The Leader News
BREAKING
Top Ad
පුවත්

'LTTE විනාශ කරන්න ඇමරිකාව උදව් කළා' - හිටපු ජනාධිපති මහින්ද

T

The Leader Desk

May 19, 2019 • 12:03 PM

'LTTE විනාශ කරන්න ඇමරිකාව උදව් කළා' - හිටපු ජනාධිපති මහින්ද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂ පාලනය අපිට ගොඩක් උදව් කරා.
  • නමුත් 2009 පෙබරවාරි මාසයේ ඉඳල ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා.
  • නමුත් අපි ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධය අවසන් කළා'' යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
  • වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එබව සඳහන් කළේ 2009 මැයි 19 වෙනිදා LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විජේරාම නිල නිවසේදී පැවැත් වූ විශේෂ දේශනයේ දිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂ පාලනය අපිට ගොඩක් උදව් කරා. 2006 දී යුරෝපා සංගමය ලවා කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරගන්න අපට පුලුවන් වුණේ ඇමරිකාවේ උදවු නිසා. 2007 කොටි සංවිධානයේ ආයුධ නැව් ඕස්ට්‍රේලියාවට හා ඉන්දුනීසියාවට සමීප ජාත්යන්තර මුහුදේදී අපට විනාශ කරන්න පුලුවන් වුණේ ඇමරිකාවෙන් දීපු නිශ්චිත තොරතුරක් නිසා. නමුත් 2009 පෙබරවාරි මාසයේ ඉඳල ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා. එතකොට ඒගොල්ලන්ගෙ ආකල්පය වෙනස් වුණා. නමුත් අපි ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධය අවසන් කළා'' යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එබව සඳහන් කළේ 2009 මැයි 19 වෙනිදා LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විජේරාම නිල නිවසේදී පැවැත් වූ විශේෂ දේශනයේ දිය.

එම විශේෂ දේශනයේ පිටපත මාධ්‍ය වෙත යොමුකර ඇති අතර එහි මෙසේද සඳහන් වේ.

 

''චීනය උදව් කරන එක ප්‍රශ්නයක් වුනා''

''ලංකාවෙ යුද්ධය අවසන් වුණාට මේ රටට සාමය උදාවෙන්න සමහර ජාත්‍යන්තර මෙන්ම දේශීය බලවේග ඉඩ දුන්නෙ නැහැ. යුද්ධය අවසන් වෙච්ච දවසෙ ඉඳලම ඒ අය කළේ අතීතය කබල්ගාමින් ගැටුම කොහොම හරි පවත්වාගෙන යන එකයි. තමන්ගේ කීම අහන්නෙ නැතුව අපි යුද්ධය ඉවර කරාය කියන එක ඇතැම් අයට ප්‍රශ්නයක් වුණා. චීනය අපට උදවු කරනවාය කියන එකත් ඒ අයට ප්‍රශ්නයක් වුණා. ''

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැත් වූ විශේෂ දේශනයේ පිටපත කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළවේ.

Sinhala 19 May 2019 page 001

Sinhala 19 May 2019 page 002

Sinhala 19 May 2019 page 003

Sinhala 19 May 2019 page 004

Sinhala 19 May 2019 page 005

Sinhala 19 May 2019 page 006

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'LTTE විනාශ කරන්න ඇමරිකාව උදව් කළා' - හිටපු ජනාධිපති මහින්ද | The Leader