යුක්රේන ආක්‍රමණයට එරෙහිව රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දී හඬ නැඟූ රුසියානු ජාතික මාධ්‍යවේදිනියකට මොස්කව් අධිකරණය විසින් වසර 8.5ක සිර දඬුවමක් නියම කර තිබේ.


මරිනා ඔව්සියන්නිකෝවා නම් 45 හැවිරිදි මාධ්‍යවේදිනිය, රුසියානු හමුදා පිළිබඳව "දැනුවත්ව ව්‍යාජ තොරතුරු බෙදා හැරීම" යන චෝදනාවට වරදකරු වී ඇත.

නිවාස අඩස්සියේ තබා සිටිය දී, ඇය සිය දියණිය රැගෙන රුසියාවෙන් පලා ඇවිත් තිබුණේ ඉකුත් වසරේ දී ය. තමන්ට එල්ල වන චෝදනා "විකාර" සහගත බව ඇය පවසයි.

රුසියාව යුක්රේනයට එරෙහිව පූර්ණ මට්ටමේ ආක්‍රමණයක් දියත් කළේ 2022 පෙබරවාරි මාසයේදී ය.

 128596961 mediaitem128596960මරිනා ඔව්සියන්නිකෝවා

මරිනා, ඇය සේවය කළ, රුසියානු රජයේ රූපවාහිනී නාලිකාවක් වන Channel One හි ප්‍රවෘත්ති මැදිරියේ සිට සජීවීව විකාශය කෙරෙමින් පැවති ප්‍රවෘත්ති ප්‍රකාශය අතර මැදට "යුද්ධයක් නැත, යුද්ධය නවත්වන්න, ප්‍රචාර විශ්වාස නොකරන්න, ඔවුන් ඔබට මෙහි බොරු කියනවා," යනුවෙන් සඳහන් විරෝධතා පුවරුවක් රැගෙන පැමිණ විරෝධතාවයේ නිරත වූයේ 2022 වසරේ මාර්තු මසදී ය.       

මරිනා ඔව්සියන්නිකෝවා රුසියාවෙන් පලාවිත් මේ වනවිට සිටින ස්ථානය ගැන කිසි සඳහනක් නැත. 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image