The Leader News
BREAKING
Top Ad
පුවත්

අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට පමණයි

T

The Leader Desk

March 15, 2026 • 4:18 AM

අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට පමණයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
  • ඒ අනුව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය භාවිත කළ යුතුව ඇති බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
  • QR කේතය ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින් 1.
  • පෙර QR කේතය ලියාපදිංචි කළ අය: i.
අකුරු ප්‍රමාණය (Font Size):


මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය භාවිත කළ යුතුව ඇති බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්  https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම QR කේතය භාගත කළ හැකිය.

 



QR කේතය ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින්

1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,(15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

02. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

මෙලෙස ලියාපදිංචි වීමෙන් පසුව සතියකට ඉන්ධන ලබා ගත හැකි අතර එම ලීටර ප්‍රමාණය පහතින්,

* බස් රථ- ලීටර් 60
* මෝටර් සයිකල් - ලීටර් 05
* වෑන් රථ - ලීටර් 40
* මෝටර් රථ - ලීටර් 15
* මෝටර් ලොරි - ලීටර් 200
* ඉඩම් වාහන - ලීටර් 25
* මෝටර් ත්‍රීරෝද රථ- ලීටර් 15
* විශේෂ කාර්ය වාහන- ලීටර් 40
* ක්වොඩ්‍රිසයිකල් - ලීටර් 5   


එමෙන්ම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
qr 1
qr 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...