දූෂණ චෝදනා ලැබූ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවස ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය විසින් අද (4) උදෑසන වටලා තිබේ.


ඒ අනුව, ෆෙඩරල් ආයතනවල ප්‍රශ්න කිරීමට ලක්වූ මීළඟ පක්ෂ නායකයා වන්නේ දිල්ලි අගනුවර ආම් ආද්මි පක්ෂයේ (AAP) සන්ජේ සිං ය.  

දිල්ලියේ මත්පැන් අලෙවිකරණ ප්‍රතිපත්තියට සම්බන්ධ, මුදල් විශුද්ධිකරණ චෝදනාවකට අදාළව බලධාරීන් විසින් මෙම විමර්ශන සිදු කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.  

දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ද මෙවැනිම වූ දුෂණ චෝදනා මත ඉකුත් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගැනුණි. 

පාලිත භාරතීය ජනතා පක්ෂය (BJP) "අපිරිසිදු දේශපාලනයේ" නිරත වන බවට චෝදනා කරන ආම් ආද්මි පක්ෂය (AAP), තමන් වෙත එල්ල කෙරෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර යි.

දුෂණයට එරෙහි ව්‍යාපාරයක් ලෙස මීට වසර 10කට පමණ පෙර මතුවී පැමිණි ආම් ආද්මි පක්ෂය (AAP) මූල්‍ය දුෂණ චෝදනා මත ප්‍රශ්න කිරීමට ලක්වීම, එම පක්ෂයට දැඩි සේ බලපාන කාරණයකි.  

මෙම චෝදනාවට සම්බන්ධ ආම් ආද්මි පක්ෂයේ (AAP) අනෙකුත් දේශපාලකයන් ද සෝදිසි කිරීමට ලක් කරන බව බළධාරීහු පවසති.

මෙම විමර්ශන කටයුතු පළමු වරට ආරම්භ කෙරුනේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට ය. 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්