කේ එබඳු සක්‍රීය පරිසරයකට පමණි.

මෙම චිත්‍රපටය 'වේදක' සහ 'වේදයිත' යන යන අන්ත දෙක එකට මුණගස්වයි. මනෝරාජික වාමාංශික අරගලකරුවා සහ ඔහු ඉදිරියේ නිර්භයව ඇඳුම් මාරු කරන නූතන විප්ලකාරිණිය යනු එම අන්ත දෙකයි. වේදයිත අන්තය යනු අප විඳින දේ සහ ඉන්ද්‍රීයයන්ට හසු වූ දේය. වේදක යනු එම විඳින්නා හෙවත් දැනීම ලබා ගන්නා තැනැත්තාය. මේ දෙදෙනාට වැස්ස (සොබා දහම) දැනෙන්නේ දෙවිදයකටය. කුටියෙන් පිටත නැගෙන අකුණු බිහිසුණුය. ඒ මැදින් ඒ මේ අත යන මේ යකඩ යකාට, එනම් දුම්රිය රූපකයට නැවතුමක් නැත. මෙහි හස්තගත කැමරාවට හසු කරගන්නා රූපක විසින් මතු කරන යටිපෙළ රූපය ගැඹුරුය. එම චලන රූප වෙනස්වන රිද්මය අවධාරණය කරනුයේ හටගන්නා සියල්ල වෙනස් වන සුළු හා නැසෙන දහමයි. එනම් ඒ සොබාදහමේ නියාමයයි. මෙම චිත්‍රපටය සොබාදහම සහ අප එය වෙනස් කළ යුතුද යන්න විමසන කතිකාවකි.

 

My Red Comrade මැයි 17 සිට : දේශපාලනයේ සෞන්දර්යවේදය - (ප්‍රගීත් රත්නායක)සිනමාකරුවා මේ මනෝගත සමාජවාදියා හමුවෙහි තබන තරුණිය ලවා පවසන්නේ එයයි.
සොබා දහම සහ එහි දැනුවත්ව ජීවත්වන්නා මෙම සිනමා කතිකාව තුළ පරීක්ෂාවට ලක් වෙයි. අප අපම සමගත්, අපගේ වටපිටාව සමගත් යෙදෙන අනිවාර්ය සටනකි. මෙහි වාමාංශිකයාගේ රහස් කුටියෙහි සිට වැහි අකුණු සහිත පිටත පරිසරය පෙන්වන කුඩා කවුළුව ගැඹූරු රූපකයකි. ලෝකය සහ ලෝකයා පෙන්වීම සඳහා සිනමාකරුවා මෙම කුටිය තුලම ආයාසයෙන් සිරගතව සැහැල්ලූවෙන් සිටී. එය නොපෙනෙන තරමටම ආයාසයෙන් දැකිය යුතු ලෝකය පෙන්වන කදිම පරිකල්පන උපායකි. නොදැනුවත් අප අපගේ පැවැත්ම සාදා ගත යුතු වටාපිටාව සමග සටන් කරන්නේ එතැන් සිටය. එම අරගලය නිසා අපට ලෝකය දැකීමට සිතෙයි. ලෝකය පාලනය කිරීමට සිතෙයි. අවසානයේ එය ලෝකය වෙනස් කිරීමට හේතු වෙයි. සියල්ල වෙනස් වන බව එනම් හට ගන්නා සියල්ල වැඩෙන සහ නැසෙන බව නොදැනුවත් මිනිසා දැනුවත් වන්නේ මෙම ගැටුමේදීය. සිනමාකරුවා මේ මනෝගත සමාජවාදියා හමුවෙහි තබන තරුණිය ලවා පවසන්නේ එයයි.

විප්ලවකරුවා සිය පොත් ගොන්නත් සමග ගිනි තබා මරා දමන ඝාතකයින් සිය සතුරා හඹා යන ආකාරය මෙහි පෙන්වන්නේ මෙම ඝාතකයන්ගෙන් බේරී සැඟවී සිටින විප්ලවකරුවකුගේ සිර කුටියක සිටය. එය සියුම් සිනමාත්මක රූප හැසුරුමකි. සිනමාකරුවා ඝාතකයා නොපෙන්වා පෙන්වන ගුප්ත නිහඬතාවය, වැස්ස අකුණු සහ අන්ධකාරය රූපයට හසු කරගන්නේ දැනුවත් ශික්ෂණයකිනි. 

