ඉරාන සිනමාවේ පුරෝගාමී අධ්‍යක්ෂවරයෙකු වූ දයිරුෂ් මෙහ්ර්ජුයි සහ ඔහුගේ බිරිඳ සිය නිවස තුළ මරා දමා සිටිය දී සොයාගෙන තිබේ.

83 හැවිරිදි සිනමාකරු සහ ඔහුගේ බිරිඳ වහිදේ මොහොමදිෆර් පිහි ඇනුම් තුවාල සහිතව, ඉරාන ටෙහෙරාන් අගනුවර ආසන්නයේ පිහිටි තම නිවස තුල මියගොස් සිටිය දී ඉකුත් සෙනසුරාදා(14) සවස සොයාගත් බව යි එරට බලධාරීන් නිවේදනය කරන්නේ.

දයිරුෂ් මෙහ්ර්ජුයි ජනාදරයට පාත්‍ර වී ඇත්තේ ඉරාන නව රැල්ලේ සිනමාවේ පුරෝගාමියකු ලෙසිනි.

එරට මාධ්‍ය වාර්තා අනුව මරණයට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනකු හඳුනාගෙන ඇත.

තිර රචිකාවක් මෙන්ම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වන වහිදේ මොහොමදිෆර් තමන්ට ජිවිත තර්ජන එල්ල වන බවට කිහිප වරක්ම පැමිණිලි කර ඇති අතර ඔවුන්ගේ නිවස ද කොල්ලකා තිබුණි. 

ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබා ප්‍රංශයේ පස් වසරක් දිවි ගෙවූ දයිරුෂ් මෙහ්ර්ජුයි, ඉරාන මෙන්ම ලෝක සිනමාවේ කැපී පෙනෙන සිනමාකරුවකු බවට පත්වන්නේ 1969 දී ඔහු අධ්‍යක්ෂණය කළ The Cow නම් සිනමාපටය ඔස්සේ ය. 

Hamoun, The Pear Tree සහ Leila ඔහුගේ සෙසු සම්මානිත  සිනමා නිර්මාණ වේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්