නිරාකරණය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඒ අනුව, හෙට (17) පෙරවරුව වන විට පවතින සියලු බාධාවන් ඉවත් කර පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
විශේෂයෙන්ම 2023 වසරේ අගෝස්තු මාසයෙන් අනතුරුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකාරීත්වය පවරා ගන්නා ලද වාහන වෙනුවෙන් නව QR කේතයක් ලබාගත යුතු වේ.
මෙම නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය වන පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
යම් QR කේතයකට අදාළ දුරකථන අංකයක හිමිකාරීත්වය මාරු වී ඇත්නම් හෝ අදාළ දුරකථන සබඳතාව විසන්ධි වී ඇත්නම්, එවැනි පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව එම සමාගම් විසින් ලබාදෙන යාවත්කාලීන දත්ත මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වේ.
ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සබැඳි (Links) වෙත ප්‍රවේශ වී තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දත්ත අවභාවිතය වළක්වා ගැනීම සඳහා සැමවිටම රජයේ නිල පද්ධතිය පමණක් භාවිත කරන ලෙසත්, පවතින ගැටලු සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසත් අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.
අස්වනු නෙලීම සහ සීසෑමේ කටයුතු සඳහා QR ක්‍රමවේදයෙන් තොරව ඉන්ධන
එහි කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවසුවේ, ඒ අනුව අස්වනු නෙලීම සඳහා අක්කරයකට ලීටර් 15ක් ලබාදීමට තීරණය කර ඇති බවයි.
සීසෑමේ කටයුතු සඳහා ලීටර් 20ක් ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.
මෙම ඉන්ධන ලබාගැනීම සඳහා QR ක්‍රමවේදය අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේ ය.
වෛද්‍යවරුන් ඇතුළු සුවිශේෂී කාණ්ඩ වල ඉන්ධන කෝටාව ඉදිරියේදී වෙනස් වෙයි

සේවා අවශ්‍යතාව මත නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.
" QR කෝඩ් එක දැම්මාම, භාගත කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා. යම් යම් තාක්ෂණික ප්‍රශ්න ඇති වෙනවා. දවසක් දෙකක් මේ ප්‍රශ්න තියෙයි. ඒවා තිබිලා විසඳිලා යාවි.
අපි මේක හඳුන්වලා දීලා තියෙන්නේ පොදු චක්‍රලේඛයක් විදිහට තමයි තියෙන්නේ. සුවිශේෂී වූ රැකියා කාණ්ඩ තියෙනවා. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘතිවල යෙදෙන වාහන තියෙනවා.
ඒවාට අදාළ වෙන වෙනම වූ මඟපෙන්වීම් සහ චක්‍රලේඛයන් ඉදිරි දවස් දෙක තුන තුළ එළිදක්වයි.
වෛද්‍යවරුන් කියන්නේ, සුවිශේෂී වෘත්තීයක අය. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘති තියෙනවා. ඒක නිසා පුද්ගලයෙක්ට හෝ වාහනයකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය නිශ්චිත අගයක් තිබීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ඒවායේ තියෙන සුවිශේෂිතාව හඳුනගෙන ඒවාට තියෙන චක්‍රලේඛ ඉදිරියේදී හඳුන්වා දෙනකොට වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා හඳුන්ගෙන ඊට අදාළ චක්‍රලේඛ ඉදිරියේදී නිකුත් වෙයි."
මගී ප්‍රවාහන බස් රථවලට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට
ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
ඒ අනුව බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණ වනු ඇත.
එම ක්‍රමවේදය සකස් කරනතුරු ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, සමහර රියදුරන් පෝලිමට පිටින් ඉන්ධන ලබාගැනීමට යෑමේදී කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවය.
එමනිසා පෝලිමෙන් පිට එන කිසිවෙකුටත් ඉන්ධන ලබානොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලීසිය දැනුවත් කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර තවදුරටත් කියා සිටියේය.
සමහර යතුරුපැදිකරුවන් පදිකවේදිකාවේ සිටීම හේතුවෙන් පදිකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය යොදවා ඇත.
සියලුම රියදුරන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මෙහිදී වැඩිදුරටත් පැවසීය.