 

My Red Comorade 1මෙම ස්ත්‍රිය සහ පුරුෂයා සහේතුක තර්ක මාර්ගයක පිහිටා සත්‍යය කරා එළැඹෙති.

මරා දැමුණු සමාජවාදියා සහ ජීවත්වන සමාජවාදියා අතර තැඛෙන රූමත් දියණිය සහ ඔවුන්ට හතුරු ඝාතකයන් පවසන පොදු දහමක් ඇත. එනම් සොබා දහම සමග ගැටෙමින්, එය අවබෝධ කර ගනිමින් අපගේ අවශ්‍යතා මත අපම එය හැඩගස්වා ගත යුතු බවයි. සොබා දහම නිශ්චය කළ හැක්කේ මිනිසාටය. සොබා දහමට එරෙහිව නිරත සටනේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා මිනිසාටම එරෙහිව ඇති වන අරගලයකි. එය කිසිදා සමථයකට පත් කළ නොහැකි ලෙස ඇතිවන සටනකි. පීඩිතයා සහ පීඩකයා අතර සිදුවන පන්තිමය සටනකි. ඝාතකයා හමුවෙහි ඇය ගණිකාවකගේ වෙස් ගනිමින් රකින විප්ලවකරුවා සිය මනෝරාජික න්‍යායික ලෝකයෙන් මහපොළොවට පරිනාමය වන ආකාරය සිනමාකරුවා මැනැවින් දකී. අපගේ චිත්‍රපටය ඇරඹෙන්නේ එතැන් සිටය.

මෙම ස්ත්‍රිය සහ පුරුෂයා සහේතුක තර්ක මාර්ගයක පිහිටා සත්‍යය කරා එළැඹෙති. මෙහි ඇත්තේ එම සත්‍යය වෙනුවෙන් ඔවුනොවුන් ප්‍රශ්න කර ගැනීමකි. ප්‍රශ්නෝත්තර මාර්ගයෙහි ලක්ෂණය වනුයේ සත්‍යයක් සේ පෙනෙන කරුණක් ඊට විරුද්ධ තර්ක විතර්ක ගෙනෙමින් නියත සත්‍යය කරා එළැඹීමයි. දැන් අපට අවශ්‍ය වන්නේ මෙතෙක් අපට අදහන්නට සිදුවූ සත්‍යය නොව නියත සත්‍යයයි. වාමාංශික හෝ කවර දිශා ගැති දේශපාලකයකුට වුවද ඒ නියත සත්‍යය පියවි ලෝකයේ හමුවන්නේ නැත.

 

My Red Comrade : හිත ගැස්සුණු චිත්‍රපටියක් - (සිසිරයාපා)සුදත් මහදිවුල්වැව තම කෘතිය තුළ රැඩිකල්වාදී දාර්ශනිකයකු ලෙස සිය අධිකාරීත්වය පතුරුවයි.
සුදත් මහදිවුල්වැව තම කෘතිය තුළ රැඩිකල්වාදී දාර්ශනිකයකු ලෙස සිය අධිකාරීත්වය පතුරුවයි. එම බලාධිකාරය රසිකයාට හානිකර නොවන්නේ රසිකයාද පෙරළා බලගැන්වෙන නිසාය. සිනමාකරුවා පනවන එම අධීකාරී බලය තහවුරු කර ගත හැකි වන්නේ ඔහුට තම රසිකයා බලවත් කළ හැකි වී නම් පමණකි. එලෙස රසිකයා සක්‍රීය වන්නේ සිය චින්තනය බලගැන්වෙන තරම අනුවය. 'මයි රෙඩ් කොම්රේඩ්' චිත්‍රපටය තුළ සිනමාකරුවාත් එහි ප්‍රේක්ෂකයාත් යන අන්ත දෙකම බලවත් වෙයි. ඔවුන් දෙදෙනාම වගකිව යුතු ක්‍රියාකාරීන් බවට පත් වෙයි. එය ප්‍රබල සිනමා කෘතියක ස්වරූපයයි. දෙකොන විලක්කුවම පත්තුවීම මෙම සිනමා කෘතියෙහි උභතෝකෝටිකය අවුළුවන්නකි. සර්වජන ඡන්ද බලය සැබෑවටම බලාත්මක වන්නේ එවිටය. 

