The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉරාන් ගෙන් රනිල්ට ටොක්කක් ! -''පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ'' (VIDEO)

T

The Leader Desk

May 24, 2019 • 3:34 AM

ඉරාන් ගෙන් රනිල්ට ටොක්කක් ! -''පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ'' (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි.
  • අපි ඇතුල බලන්න ඔනේ හෘද සාක්ෂියෙන් අහන්න ඔනේ.
  • රටේ අර්බුදයට බලපා ඇති මුලික කරුණ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැහැදිලි කරද්දී “රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක් මහතා ද එම කාරණය අවධරණය කර තිබේ.
  • ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදී නිලන්ත ඉලන්ගමුව මහතා සමග කළ සාකච්ජාවකදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි.

''අපි ගිහිල්ලා හැමතැනම කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන රටේ තියෙන්න ඔනේ කියලා කැකෝ ගහනවා. කෝ පක්ෂ තුළ නැහැනේ. සාමාන්‍ය පුද්ගලයෙකුට එන්න පුළුවන්ද? මම අහඹුවෙන් ආවේ. සාමාන්‍ය කෙනෙකුට එන්න බැහැ. උගත් පරම්පරාවකට එන්නත් බැහැ.

තාත්තගෙන් පස්සේ එක්කෝ දුව හරි පුතාව දානවා, නැත්නම් නෑදෑකෙනෙක්ව දානවා. පාර්ලිමේන්තුවේ බැලුවොත් වැඩිපිරිසක් ඉන්නේ ඒ ප්‍රමාණයෙන් ආපු අය.

උගත් තරුණ අය ඉන්නවා, බුද්ධිමත් තරුණ අය ඉන්නවා. අත්දැකීම් තියෙන මිනිස්සු ඉන්නවා ඒ අයට එන්න පුළුවන් විදිහට මේකේ දේශපාලන ක්‍රමවේදයත් වෙනස් වෙන්න ඔනේ.

ඊලඟට එක්සත් ජාතික පක්ෂයේ නායකයාවත් මේ එක්කෙනෙක් අනික් එක්කෙනාට දෙන එක හරියන්නේ නැහැ. අපි ඇතුල බලන්න ඔනේ හෘද සාක්ෂියෙන් අහන්න ඔනේ. අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමයි අපේ රජයයි අගමැති තුමයි එකට වැඩ කරන්න ඔනේ. ඒකේ දෙකක් නැහැ.

මේව තේරුම්ගන්න පුළුවන් නායකත්වයක් තියෙන්න ඔනේ. මම කතාකරන්නෙ එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන නෙවෙයි. මම කතාකරන්නේ රටේ නායකත්වය ගැන. රටේ දේශපාලන නායකත්වය ගැන.''

 

රටේ අර්බුදයට බලපෑ ප්‍රධාන හේතුව ?

jonah blank.1 

රටේ අර්බුදයට බලපා ඇති මුලික කරුණ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැහැදිලි කරද්දී “රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක් මහතා ද එම කාරණය අවධරණය කර තිබේ.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදී නිලන්ත ඉලන්ගමුව මහතා සමග කළ සාකච්ජාවකදීය.

එම සාකච්ජාවේදී ඔහු ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් හා අනාගතයේදී එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් වලක්වා ගැනීමට අදාළ විය හැකි යෝජනා කිහිපයක් ඉදිරිපත් කරයි. එම මුලික යෝජනා පහත පරිදිය.

1. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන කඹ ඇදිල්ල ඉවරයක් කරන්න. රටේ ඉන්න ඉහළම දෙන්නා කුලල් කා ගන්නකොට, රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ඒ දෙන්නා සහතික කරන්නේ කොහොමද? අත්‍යාවශ්‍යම නම් මැතිවරණ තියන්න. එහෙම නැත්නම්, දෙන්නාට එකට වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න.

2. ප්‍රති-ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳ බුද්ධි තොරතුරු බෙදා ගැනීමට වෙනත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. මේ සැරේ වුණේ ඉන්දියාවෙන් ලැබිච්චි තොරතුරු මත කටයුතු නොකිරීමයි. මේ අංශය ගැන ඉන්දියාවට විශාල තොරතුරු සම්භාරයක් තියෙනවා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ වෙනත් රාජ්‍යයන්ටත් එහෙම බුද්ධි තොරතුරු තියෙනවා.

3. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සමග එකට වැඩ කරන්න. මීට කලින් ලංකාවේ ත්‍රස්ත-විරෝධී සහ කැරලි-විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව හොඳ එකක් නෙවෙයි. ආණ්ඩුවේ දරුණු ක්‍රියාකාරකම් නිසා දෙමළ ජනතාව එදා ආණ්ඩුවට අහිමි වුණා. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජනතා පදනම ශක්තිමත් වුණා. ඒ කැරලිකාරී/ත්‍රස්තවාදී කණ්ඩායමේ ශක්තියත් තර වුණා. ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව සම්බන්ධයෙන් කරපු ඒ වැරැද්ද මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් මෙවර නොකළ යුතුයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...