ඊසාන දිග ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ ඇතිවූ ඇතිවූ හදිසි ගංවතුර තත්වය නිසා අතුරුදහන් වූ හමුදා සාමාජිකයන් 23දෙනෙකු ඇතුළු පුද්ගලයින් 102දෙනෙකු මුදා ගැනීම සඳහා

ඉන්දීය බලධාරීන් කාලයට එරෙහි සටනක නිරතව සිටියි.

හිමාලයානු ග්ලැසියර විලක ඉවුරු කඩා වැටීම නිසා ඇතිවූ මහා ගංවතුරින් පුද්ගලයින් 14දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.    

3000කට අධික සංචාරකයින් සංඛ්‍යාවක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල සිරවී සිටින බව බලධාරීහු පවසති.

ප්‍රාන්තය පුරා සෝදිසි සහ ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය සිය ගණනක් යොදවා ඇත.

ඉකුත් බදාදා(4) ප්‍රාන්ත මහ ඇමති ප්‍රේම් සිං තමන්ග් ඇමතු අගමැති නරේන්ද්‍ර මෝදී හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට සහතික කර තිබේ. 

අඟහරුවාදා (3) රාත්‍රියේ අධික වර්ෂාපතනය නිසා හොනාක් නම් විලෙහි ඉවුරු බිඳී ගොස් තිබුණු අතර එය ලචෙන් නිම්නයේ තීස්තා නම් ගඟෙහි ජල මට්ටම සිඝ්‍රයෙන් ඉහළ දැමීමට හේතු වී තිබුණි.

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්