The Leader News
BREAKING
Top Ad
පුවත්

''කාදිනල් MR ගොඩනැගු ආණ්ඩු විරෝධය රතන සාදු 'අල' කළා''

T

The Leader Desk

June 4, 2019 • 3:08 PM

''කාදිනල් MR ගොඩනැගු ආණ්ඩු විරෝධය රතන සාදු 'අල' කළා''

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ගේ 'මාරාන්තික' උපවාසය නිසා දැන් අහෝසි වී ඇතැයි රාජපක්ෂ කඳවුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කරති.
  • ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ සටහනක මෙසේ සඳහන් වේ.
  • දැන් මේ රටේ මෝඩ ජනතාවට ඇත්ත ප්‍රශ්නේ පටලැවිලා තියෙන්නෙ.
  • ක විතර ජනතාවක් අමු අමුවේ ඝාතනය කරපු, 500ක විතර ජනතාවක් තුවාලකරුවන් බවට පත් කරපු, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ, අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් මේ රටේ පොදු ජනතාවට කියමින් සිටියේ කුමක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ගේ 'මාරාන්තික' උපවාසය නිසා දැන් අහෝසි වී ඇතැයි රාජපක්ෂ කඳවුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් එච්. ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ සටහනක මෙසේ සඳහන් වේ.

''සුද්ද සිංහලෙන් කියනවා නං, රතන සාදුලා හැමදාම කළේ, රැල්ලෙන් පු- හෝදපු එක. එහෙම කරලා, නියම ජන අරගලයට කෙළවපු එක.

දැන් මේ රටේ මෝඩ ජනතාවට ඇත්ත ප්‍රශ්නේ පටලැවිලා තියෙන්නෙ.

400ක විතර ජනතාවක් අමු අමුවේ ඝාතනය කරපු, 500ක විතර ජනතාවක් තුවාලකරුවන් බවට පත් කරපු, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ, අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් මේ රටේ පොදු ජනතාවට කියමින් සිටියේ කුමක් ද?

'වළක්වා ගැනීමට හැකියාව තිබුණු ප්‍රහාරයක් වළක්වා ගැනීමට කටයුතු නො කළ ජනාධිපති සහ අගමැති ඇතුළු ආණ්ඩුව, මේ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිය යුතුයි. ඒ අනුව ඉල්ලා අස්විය යුතුයි.'

මේක තමයි පොදු ජනතාව ගේ ඉල්ලීම වු‍‍ණෙත්.

ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පස්සේ, පාර්ලිමේන්තුවේදී 'මිස්ටර් බීන් ගේ' චරිතයට පණ පොවමින් සිටි රනිල්, කතෝලික /ක්‍රිස්තියානි ජනතාව ඇති කළ පීඩනය නිසා, එක් අවස්ථාවක, 'පාස්කු දින ප්‍රහාරයේ වගකීම මා භාරගන්නවා' කියමින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළ බව, බොහෝ ගොබ්බ ජනතාවකට දැන් මතක නැහැ.

ඒ අතරේ තමයි, ඉතාම අභිරහස් විදියට වයඹ ප්‍රහාරය එල්ල වෙන්නෙ.

ඒ අතරේ තමයි, අසාද් සාලි, බන්ධනාගාරයට ගිහිල්ලා, ඥානසාර සාදු හමුවෙන්නෙ.

ඒ අතරේ තමයි, ඥානසාර සාදු ජනාධිපති සමාවකින් හිටපු ගමන් නිදහස් වෙන්නෙ.

ඒ අතරේ තමයි, රතන සාදු, මාරාන්තික උපවාසයක් පටන් ගන්නෙ.

කාට විරුද්ධ ව ද?
අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ඉල්ලා සිටි, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ව ද?

කිසිසේත් ම නැත.

ඥානසාර සාදු ගේ සහ රතන සාදු ගේ ඉල්ලීම වූයේ, රිශාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් අය, මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

එයින් අදහස් කෙරෙන්නේ කුමක් ද?
අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය, විකෘති කිරීම ය.

දැන් මේ රටේ සිංහල මිනිස්සුන්ට, මේ කාලකණ්ණි ආණ්ඩුව, වළක්වා ගත හැකි ව තිබුණු පාස්කු දින ප්‍රහාරය, වළක්වා නො ගත් බව, අමතක ය. මේ ආණ්ඩුව, 400ක පමණ ජනතාවක් ඝාතනය කළ මිනීමරු ආණ්ඩුවක් බව අමතක ය. මේ ආණ්ඩුව, වහා ඉල්ලා අස්විය යුතු බව අමතක ය.

ඥානසාර සාදුලා සහ රතන සාදුලා, රිශාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් අය, මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පැවසීම නිසා, මේ ආණ්ඩුව දැන් නීත්‍යානූකූල වී තිබේ. ගිලිහී යමින් තිබුණු මේ ආණ්ඩුවේ බලය නැවත ආරෝපණය කර තිබේ. ජනතාව ගේ සැබෑ පොදු සතුරා, වසන් කර තිබේ.

ඒ අනුව, අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික / ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය, දැන් අහෝසි වී තිබේ.

පින්වත්නි ...

සාදු කියන්න....

රටේ නීතිය හා සාමය අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැවින්, ඔහුට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා රතන හිමියන් උපවාස කරනු ඇත්දැයි මේ අතර තවත් අය විමසති.

මෙම කාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පොස්ටුවක සඳහන් වන්නේ, ''ඇයි දැන්නැ රතන හිමිට මෛත්‍රීට ඉල්ලා අස්වෙන්න කියල සත්‍යයග්‍රහයක් කරන්න බැරි'' කියාය.

post 00001 

මේ අතර රාජපක්ෂ කඳවුරට හිතවත් 'දෙරණ' නාලිකාවේ උදැසන වැඩසටහනකට එක්වූ චතුර අල්විස් පැවසුයේ ''රතන හිමි කලේ සහරාන්ගේ බලාපොරොත්තුව ඉටු කිරීම නේද?'' කියාය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...