ළමා මරණ 200කට වැඩි සංඛ්‍යාවකට වගකිවයුතු කැස්ස පැණියක් නිෂ්පාදිත ඉන්දුනීසියානු සමාගමක හිමිකරු සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට එරට අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කර තිබේ.  

 

ඔවුන්ට වසර දෙකක සිර දඬුවමක් සහ ඉන්දුනීසියානු රුපියල් බිලියන එකක (ඇමරිකානු ඩොලර් 63,056) දඩයක් නියම විය.

විෂ සහිත ද්‍රව්‍ය අතිරික්ත වශයෙන් අඩංගු කැස්ස සිරප් නිෂ්පාදනය කරන බවට ඉන්දුනීසියාවේ Afi Farma නම් සමාගමට චෝදනා එල්ල විය.

Afi Farma සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අරීෆ් ප්‍රසේත්යා හරහප් ට වසර 9ක සිරදඬුවම් සහ අනෙකුත් විත්තිකරුවන්ට වසර 7 බැගින් වූ සිර දඬුවමක් රජයේ නීතිඥවරු විසින් ඉල්ලා තිබුණි.

අදාළ සමාගම විසින් කැස්ස පැණිය නිෂ්පාදනයේ දී භාවිතා කරන අමුද්‍රව්‍ය පරීක්ෂාවට ලක් නොකර ඒ වෙනුවට සැපයුම්කරුගේ තත්ත්ව සහ ආරක්ෂක සහතික මත විශ්වාසය තබා ඇති බව රජයේ නීතිඥවරු චෝදනා කර ඇත.

ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ඖෂධ වර්ග චේතාන්විතව නිෂ්පාදනය සම්බන්ධයෙන් විත්තිකරුවන් සිව්දෙනා වරදකරුවන් බව නැගෙනහිර ජාවා හි කෙදිරි දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයා විසින් තීන්දු කර තිබේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්