The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

(UPDATE) මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිදහස් : පොලිසියට ප්‍රසංසා

T

The Leader Desk

May 29, 2019 • 4:29 PM

(UPDATE) මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිදහස් : පොලිසියට ප්‍රසංසා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඔහුගෙන් හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවය.
  • මල්වාන ප්‍රදේශයේ අද උදැසන සෝදිසි මෙහෙයුමක් කළ ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ ඔහුගේ නිවසේ තිබී බෝර වර්ගයේ තුවක්කුවක උණ්ඩ 93ක් සොයා ගැනීම හේතුවෙනි.
  • සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් අදාල ස්ථානය පුළුල් පරීක්ෂාවකට ලක් කර ඇති අතර පතුරම් හමු වූ ස්ථානය සම්බන්ධයෙන් අලි හසන් මහතාගේ ඇති ස්ථානිය දැනුමද එහිදී පරීක්ෂා කර ඇත.
  • පතුරම් තිබූ අලි හසන් මහතාගේ නිවස ඔහුගේ බිරිඳගේ පියාට අයත්වූවක් වන අතර ඔහුගේ බිරිඳගේ පියා මීට පෙර බලපත්‍ර සහිත ගිනි අවියක් භාවිත කර තිබූ බවද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ඔහුගෙන් හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවය.

මල්වාන ප්‍රදේශයේ අද උදැසන සෝදිසි මෙහෙයුමක් කළ ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ ඔහුගේ නිවසේ තිබී බෝර වර්ගයේ තුවක්කුවක උණ්ඩ 93ක් සොයා ගැනීම හේතුවෙනි.

සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් අදාල ස්ථානය පුළුල් පරීක්ෂාවකට ලක් කර ඇති අතර පතුරම් හමු වූ ස්ථානය සම්බන්ධයෙන් අලි හසන් මහතාගේ ඇති ස්ථානිය දැනුමද එහිදී පරීක්ෂා කර ඇත.

කෙසේවුවද අලි හසන් මහතාගේ නිර්දෝෂිභාවය සනාථ විමෙන් පසු ඔහුව වහාම මුදාහැරීමට බියගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා විසින් ගත් ක්‍රියාමාර්ගය ප්‍රදේශවාසී මුස්ලිම් ජනතාවගේ ප්‍රසංසාවට ලක්ව තිබේ.

පතුරම් තිබූ අලි හසන් මහතාගේ නිවස ඔහුගේ බිරිඳගේ පියාට අයත්වූවක් වන අතර ඔහුගේ බිරිඳගේ පියා මීට පෙර බලපත්‍ර සහිත ගිනි අවියක් භාවිත කර තිබූ බවද වාර්තා වේ.

අලි හසන් මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'ද ලීඩර්' අද දහවල් අලී හසන් මහතාගේ පුත්‍රයකු ගෙන් කළ විමසීමකදී පැවසුයේ, ආරක්ෂක අංශ විසින් අද උදැසන මල්වාන ප්‍රදේශයේ නිවෙස් සොදිසිකල අවස්ථාවේදී සිය නිවසේ සිවිලිමේ තිබි බෝර තුවක්කුවක උන්ඩ සොයාගත් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසිය.

'' මේ ගෙදර අපේ සීයාගේ. අම්මගේ තාත්තගේ. අපේ සීයාට බෝර තුවක්කුවක් තිබිලා තියනවා. 88-89 භීෂණ කාලයේ සියා ඒ තුවක්කුව පොලිසියට බාරදීලා. දැන් සියා මියගිහින් වසර 17කට වැඩියි. අපේ තාත්තා මේ නිවසට ඇවිත් තියන්නේ පස්සේ කලෙක, අම්මව බැන්දට පස්සේ.

සියා ඒ තුවක්කුවට අදාල උණ්ඩ වහලේ සඟවලා තිබුනා කියලා අපි කව්රුවත් දැනගෙන හිටියේ නැහැ. අද උදේ අපේ මාමලා ඇවිත් ආරක්ෂක අංශවලට කීවා සීයාට තුවක්කුවක් තිබුනා එක පොලිසියට බාරදුන්නා කියලා. තාත්තා ඒ කියනකොටත් ඒ ගැන දැනගෙන ඉඳලා නැහැ.

අපි ආරක්ෂක අංශවලට කිවා මේවා අලුත් උණ්ඩ ද ? පරණ උන්ඩ ද කියලා හොයා බලන්න කියලා. අපේ පවුලේ කිසිවකුත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ. ''

මුදල් අමාත්‍යාංශ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අත්අඩංගුවට ගැනීමේ ඇත්ත කතාව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...