ඔහු එබව කියා සිටියේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී ය.
පොහොර සම්බන්ධයෙන් දැනට ප්‍රශ්නයක් නොමැති බවත්, රටේ ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් තිබෙන බවත් පැවසු අමාත්‍යවරයා, එනමුත්, පොහොර ලබාදීමේදී QR ක්‍රමයකට යාම අත්‍යවශ්‍ය දෙයක් වන බව සඳහන් කළේය.
පොහොර හිඟයක් ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බවත්, මෙම කන්නයේදී පොහොර ගැටලුවක් කිසිසේත් ම ඇති නොවන බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
කළු කඩ සහ යම් පෞද්ගලික ආයතන විසින් කලින් ගෙන්වූ පොහොර වල මිල වැඩි කර ඇති හෙයින්, මේ වන විට පොහොර මිටිය රුපියල් 12000 ත් 13000 ත් අතර මිලකට අලෙවි වන බව ද ඔහු පැවසිය.
ගොවිතැනට QR නැතුව තෙල් !
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා පැවසුයේ, අක්කරයක අස්වනු නෙලීම සඳහා ගොවීන් හට ඉන්ධන ලීටර් 15 ක් ලබා දීමටත් සීසෑමේ කටයුතු සඳහා ලීටර් 20 ක් ලබා දීමටත් කටයුතු කරන බවයි.
එහි දී ගොවීන් සඳහා QR ක්‍රමවේදය අවශ්‍ය නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.




