The Leader News
BREAKING
Top Ad
පුවත්

මධුමාධව පොලිසියට කට්ටි පනී : ඊයෙත් ඇවිත් නැහැ

T

The Leader Desk

May 21, 2019 • 2:43 AM

මධුමාධව පොලිසියට කට්ටි පනී : ඊයෙත් ඇවිත් නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධුමාධව අරවින්ද මහතාට පෙරේදා(19) දිනයේත් මිනුවන්ගොඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද එදිනත් ඔහු පොලිසියට නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
  • පසුගිය 13 වෙනිදා මිනුවන්ගොඩ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ දී මධුමාධව අරවින්ද මහතා සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට ඇති බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.
  • දිගින් දිගටම ඔහු පොලිසිය මග හැර සිටින්නේ නම් ඊටද පිළියම් ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
  • මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මධුමාධව අරවින්ද මහතාව මුලින්ම මිනුවන්ගොඩ පොලිසිය හමුවට කැඳවනු ලැබුවේ පසුගිය 15 වෙනිදාය.
අකුරු ප්‍රමාණය (Font Size):



මධුමාධව අරවින්ද මහතාට පෙරේදා(19) දිනයේත් මිනුවන්ගොඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද එදිනත් ඔහු පොලිසියට නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මිනුවන්ගොඩ පොලිසිය හමුවේ ඊයේ(20) පෙරවරු 10.00ට පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇතත් ඔහු ඊයේත් පොලිසිය මගහැර ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

පසුගිය 13 වෙනිදා මිනුවන්ගොඩ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ දී මධුමාධව අරවින්ද මහතා සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට ඇති බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇතැයි ද එම නිලධාරියා පැවැසීය. දිගින් දිගටම ඔහු පොලිසිය මග හැර සිටින්නේ නම් ඊටද පිළියම් ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මධුමාධව අරවින්ද මහතාව මුලින්ම මිනුවන්ගොඩ පොලිසිය හමුවට කැඳවනු ලැබුවේ පසුගිය 15 වෙනිදාය. එදින ඔහු මිනුවන්ගොඩ පොලිසියට පැමිණ පැය තුනකට ආසන්න කාලයක් රැදී සිටියත් කිසිදු පොලිස් නිලධාරියෙක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණේ නැත. අනතුරුව ඔහු පොලිස් ස්ථානයෙන් පිටව යන්නේ නැවත කැඳවීමක් ලද සැනින් පොලිස් ස්ථානයේ පෙනී සිටින බව සඳහන් කරමිනි.

මේ අතර ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසුයේ, මැයි මස 13 වනදා නාත්තන්ඩිය, හෙට්ටිපොල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර සිදුකලේ පොහොට්ටුවේ හිතවතුන් විසින් බවයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මධුමාධව පොලිසියට කට්ටි පනී : ඊයෙත් ඇවිත් නැහැ | The Leader