The Leader News
BREAKING
Top Ad
පුවත්

QR ලොගින් පමාක⁣ළ හේතුව සංස්ථාව කියයි

T

The Leader Desk

March 15, 2026 • 7:22 AM

QR ලොගින් පමාක⁣ළ හේතුව සංස්ථාව කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු සඳහන් කළේ, නව ලියාපදිංචිවන්නන් සඳහා පිවිසුම කඩිනමින් නැවත ලබාදීමට කටයුතු කරන බවයි.
  • බොහෝ දුරට අද දවල් 12.00 වනවිට එම අවස්ථාව ලබාදීමට හැකි වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
  • මේ අතර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ QR ලියාපදිංචි පිවිසුමට සම්බන්ධව ඇති තාක්ෂණික ගැටලු අද සවස වනවිට නිරාකරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.
  • ''කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැ'' මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ තවදුරටත් පැවසුයේ, ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් QR කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැති බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු සඳහන් කළේ, නව ලියාපදිංචිවන්නන් සඳහා පිවිසුම කඩිනමින් නැවත ලබාදීමට කටයුතු කරන බවයි.

බොහෝ දුරට අද දවල් 12.00 වනවිට එම අවස්ථාව ලබාදීමට හැකි වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ QR ලියාපදිංචි පිවිසුමට සම්බන්ධව ඇති තාක්ෂණික ගැටලු අද සවස වනවිට නිරාකරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

''කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැ''

මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ තවදුරටත් පැවසුයේ, ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් QR කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැති බව යි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවයක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එය ඉතා සාර්ථක බවත් ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර,

''පහුගිය දවස් තුන හතර ඇතුළත අපි දැක්කා බොහෝ දෙනා ඉන්ධන එකතු කරනවා. ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තියලා තෙල් පෝලිම් ඇති කරනවා.. ඒකෙන් භයානක තත්ත්වයක් උද්ගත වෙන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසයි QR කේතය භාවිතයට යොමු වුණේ.. ඒ ඇරෙන්න තෙල්වල ප්‍රශ්නයක් නෑ.. මේකේ බලාපොරොත්තුව කිසිම කෙනෙක්ට තෙල් පෝලිම්වල නොඉද තෙල් ලබා දෙන එක.. ''

(සටහන | ගිම්හාන් ද සිල්වා)


සබැඳි පුවත් :

අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට පමණයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...