වාමාංශික සමාජවාදීන් සූත්‍ර ගත කරන ලෝකය සහ සත්‍ය ලෝකය යන දෙකොණ වෙන් කොට හඳුනා ගත යුතුය. ඒ සඳහා මෙවන් සූත්‍ර ගත සමාජවාදීන්ගේ පූර්ව නිශ්චිත අරගලයෙන් සැබෑ අරගලය වෙන් කොට දැකිය යුතුයැයි මෙම සිනමා කෘතිය බල කර සිටී. සමාජවාදීන් සිහින මවන ලෝකය සහ ලෝකය යනු එකක් නොවන බව මෙම සිනමාකරුවාගේ විශ්වාසයයි.

පෙනෙන හා නොපෙනෙන වස්තු රූපාලංකරණය කිරීම මෙම සිනමාකරුවාගේ රූප මාධ්‍ය වැටහීම සහ ඒ තුළ සිය හික්මීම කියාපායි. වර්ණ භාවිතය කෙරෙහි ඔහු තුළ වන සංවේදිතාව සහ ශිල්ප විධි කෙරෙහි වූ සංයමය නිසා මෙය නිශ්චිත දේශපාලන මතවාදයකට හෝ කණ්ඩායමකට ලඝු නොවෙයි. මෙම චිත්‍රපටය ජනගත වන්නේ ආප්පය රොටිය පවා දේශපාලනීකරණය කෙරෙන ඡන්ද ගින්දරකය. නමුත් මෙහි රූපය, හඬ විලාසය හා දෙබස් ස්වරූපය යන සියලූ දෘෂ්‍යමානයන්ට යටි පෙළෙහි ඇති රූපය ප්‍රේක්ෂකයාගේ චින්තනය මත නිශ්චය වීමට ඉඩ තබයි. මෙහි සිනමාකරුවා උහුලන්නාවූ වගකීම අභිබවන වගකීමක් ප්‍රේක්ෂකයාටද පැවරෙන්නේ යැයි අප සිතන්නේ එබැවිනි. එය සක්‍රීය මැදිහත්වීමකි. 

 

My Red Comrade මැයි 17 සිට : 'දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්' - හඳගම
මෙම සිනමා කෘතිය වඩාත් ප්‍රබල වන්නේ යෝජිත සිනමාරූපය විසින් ප්‍රේක්ෂකයාගේ චිත්ත රූපයට ඉඩ පාදන නිසාය.

මෙම සිනමා කෘතිය වඩාත් ප්‍රබල වන්නේ යෝජිත සිනමාරූපය විසින් ප්‍රේක්ෂකයාගේ චිත්ත රූපයට ඉඩ පාදන නිසාය. මෙහි ප්‍රේක්ෂකයා යනු නිර්ධන, නිරායුධ නිර්පාක්ෂික ජනතාවයි. කෘතිය විසින් ඔහු තුල ඇති කරනුයේ අපූර්ව චිත්ත පරිවර්තනයකි.

