අද (25) රාත්‍රියේ ඉන්ධන අවසන් වන බවට එක්සත් ජාතීන් අනතුරු ඇඟවීමත් සමඟ ගාසා තීරයේ රෝහල් කිහිපයක ඇතැම් සේවා නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන සංචිත ක්‍රමයෙන් අවසන් වීම නිසා හදිසි ප්‍රතිකාර සේවා අංශ ද පවා පවත්වාගෙන යාම අසීරු වී ඇති බවත් සමහර රෝහල්වල හදිසි සේවා හැර අනෙකුත් සියලුම සේවාවන් වසා දමා ඇති බවත් වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කර යි.   

ගාසා තීරයේ විශාලතම ආධාර සැපයුම්කරු වන එක්සත් ජාතීන්ගේ සහන ආයතනය UNRWA ඊයේ (24) දිනයේ අනතුරු අඟවා තිබුණේ ඉන්ධන නොලැබී ගියොත් ගාසා තිරයේ මානුෂීය සහන මෙහෙයුම් අද රාත්‍රියේ පටන් නවතා දැමීමට සිදුවන බවයි.

UNRWA සිය නිළ X (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමේ පණිවිඩයක් තබමින් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබුණේ ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම සඳහා ලොව පුරා රටවල් සටන් විරාමයක් ඉල්ලා සිටින අවස්ථාවක දී ය.

750ff18e a47e 4fc6 a198 f78de45a0fe5
අනෙකුත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ඇස්තමේන්තු කර ඇත්තේ අලාභ හානි හෝ ඉන්ධන හිඟය නිසා ගාසා තීරයේ රෝහල්වලින් තුනෙන් එකක් වසා දමා ඇති බවයි. 

කෙසේ වෙතත් ගාසා තිරයේ ඉන්ධන ටැංකි විශාල ප්‍රමාණයක සැටලයිට් ඡායාරූපයක් පළ කරමින් ඊශ්‍රායල හමුදා චෝදනා කර සිටින්නේ හමාස් සටන්කාමින් විසින් ඉන්ධන තොග රැස් කරගෙන සිටින බවයි.

"ටිකක් දෙන්න පුළුවන් ද කියලා හමාස් ගෙන් අහන්න," UNRWA පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් ඔවුන් පවසා තිබුණි. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්