මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි ඇතුළු ත්‍රිවිධ ක්ෂේත්‍රවල ප්‍රභූන්, වෛද්‍යවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් රැසකගේ සහභාගිත්වයෙන් ග්‍රෑන්ඩ් මෙට්ලන්ඩ් හෝටලය සැරසෙයි
වර්තමාන සමාජය මුහුණ දෙන දැඩි සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික අර්බුද හමුවේ, මිනිස් ජීවිතයේ සැබෑ අර්ථය, විශ්වාසය සහ බලාපොරොත්තුව නැවත සොයා යාම වෙනුවෙන් මහනුවර රදගුරු අතිඋතුම් ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් රචිත “Out of the Depths – A Collection of Articles” නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථය කොළඹ 07, ග්‍රෑන්ඩ් මෙට්ලන්ඩ් හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් අන්දමින් එළිදක්වන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාහිත්‍ය උත්සවය, අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ රදගුරු පදවි සේවයේ 20 වන සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කර තිබුණි.

කෘතියේ අන්තර්ගතය සහ වර්තමාන සමාජ විග්‍රහය
“Out of the Depths” (ගැඹුරු අගාධයක සිට...) යන නාමය අන්වර්ථ කරමින්, ජීවිතයේ විවිධ අභියෝග සහ අඳුරු අත්දැකීම් මධ්‍යයේ සිට බලාපොරොත්තුවේ සහ මනුෂ්‍යත්වයේ ආලෝකය කරා ගමන් කරන ආකාරය පිළිබඳ හිමිපාණන් විවිධ අවස්ථාවල ලියූ ලිපි මෙයට ඇතුළත් වේ.
කාලීන තේමාවන් රැසක්:
මිනිසාගේ ආගමිකත්වය, මානසික සුවතාව, තිරසර සංවර්ධනය, සමාජ සාධාරණත්වය, අන්තර් ආගමික සංවාදය සහ පාරිසරික අඛණ්ඩතාව වැනි මෙරට වත්මන් සමාජ-දේශපාලන ව්‍යුහයට සෘජුවම බලපාන මාතෘකා රැසක් කෘතිය පුරා විග්‍රහ කර ඇත.
මානවීය සංවාදය ශක්තිමත් කිරීම:
හිමිපාණන්ගේ දීර්ඝ ආගමික සහ සමාජීය සේවා අත්දැකීම් පාදක කරගනිමින් ලියැවුණු මෙම කෘතිය, ශ්‍රී ලංකාව තුළ විවිධ ආගම් සහ ජාතීන් අතර මානවීය සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කරන පාලමක් ලෙස විද්වත්හු පෙන්වා දෙති.
උත්සවයට එක්වූ සුවිශේෂී ආරාධිතයන්

මෙම ග්‍රන්ථ ලංකාභිෂේක මංගල්‍යය සඳහා මෙරට බෞද්ධ සහ කතෝලික ආගමික නායකයන් මෙන්ම සිවිල්, වෛද්‍ය සහ ආරක්ෂක ක්ෂේත්‍රවල ඉහළම පෙළේ නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.
ආගමික නායකයන්:
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය වඩිනාගල පඥ්ඥාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්.
විද්වත් සහ රාජ්‍ය ප්‍රධානීන්:
මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රෙස්කර, ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන් වන රුවන් ඒකනායක, ක්‍රිෂාන්ත මෙන්ඩිස් සහ අජිත් කරුණානායක, බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුජානි ප්‍රනාන්දු සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක





