The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

රනිල් එලවන්න දකුණෙන් කැරැල්ලක් ! - වැලිගම සභාපතිගේ ලිපියට රෝසිගේ ප්‍රතිචාරය මෙන්න

T

The Leader Desk

May 18, 2019 • 4:02 AM

රනිල් එලවන්න දකුණෙන් කැරැල්ලක් ! - වැලිගම සභාපතිගේ ලිපියට රෝසිගේ ප්‍රතිචාරය මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෙහාන් ඩි ජයවික්‍රම මහතාව පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්කලේ මංගල සමරවීර මහතා විසින් බව පවසන එම සමාජ මාධ්‍ය, සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට ගෙන් ඒමට මංගල සමරවීර මහතා කැරැල්ලක් ආරම්භ කර ඇති ද කියා සිටියි.
  • තවත් එවැනි මුහුණු පොතක පිටුවක් සඳහන් වන්නේ වැලිගම සභාපතිගේ ලිපිය අමාත්‍ය සාගල රත්නායක මහතාට එරෙහිව සිදුවූවක් බවයි.
  • ''ඔයාගෙ කතාවෙන් එකක් පැහැදිලියි ඔයා මේ සාගල ඇමතිතුමාව ඉලක්ක කරල මඩ ගහල බලාපොරොත්තු වෙන්නෙ ඊලඟ පාර්ලිමේන්තු මැතිවරනෙන් පාර්ලිමේන්තුවට රිංගගන්න වෙන්න ඇති.
  • විහිලු කරන්න එපා රටට ලෝකෙට ආතල් දෙන්න එපා'' යයි එහි සඳහන් ව ඇත. රෙහාන් කිවේ කුමක් ද ?
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්න ලෙසත්  ඉල්ලා සිටිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබු වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ඩි ජයවික්‍රම මහතාට එරෙහිව වහාම විනය ක්‍රියා මාර්ගයක් ගන්නැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විරසකයක් ඇති කිරීම වැලිගම නගරාධිපති ජයවික්‍රම මහතාගේ ලිපියේ අරමුණ වී ඇතැයි පවසන රෝසි සේනානායක මහත්මිය, එක්සත් ජාතික පක්ෂය එක් එක් පවුල්වල උරුමය සඳහා වෙන්වුණු පවුල්වාදී පක්ෂයක් නොවන බව සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එජාපය මගින් මැතිවරණයකට ඉදිරිපත් කරන අපේක්ෂකයා හෝ අපේක්ෂකයන් තෝරනු ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යටත්ව තේරීම් මණ්ඩලයක් මගින් බවත්, එය කිසිවකුගේ තනි තීරණයක් නොව බවත් පවසන රෝසි සේනානායක මහත්මිය,  වැලිගම සභාපතිවරයා ඔහුගේ ලිපිය මගින් එක්සත් ජාතික පක්ෂය භේද භින්න කිරීමටත් පක්ෂය අපහසුවට පත් කිරීමටත් සූක්ෂවම උත්සාහ දරන බවට චෝදනා කරයි. 

රෝසි සේනානායක මහත්මිය විසින් එජාප මහ ලේකම් වෙත යොමුකර ඇති ලිපිය මෙන්න 




Akila

රෙහාන් ඩි ජයවික්‍රම බළල් අතක් ද ?


වැලිගම නගර සභාවේ සභාපතිවරයා 'ප්‍රතිවාදී දේශපාලන බලවේගයක බළල් අතක් බවට' පත්ව ඇතැයි රෝසි සේනානායක මහත්මිය පවසද්දී අගමැති කාර්යාලයේ මෙහෙයවීම මත පවත්වාගෙන යන සමාජ මාධ්‍ය කිහිපයක සඳහන් වන්නේ ඔහු එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ හා එජාප මාතර දිස්ත්‍රීක් නායක අමාත්‍ය  මංගල සමරවීර මහතාගේ සමීපතම හිතවතකු බවයි.

රෙහාන් ඩි ජයවික්‍රම මහතාව පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්කලේ මංගල සමරවීර මහතා විසින් බව පවසන එම සමාජ මාධ්‍ය, සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට ගෙන් ඒමට මංගල සමරවීර මහතා කැරැල්ලක් ආරම්භ කර ඇති ද කියා සිටියි.

තවත් එවැනි මුහුණු පොතක පිටුවක් සඳහන් වන්නේ වැලිගම සභාපතිගේ ලිපිය අමාත්‍ය සාගල රත්නායක මහතාට එරෙහිව සිදුවූවක් බවයි.

''ඔයාගෙ කතාවෙන් එකක් පැහැදිලියි ඔයා මේ සාගල ඇමතිතුමාව ඉලක්ක කරල මඩ ගහල බලාපොරොත්තු වෙන්නෙ ඊලඟ පාර්ලිමේන්තු මැතිවරනෙන් පාර්ලිමේන්තුවට රිංගගන්න වෙන්න ඇති. විහිලු කරන්න එපා රටට ලෝකෙට ආතල් දෙන්න එපා'' යයි එහි සඳහන් ව ඇත. 


රෙහාන් කිවේ කුමක් ද ?


අනාගත ජනාධිපතිවරණයක් පෙනී පෙනී තිබෙනා මෙවන් මොහොතක පක්ෂයේ සහ රටේ අනාගත සුභ සිද්ධිය උදෙසා අමාත්‍ය සජිත් ප්‍රේමදස මහතාට පක්ෂ නායකත්වය බාර කල යුතු අවස්ථාව උදා වී ඇති බවත් තමන් ඉදිරිපත් කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු අපේක්ෂාව බවත් රෙහාන් ඩි ජයවික්‍රම මහතාගේ ලිපියේ සදහන් වේ.

අදාල ලිපිය පහතින් ...


ගරු රනිල් වික්‍රමසිංහ 
අග්‍රාමාත්‍ය 
අරලිය ගහ මන්දිරය 
කොළඹ 03.

ගරු නායකතුමනි,

තෙවෙන පරම්පරාවේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයකු ලෙස මම ඔබට ලියමි. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ ඉතාමත් ගෞරවනීය නායකයන් වන මගේ සීයා වන මේජර් මොන්ටි ජයවික්‍රම සහ ජෙනරාල් රන්ජන් විජේරත්න ඔවුන්ගේ රටට වැඩ කළහ. ජෙනරාල් රන්ජන් විජේරත්න මහතා පක්ෂයේ මහලේකම්වරයා පමණක් නොව, ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා වඩාත් ඵලදායී ආරක්ෂක අමාත්‍යවරුන්ගෙන් එක් අයකු වන අතර අපේ එකම ආරක්ෂක අමාත්‍යවරයා රාජකාරියේ දී මරා දමනු ලැබීය. ඔවුන්ගේ උරුමයට ගරු කිරීමක් ලෙස, තවත් පමා නොවන කටයුතු කළ යුතු ය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගත කෙරුණු තරුණ වියේ සිට මගේ දේශපාලන අභිමතාර්ථය වූයේ දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වීමටයි. මගේ මුතුන් මිත්තන් මෙන් මා වැලිගම හා මගේ රටට සේවය කිරීම මාගේ අභිමතාර්ථය කරගත්තේය . මගේ ප්‍රාථමික පාසැල් මිතුරන් වෙනත් ළමා පොත් කියවමින් සිටියදී, මම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අධ්‍යනය කලෙමි. ඒ මාගේ වියෝවූ සුළු පියා වූ මනෝ විජේරත්නගෙන් ලබා ගෙනය.

2018 වර්ශය්දී, 20 වසරක් සපිරෙන තැන වැලිගම නියෝජනය කරමින්, මා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඉන් පසුව 81% ක් ලබාගත් අතර, ඕනෑම අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම දිවයින ප්‍රතිශතයක් ලබාගත් අතර වැලිගම නගර සභාවේ සභාපතිවරයා ලෙස පත් විය. මෙම ජයග්‍රහණය ලබා ගත හැකි වූයේ මගේ දිස්ත්‍රික්ක නායකයා වූ ගරු මංගල සමරවීර මහතාගේ සහයෝගයෙනි.

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ මාගේ ඡන්ද කොට්ඨාසයට සේවය කිරීම මා ප්‍රතිඥා දී ඇත. වැලිගම එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම රට වට සිටින ජනතාවද, අපේ පක්ෂයේ ඊළඟ පරිච්ඡේදය ආරම්භ කිරීමට, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගරු සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට කාලය එළඹ ඇති බව විශ්වාස කරමි. පක්ෂ නායකයන් හට මම ප්‍රසිද්ධියේ විරුද්ධ වුවහොත් මා පක්ෂයෙන් නෙරපා දැමීමට ඇති හැකියාව ගැන පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් මා හට අනතුරු ඇඟවුවෙමි. අතීතයේදී මේ සඳහා වෙනත් අය පක්ෂයෙන් නෙරපා ඇති බවටද මා හට අනතුරු ඇඟවීය. විජේරත්න සහ ජයවික්‍රම යන පෙළපතින් පැවත එන්නෙක් ලෙස, විශේෂයෙන්ම මෙවන් ජාතික අර්බුදකාරී අවස්ථාවකදී, සත්‍යය පැවසීමට සහ එම හේතුව නිසා ඇතිවිය හැකියි ඕනෑම ප්‍රතිවිපාකයකට මුහුණ දීමට මම සූදානම් ව සිටිමි.