මිය ගිය වාමාංශිකයාගේ රුසියානු පොත් කටපාඩමින් කියන මේ රූමත් දියණිය ජීවතුන් අතර තැබිමත්, ඇය විසින් තම පියා වැනිම වාමාංශිකයකු ඝාතකයන්ගෙන් බේරාගැනීමත් සිනමාකරුවාගේ නිර්දය අභිප්‍රාය හෙළි කරයි. සැබෑ දේශපාලනය යනු න්‍යායික දෙබස්වලින් ඔබ්ඛෙහි පවත්නා සැබෑ ප්‍රායෝගිකත්වය හෙළි කරන්නකි. මෙහි පියා සහ දියණිය අතර වූ සම්බන්ධතාව දේශපාලනය අභිබවන ප්‍රබල මානුෂික බැඳිමකි. එම මානුෂික බැඳීම තුළ පියා අරගලකරුවකු වීම සහ අවසානයේ දියණිය පමණක් ජීවතුන් අතර තබා එම සටන්කාමී පියා ඝාතනය කිරීම සිනමාකරුවාගේ අරමුණ හෙළි කරයි. 

අවසානයේ මෙම දියණිය විසින් එබඳුම අරගලකරුවකු ඝාතකයින්ගෙන් බේරාගන්නා ආකාරය මෙහි ප්‍රබල ව්‍යාගාර්ථ මතු කරන්නකි. සිය පියාගේ දේශපාලන න්‍යායික පොත් කටපාඩමින් කිව හැකි තරම් එම පුස්තකාලය ඇසුරු කර ඇති මේ දියණිය පවසන්නේ එම අජීවී න්‍යායික ලෝකයට වඩා තම පියාගේ විශාලත්වයයි. ඇයට අහිමි වන්නේ එම විශාලත්වය මිස එකී ගිනිබත් කරන ලද රුසියානු පොත් කන්ද නොවේ. අවසානයේ මෙකී විප්ලවකාරී පියා තම ජීවිතය පුදන්නේ සිය දේශපාලනය වෙනුවෙන් නොව තම දියණියගේ ජීවිතය වෙනුවෙනි. එනම් අන් සියළුම න්‍යයානට වඩා මානුෂික සම්බන්ධතා සිද්ධාන්තය බලවත් බවයි. 

 

WhatsApp Image 2024 04 20 at 5.08.00 PMසියාවේ පොත් සහ ලංකාවේ විප්ලවය අතර නොපැහීම මැනවින් ඇය මෙහි පවසයි.
අපගේ ඇදහීම්වල අර්ථය හා සත්‍යය තීන්දු කළ යුත්තේ එහි ප්‍රායෝගික හරය මත බව මෙහි අවධාරණයයි. එනම් සත්‍යයේ වටිනාකම තීන්දු කෙරෙනුයේ එහි ප්‍රායෝගික උපයෝගිතාවය හෙවත් ප්‍රයෝජනවත් බව මතයි. සාධ්‍යතාව හෙවත් කළ හැකි බව, එනම් ක්‍රියාත්මක බව සහ ප්‍රායෝගිකත්වය සියලූ න්‍යායන්ට වඩා බලවත් බව කියැවෙන ප්‍රබලම අවස්ථාවක් වන්නේ අරගලකරුවා හඹා එන සිය ඝාතකයා අන්දමන්ද කොට ආපසු හරවා යවන ඇයගේ ප්‍රයෝගකාරී හැසිරිමයි. ඔහුගේ ප්‍රතිපත්තිවලට වඩා ඇයගේ අවස්ථාවෝචිත ප්‍රායෝගික බව ප්‍රබල වෙයි. දැනුවත් වාමාංශික අරගලකරුවකුට වඩා අවස්ථාවෝචිත ග‚කාවක වීරත්වයක තබා පෙන්වනුයේ එබැවිනි.

සිය පියාගේ පුස්තකාලයේ රුසියානු පොත් සියල්ල කටපාඩමින් කියන දියණිය පොතේ හැටියට කෙරෙන දේශපාලනය දෙස උත්ප්‍රාසයෙන් බලයි. රුසියාවේ පොත් සහ ලංකාවේ විප්ලවය අතර නොපැහීම මැනවින් ඇය මෙහි පවසයි. සිනමාකරුවා ඇය ලවා පොත්වල වදන් සහ සැබෑව පහදයි. න්‍යාය සහ යථාර්ථයත් වෙන් කොට දක්වයි. මෙහි පියා හෙවත් අරගලකරුවා ඝාතනය කිරීම ඔහුගේ පොත්වලට ගිනි තබා එම ගින්නෙහිම ඔහු දවාලීම සංකේතවත් කරනුයේ ක්‍රමයට එරෙහි න්‍යායට අත්වන ඉරණමයි.

rc 4මෙම විප්ලවකරුවා මනෝරාජික ලෝකයක තැබීම සිනමාකරුවාගේ උත්ප්‍රාසාත්මක යෙදුමකි.

