උන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අතර ඒ සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර තිබුණේ,
"කාදිනල් තුමන් රතන හිමියන් බැහැ දැකීම වෛරයේ ගිනි දැල්වලට පවන් සැලීමක්," බවය.
එහිදී ඔහු පාප්වහන්සේ සහ වතිකානු පුවත් සේවයේ නිල ට්විටර් ගිනුම්ද Tag කරමින් එහි අවධානයද මෙරටට ගැනීමට කටයුතු කර ඇති බව පෙනේ.
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රතන මන්ත්‍රී හිමියන් බැහැදැකීමට යාම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයකට ලක්ව ඇති අතර අජන්ත අලහකෝන් එය සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ, ''අයියෝ කාඩිනල්, ඔයත් රතන සුත්තරේට අහුවුනද ? '' කියාය.