ගරු අග්‍රාමාත්‍ය තුමනි, අද අපේ රට ප්‍රහාරයට ලක් වී ඇත. රටේ ජනතාව පීඩාවට පත් වී ඇත. බියෙන් පෙළෙනු ඇත. බෙදී වෙන් වී ඇත. සුළු කාලයකින් අප පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය තීරණය කරන මැතිවරණයකට මුහුණ දිය යුතුයි. අප පක්ෂයේ සියලු වග කිව යුතු සාමාජිකයෙකු දන්නා දෙයක් ඇත. එනම් මෙම මැතිවරණයට මුහුණ දීම සඳහා මේ රටේ පොදු ජනතාවගේ හද ගැසීම, ඔවුන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂා හඳුනා ගත හැකි නායකත්වයක් අපේ පක්ෂයට අවශ්‍ය වනු ඇත.

නායකතුමනි, පක්ෂයක් ලෙස අපි බැට කෑවා ඇති. ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද බොහෝ දේශපාලන නායකයින් – රන්ජන් විජේරත්න, ප්‍රේමදාස ජනාධිපති තුමා, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා – ඔවුන් සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් විය. ගත වූ අවුරුදු 25 තුල පක්ෂය පසුබැසීම් වලට පමණක් ලක් විය. 1989 වර්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කර නොමැත.

ඔබ තුමා ඔබේ දේශපාලන ජීවිතයේ උසස් ස්ථානයක සිටි විට, 2000 හා 2005 ජනාධිපතිවරණ පරාජය වුයේ ඔබට පාලනය කල නොහැකි සාධක නිසාය. එදා සිට අද වන තුරු අපේම කියා ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තරම් වත් ශක්තියක් පක්ෂයට නොමැති විය. මම මෙම ලිපිය ලියන්නේ ඔබත් සමග ඇති අමනාපකමකට වත්, විරුද්ධත්වයකටත් නොවේ. මේ පක්ෂය හෙබවීමට හිමි ඔබගේ කාලය අවසන් වී ඇති බව මම තරයේ විශ්වාස කරන නිසාය.

පක්ෂයේ නායකත්වය, ඔබගේ නියෝජ්‍ය නායක වෙත භාර දීමට ආත්ම ශක්තිය ඇති බව මම අපේක්ෂා කරමි. ඒ සඳහා කාලය පැමිණ ඇත අග්‍රාමාත්‍ය තුමනි,

ගරු සාගල රත්නායක වැනි පුද්ගලයන්ට අපේ පක්ෂයේ මග පෙන්වීම භාර දීම, පක්ෂය අස්ථාවර කර ඇත. ජනාධිපති තුමාට තරම් පුද්ගලික ආරක්ෂක මණ්ඩලයක් සමග දකුණු පළාත පුරා සැරිසරමින්, පක්ෂ නායකත්වය හා අපේ පක්ෂයේ තරුණ දේශපාලන නායකයින් අතර නොසංවේදී කඩුල්ලක් සේ කටයුතු කිරීම, අප පක්ෂයේ දේශපාලන නායකයින්ට ජනතාවට පැහැදිලි කිරීම අපහසු කාර්යයක් වී ඇත. නිහතමානි ලෙස මම අනාවැකියක් පල කරන්නේ නම්, රත්නායක මහතාගේ දේශපාලන ගමන ඔබගේ අනුග්‍රහය නැති වන දවසක අවසන් වන එක නිසැකයි. මාතර ජනතාව බලා සිටින්නේ මීළඟ චන්ධයෙදී ඔහුට මේ බව සනාත කිරීමටය.

මෙම ප්‍රයත්නයට මට සහය ලැබුනත් නො ලැබුනත්, මම මේ මතයේ ම සිටින්නෙමි. මේ නිසා මට අස් වීමට සිදු වුවහොත්, ඒ සඳහා ද මම සුදානම්ය. වැලිගම ජනයාට අවශ්‍ය වී ඇත්තේ අලුත් නායකයෙකි. ඔවුන්ගේ එම අපේක්ෂාවට සහය වන්නට මම බැන්දී ඇත. මක්නිසාද, මම ඔවුන්ගේ සේවකයා වන නිසා ය.

රෙහාන් ඩී. විජේරත්න ජයවික්‍රම 
සභාපති 
වැලිගම නගර සභාව

 

 

leter

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් එලවන්න දකුණෙන් කැරැල්ලක් ! - වැලිගම සභාපතිගේ ලිපියට රෝසිගේ ප්‍රතිචාරය මෙන්න | The Leader