 

අතීත මිනිසුන් වටපිටාව පිළිබඳව අවබෝධය ලද්දේ විශ්වාස ඇදහිලි මතය, පරිසරය පිළිබඳ සීමිත අවබෝධය සහ හීලෑ නොකරන ලද ස්වභාවික වටපිටාව හමුවේ ඔවුන් අසරණයි. එම සීමිත අවබෝධය සහ අනවබෝධය නිසා අදත් අපි අසරණයි. න්‍යායික ඇදහිලි වෙනුවට මිනිසා ලෝකය පිළිබඳව ලබන විද්‍යාත්ම ඥානය විසින් මිනිස් සංහතියේ ප්‍රගතිය සාදයි.  

සංස්කෘතික ලක්ෂණ අහිමි කරගත් ම්ලේච්ඡ නොමිනිසාගේ ආධිපත්‍යට හසුව සැකසී ඇති පිටත ලෝකය සමග මෙම සමාජවාදියාගේ පටු කාමරය රූපයට නැඟීම ප්‍රබල සිනමාරූපී ගොඩනැංවුමකි. අව් වැසි අකුණු ගිනිඅවි පොලීසි සහ නොනවත්වාම වමේ සිට දකුණට සහ දකුණේ සිට වමට යනෙන දුම්රිය වැනි සකේත රූපක භාවිතයෙන් මෙහි පිටත ලෝකය හා සිත රූපකාර්ථයට නගයි. මෙම විප්ලවකරුවා මනෝරාජික ලෝකයක තැබීම සිනමාකරුවාගේ උත්ප්‍රාසාත්මක යෙදුමකි.

අන්ධකාර කුටියෙහි කවුළුවෙන් පිටත ලෝකය යනු මිනිසාම තැනූ නමුත් සිය පාලනයෙන් ගිලිහුණූ, මිනිසාටම සතුරුවූ නරුම බිහිසුණූ වටපිටාවකි. අඳුර මැදින් නොනැවතී ඇදෙන දුම්රිය, වැස්ස, අකුණු සැර, සමග බලගතු වන ගුප්ත නිහඬතාවය මෙහි තහවුරු කරනුයේ කුමක්ද? මිනිසාම සැදූ, මිනිසාටම සතුරු වූ ලෝකය වෙනස් කිරීම කොතරම් අභියෝගයක්ද යන්නය. 

 

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයකසංස්කෘතික මිනිසා සහ ම්ලේච්ඡ නොමිනිසා අතර සංසන්දනයක් 'මයි රෙඩ් කොමරෙඩ්' චිත්‍රපටයෙහි වස්තු විෂය වෙයි.
අඳුර සහ නිහඬ බවට අවනතව වමේ සිට දකුණට සහ දකුණේ සිට වමට ඇදෙන දුම්රිය ගැඹුරු යටි පෙළ රූප ජනනය කරයි. සංස්කෘතික මිනිසා සහ ම්ලේච්ඡ නොමිනිසා අතර සංසන්දනයක් 'මයි රෙඩ් කොමරෙඩ්' චිත්‍රපටයෙහි වස්තු විෂය වෙයි. එම අන්තර්ගතය අභිබවන උසස් රූප කළමනාකරණයකින් මෙම සිනමා කෘතිය බලවත් වෙයි. 

''උඹලා හදන ඔය අලූත් ලෝකෙ අපට ඉඩක් නැද්ද''

සටහන :
වෙන්ඩරවින්ද - (අජිත් ගලප්පත්ති)(අජිත් ගලප්පත්ති)
සිනමා විචාරක 

(උපුටා ගැනීම - අජිත් ගලප්පත්තිගේ ෆේස්බුක් පිටුවෙන්)

IMG 20240616 WA0015

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්