The Leader News
BREAKING
Top Ad
පුවත්

''හිටපු LTTE සාමාජිකයන් පසුගිය දස වසරේ කිසිඳු වරදක් සිදුකර නැහැ''(VIDEO)

T

The Leader Desk

May 25, 2019 • 3:35 AM

''හිටපු LTTE සාමාජිකයන් පසුගිය දස වසරේ කිසිඳු වරදක් සිදුකර නැහැ''(VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “පුනරුත්ථාපනය කරපු සහ නොකරපු අය ගත්තොත් මන් හිතනවා රාජ්‍ය විරෝධී එහෙම නැත්නම් ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදුනු අය සියයට බින්දුවක් හා සමානයි කියලා මං හිතන්නේ,” යි මේජර් ජෙනරාල් ජනක රත්නායක ප්‍රකාශ කළේය.
  • ඔහු විසින් ප්‍රකාශ කරන ලද පරිදි, මේ වනවිට රජයේ පුනරුත්ථාපනයේ සිටින්නේ එක් අයකු පමනි.
  • කෙසේ වෙතත්, යුද්ධාවසානයේදී රජයේ හමුදා අත්අඩංගුවට පත් එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත දෙමළ ජනකායට අත් වූ ඉරණම හෙළි කරන ලෙස ඉල්ලා දෙවසරකට වැඩි කලක් තිස්සේ මව්වරුන් විසින් වීදියට බැස කරන විරෝධතාවට රජය මේතාක් සෑහීමකට පත්විය හැකි පිළිතුරක් දී නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

රජය විසින් පුනරුත්ථාපනය කොට ඇති දොළොස්දහසකට අධික විමුක්ති කොටි (LTTE) සාමාජික පිරිස අතරින් කිසිවකුත් කිසිදු රාජ්‍ය විරෝධී හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් කර නැතැයි පුනරුත්ථාපනය භාර කොමසාරිස් ජෙනරාල් වරයා ප්‍රකාශ කළේ ස්වයං රැකියා සඳහා ආම්පන්න බෙදීමට යාපනය දිස්ත්‍රික්කයේ පවත්වන ලද රාජ්‍ය උත්සවයකදීය.

“පුනරුත්ථාපනය කරපු සහ නොකරපු අය ගත්තොත් මන් හිතනවා රාජ්‍ය විරෝධී එහෙම නැත්නම් ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදුනු අය සියයට බින්දුවක් හා සමානයි කියලා මං හිතන්නේ,” යි මේජර් ජෙනරාල් ජනක රත්නායක ප්‍රකාශ කළේය.

ඔහු විසින් ප්‍රකාශ කරන ලද පරිදි, මේ වනවිට රජයේ පුනරුත්ථාපනයේ සිටින්නේ එක් අයකු පමනි.

කෙසේ වෙතත්, යුද්ධාවසානයේදී රජයේ හමුදා අත්අඩංගුවට පත් එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත දෙමළ ජනකායට අත් වූ ඉරණම හෙළි කරන ලෙස ඉල්ලා දෙවසරකට වැඩි කලක් තිස්සේ මව්වරුන් විසින් වීදියට බැස කරන විරෝධතාවට රජය මේතාක් සෑහීමකට පත්විය හැකි පිළිතුරක් දී නොමැත.
(gagana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...